SQL Table Data with Controls
වටිනාකම
- බුද්ධකාලයක් නොවන අවස්ථාවක් සිහිපත් කරමු.
- නුවණැත්තෙකුට, නුවණැත්තන් පිරිසකට ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, දුක යනාදිය හඳුනාගත හැක.
- පසේ බුද්ධත්වය නොවුණහොත්, මිදීමට දරන උත්සාහය නොයෙකුත් දෘෂ්ටි වේ.
- උදාහරණ ලෙස, විශ්වය තුළ යම් තැනක, කාලය තුළ හෝ කාලයේ ගෙවීම තුළ, දුක් විඳීම හෝ නොයෙකුත් ක්‍රියා පටිපාටින් තුළ විමුක්තිය ඇතැයි විශ්වාස කරනු ඇත.
- කල්ප ගණන් අදාල දෘෂ්ටි තුළ හිරවෙමින් කාලය ගත කර, නොයෙකුත් ආකාරයෙන් දුක් විඳ විමුක්තිය ලබා ගැනීමේ වෑයමක් ලෙස බොහෝ විධාවට පත්වනු ඇත.
- "නොඉපදීම තුළ විමුක්තිය ඇත" යන බුද්ධ වචනය පමණක් සැලකුවහොත්, සත්වයා ඉහත පරිදි දුක්නොවිඳුනු ඇත. එයින් සත්වයා තුළ දුරුවන දුක ප්‍රමාණ කල නොහැක.
- එම වචන කිහිපය තුළ සාර අසංකෙයිය කල්ප ලක්ෂයේම පාරමිතා ශක්තිය ගැබ්ව පවතී.
- එය අපට වචන කිහිපයක් ලෙස පෙනුනද එම ප්‍රකාශය සඳහා විශ්වයම පිළිසිඳ දැකගත යුතුය. හොඳින් විදර්ශනා කර බලන්න
ගල
- ගංගා ආදියෙන් හමුවන ගලක බොහෝ ස්ථාවර මුහුණත් පෙන්වයි. (රවුම් මුහුණතක් හෝ වක්‍රාකාර ස්වරූපය)
- මෙසේ සිදුවී ඇත්තේ ගල තාඩන පීඩන බිඳවැටින් ආදී බොහෝ උවදුරයන්ට ලක් වූ බැවිනි.
- ධර්ම මාර්ගයද එලෙසමය, කොපමණ තාඩන පීඩන ගැරහීම් පැමිණේද, විශේෂයෙන් ධර්මයෙන් සන්නද්ධ හිතක්, මනාව ස්ථාවර බවට පත්වෙයි. තව තවත් ධර්මය ප්‍රත්‍යක්ෂ වේ.
- එම නිසා තම ජීවිතයට පැමිණෙන තාඩන පීඩන ගැරහීම් කමටහනක් කර ගනිමින් ප්‍රතිපදාවේ හැසිරෙන්න......
පැහැදිලි කිරීම
- ඔබගේ අදහස් දැක්වීම අගය කරමු.
- අදහස වූයේ "අයවීමක් ඇත්නම් වැයවීමක් තිබිය යුතුය. වැයවීමක් නොමැති අයවීමක් රැවටීමක් විය හැකිය" යන්නයි
- පිළිතුරු අදහසෙහි ඇති වරදක් නැත.එහි අරමුණු ගත විදර්ශනාව අනුව එය නිවැරදිය.
- ලෝකය තුළ ඇති දේ සියල්ල දෘෂ්ටීන් වන අතර සම්මා දෘෂ්ඨිය වඩා නිවැරදි දෘෂ්ටිය වන්නේය.
- ලෝකය තුළ පවතින යම් ධර්මයක් මතු කර ගැනීමට උපකල්පන කිහිපයක් මත සිටිමින්, ලෝකය තුළින්ම උදාහරණ කිහිපයක් ලබා ගනිමින් ධර්මයක් මතුකර ගැනීමට උත්සාහ දැරීම ඥානවන්ත ක්‍රියාවකි.
- තවදුරටත් විශේෂණය කරන්න...
වස්තුව සහ ප්‍රතිබිම්බය
- ඇතිවන සියල්ල තම අභ්‍යන්තරයේම හටගනී..
- උදාහරණයක් ලෙස, බනිස් ගෙඩියක් අයෙක් භුක්ති විඳ ඇත්නම්, තව කෙනෙකුට භුක්ති විඳීමට ඉඩකඩ නැත, එය වැය වී ඇත.
- බාහිර ඇති ගසක් බොහෝ පිරිසක් දකින අතර අවශ්‍යය නම් තවත් පිරිසකට එය දැකගත හැක.
- එනම් එහි වැයවීමක් සිදුවී නැත. වැයවීමක් නොමැති භුක්තිය යනු යම් මායාකාරී ස්වභාවයකි. භුක්ති විද ඇත්තේ හුදෙක් ප්‍රතිබිම්බයක් පමණි.
- තවද වැය නොවූ දෙයක් භුක්ති විඳිය නොහැක. එනම් අප භුක්ති විඳ ඇත්තේ වස්තුව නොව, අභ්‍යන්තරයේම සකසා ගන්නා ලද ස්වභාවයකි.
- අන්තර්ගතය හිස් ස්වාභාවයකි. මෙය පැවැත්ම පිණිස ඇති ලෝක ධර්මතාවයකි. මුලාවකි.
- ගැඹුරු විදර්ශනාවකට මඟ පාදන ඉහත කරුණු හොඳින් විශ්ලේෂණය කරන්න...
මයිනහම
- අතීතයේ කම්හල් වල මයිනහම හුළං ලබාදෙමින් ගිනි අඟුරු පණ ගැසීම සඳහා යොදා ගත් උපකරණයකි.
- සුළං ලැබෙනතුරු ගිනි අඟුරු තව තවත් ගිනියම් වන අතර සුළං නොලැබෙන විට එහි ශක්තය ක්‍රමානුකූලව අඩුවේ.
- අපගේ ශරීරය ද මයිනහමක් මෙන් නිරතුරුවම හුස්ම අඳිමින් පිටකරමින් පණ ගැසීම සිදුවේ.
- හුස්ම ගැනීම පිට කිරීම දුර්වල වුවහොත් ශරීරය අප්‍රාණික වේ. මරණය සිදුවේ.
- දිවා රාත්‍රී නිරතුරුව හුස්මෙන් පණ පෙවෙන මෙම ජීවිතය බොහෝ දුර්වලය. නිරතුරුව පණ ගසන මෙම ජීවිතය මයිනහමක් වැනිය.
- හුස්ම පවතින තුරු පවතින්නේය. නතර වූ විට බිඳෙන්නේය.
- මෙහි තතු දැනුණු විට කුමන මාන්නයක් ද ? කුමන වටිනා කමක් ද ?
- මෙහි වටිනාකම මයින හම නොඉක්මවන්නේය.
- එක් හුස්මක ශක්තියෙන් මොහොතක් ජීවත් වෙයි. එය පුනරාවර්තනය වෙමින් ජීවත්වීම සිදුවේ. ඕනෑම මොහොතක මියයෑම ද ඒ තුළ අඩංගු වේ.
- ජීවිතයේ නොවටිනා බව, නිස්සාර බව වටහාදීම සඳහා කමටහනක් කර ගන්න...
ගංගාව සහ ද්වයතාවය
- ගඟකින් නොයෙකුත් ප්‍රයෝජන ඇත. ධර්ම මාර්ගය සඳහාද අගනා ප්‍රයෝජන ඇත.
- ගඟ හුදකලාව ගලා බසි.
- පුද්ගලයෙක් ගඟ අසලට ගිය විට, ඉහළ දෙස බලන විට එන ලෙසත් පහළ දෙස බලන විට යන ලෙසත් ද්වයතාවයක් හට ගනී.
- එන යන බව පුද්ගල පැමිණීමත් සමග සිදුවූ දෙයකි.
- ද්වයතාවය පුද්ගල පැමිණීමට පෙර තිබුණේ නැත. තවද පුද්ගල පැමිණීමට පෙර නොතිබුනේ ද නැත.
- පැමිණීම නිසාම හටගත්තේ මිස නොපැමිණීම ඔස්සේ හට නොගනියි.
- තවද එන බවක් නොමැති යෑමක් නැත, යන බවක් නොමැති ඒමක් නැත. හේතු ප්‍රකාරව අන්ත දෙක එක විට එකවර හටගනී. එක විට නිරුද්ධවේ.
- ජීවිතය නමැති ගංගාවේහි ඉවුරෙහි නොරැඳෙමු. ද්වයතාවය දුරු කරමු.
නැවතීම
- කලකිරීම නැවතීමට ඉතා හොඳ ආරම්භයක් ලබාදේ.
- නමුත් අඛණ්ඩ වීරිය, ධර්මශ්‍රවණය මෙන්ම උපක්‍රමශීලීත්වය, ගුණ, ආදී ආදිය හොඳින් ප්‍රගුණ කළ යුතුය.
- නැවැත්මට පෙර, පැවැත්ම සහ නැවැත්ම අතර වෙනස හොඳින් වටහා ගත යුතුය.
- නැතහොත් ප්‍රතිපදාවද කළුවා මාරපන් යෑමක් සේ විය හැක.
- ජීවිතය සමබර විය යුතු අතර සමාජය තුළ අමුතු චරිතයක් නොවිය යුතුය. එසේ වුවහොත් එයද ධර්ම අවබෝධයේ යම් අඩුවක් විය හැක.
- එදිනෙදා පැවැත්ම ධර්මානුකූල රාමුවකට යොමු කළ යුතුය. එවිට ප්‍රතිපදාව ඉතා පහසුවනු ඇත.
- සෑම දිනකම ඉන්නා තැනින් ඉහලට පත්වීම සඳහා වීරිය කරන්න. දිනෙක ඔබ පතන සැනසීම එලෙසම වනු ඇත...
කන්නාඩිය
- දර්පණ ප්‍රතිබිම්බයෙහි තිරිසන් ආදී සත්වයන් මුළාවූවත් මනසින් උසස් මිනිසුන් මුලා නොවන්නේ යාන්ත්‍රණය දන්නා බැවිනි.
- මෙසේ සත්වයන් මුලාවට පත්වුවත් ප්‍රතිබිම්බය
- -ස්පර්ශ කළ නොහැකිය,
- -එයින් හඬක් ද නැත
- -ගඳ සුවඳක් නැත
- -රසයක් දැනෙන්නේද නැත
- හුදෙක් වර්ණ සමූහයකි
- මෙවන් වූ මුලාවක් මිනිසුන්ටද තිබේ..
- පෙනුන, ඇසුන, දැණුන, හැඟුන පමණකින් සත්ව පුද්ගල බවක් නිගමනය නුවණෙහි ඇති මඳකමකි.
- අඩුම තරමින් පාලනය කළ හැකි, වෙනස් නොවන, දුක් සහිත බව නැති ආදී,
- ලෙඩ නොවන, මරණයට පත්නොවන, ජරාවට පත්නොවන ආදී ලක්ෂණවත් ඇත්නම් අවම වශයෙන් පුද්ගලභාවය ප්‍රකාශ කිරීම සාධාරණ යැයි සිතිය හැක.
- විවිධ සම්බන්ධකම් සහිතව ක්‍රියාත්මක වන හේතුවක ඵලයක යාන්ත්‍රණයක් නැතහොත් හේතුඵල ස්වභාවයක් මෙහි ගැබ්ව පවතී.
- තමා තුළ ඇතිවන සිතිවිල්ලක් පවා හේතුවක ඵලයකි.
- මෙය පොදු යාන්ත්‍රණකි. සෑම සත්ත්වයාටම පොදු වූ රාග ද්වේශ මෝහ ලෙස කෙලෙස් ස්වභාවයන් සමාන වන්නේ ඒ හෙයිනි.
- නොයෙකුත් අත්හදා බැලීම් කරමින් මනසේ ස්වභාවය වටා ගන්න. ඔබ කවරෙක්දැයි ඔබම සොයාගන්න...
දිවීම සහ දැවීම
- ඉපදුන දා සිට නොයෙකුත් අරමුණු ගනිමින් ඒවා පසුපස දිව්වේ වෙමු.
- අරමුණු වෙනස් වූවා මිස, Target අලුත් වූවා මිස දිවිල්ල නතර වූයේ නැත..
- අරමුණක් නැතිනම් අරමුණක් නැති බව හෝ අරමුණක් කර ගැනීම මනසේ ස්වභාවයයි.
- අරමුණ විය යුත්තේ සිත අරමුණු ගන්නා ස්වභාවය හඳුනාගැනීමයි.. එය දිවීම නතර කිරීමේ හොඳම ආරම්භයයි..
- පුද්ගල ස්වභාවය ක්ෂය වීම මගින් දිවීම මන්දනය වේ. අරමුණු හඳුනාගැනීමේ ස්වභාවය අරමුණ බවට පත්වෙයි.. එය දිවීම සහ දැවීම දුරුවීමේ ආරම්භයයි...
- නොපසුබට උත්සාහයෙන් ප්‍රතිපදාවේ නිරත වෙන්න. අඛණ්ඩත්වය පවත්වාගන්න.
- නිර්වාණය බොහෝ දුරක, ඈතක නොවේ...
නිරෝගීකම
- සෑම ලෞකිකයක්ම නිරෝගීකම කෙළවර වන තුරුය..
- කාමයන් පසුපස හඹා යන මිනිසුන් නිරෝගීකම නැති වූ විට මහත් සේ පීඩාවට පත්වේ, කනස්සල්ලට පත්වෙයි..
- නිරෝගී කමද අතීතයේ එක්තරා හේතුවක ප්‍රතිඵලයකි.. ධර්මයට ආයෝජනය බොහෝ ආනිසංස වේ..
- මතක තබා ගන්න, නිරෝගීකම සැමදාම නොපවතී. ධර්මාවබෝධයට ද ඉතා වැදගත් කාරණයකි.
- නීරෝගී කම ඇතුළු සියල්ල සම්පූර්ණ වූ මේ මොහොතේ ඉතා ඉක්මනින් නිවන් දැකීමට උක්ත වූ කටයුතු සිදුකළ යුතුය...
මතකය
- නිරතුරුව සිතෙහි නැඹුරුව ඇත්තේ සසරටය.. . සසර ගමනට යම් හේතුවක් හැදෙනවා නම් එම ක්‍රියාව වැරැද්දක්ය.
- සසර ගමන වැළැක්ම පිණිස යම් ක්‍රියාවක් හේතු වෙනවා නම් ඒය නිවැරැද්දක්ය. මේ වැරැද්දේ සහ නිවැරැද්දේ නිරුක්තියයි.
- වැරැද්දක් කිරීමට වැඩිවෙලාවක් නොයන අතර එයට තමා තුළ දැඩි කැමැත්තක්ද පවතී. සසර පුරුද්ද ද එය බැවිනි.
- නමුත් එය මැරෙන මොහොත දක්වා මතකයෙහි රැඳීම ඉතා බරපතල කාරණයකි.. එම මතකය රිය සක ලෙස මිටින් විට මතුවෙමින් පසුපසම හඹා එයි....
- මරණ මොහොතේදී එම කාරණය එළඹුනහොත් සිදුවන්නේ විනාශයකි. මෙය සෘජුවම චුති සිත හා බැඳී පවතී.. සුළු කොට නොසලකන්න..
- මනසට වද දෙන එම මතකය ඉවත් කිරීමට කිසිම විශ්මිත ක්‍රමයක් නැත.
- එම මතකය ඉවත් කිරීමේ හොඳම ක්‍රමය වැරැද්ද නොකර සිටීමයි.
- තමන්ගෙන් වැරැද්දක් නොවීමට වග බලා ගන්න... මෙලොව පරලොව සැනසීම ලැබෙනු ඇත.
අසූචි ගොඩක ඇති කඩල ඇටය
- රාගය යනු සත්වයා සසරට බැඳ තබන ඉතා ශක්තිමත් හුයෙකි.
- කොපමණ වින්දනය කලත් කෙළවරක් නැත්තේය...
- කීර්තිය, ධනය, කාලය, නඩු හබ ආදිය සහ තම ජීවිතය හෝ අවසාන වශයෙන් නිවන පවා අහිමි කළ හැක.
- රාගය ඉතා කුඩා තත්ත්වයේ සිට මහා විශාල Tornado තත්ත්වයක් දක්වා දරුණු විය හැක...
- රාගයෙහි වින්දනය අසූචි ගොඩයක ඇති කුඩා කඩල ඇටයක් තරම් දෙයකි.. අසූචිය පිහිදා ගඳ උසුලා ආහාරයට ගන්නා මෙනි...
- ප්‍රත්‍යක්ෂයේ ඉදිරියෙහි හොඳින් දමනය වෙන රාගය මැඩලීම සඳහා පිළිකුල අසුභය ආදී නොයෙකුත් සංඥා මරණානුස්සතිය ආදීනව අසාර භාවය නිරතුරුව මෙනෙහි කළ යුතුය...
- හරයක් නොමැති රාගය පසුපස ගොස් මුලා නොවන්න..
වහල් භාවය
- 365 දවසෙම ජීවිතය පුරාවටම. උදේට දවල්ට හවසට ආහාර ලබා දිය යුතුය. වැඩිදුරටත්, මිලදී, සකසා ලබාදිය යුතුය
- විටින් විට ජලය ලබාදිය යුතුය.
- මළ මුත්‍ර පිටකළ යුතුය.
- පිරිසිදු කළ යුතුය ඇඟ සෙදීම, මුහුණ සේදීම, නෑම, ආදී වශයෙනි
- නඩත්තු කළ යුතුය. නියපොතු කැපීම, කොන්ඩේ කැපීම, රැවුල කැපීම, දත් මැදීම ආදී වශයෙනි
- මේ ආදී වශයෙන් අප ජීවිත කාලය පුරාම වහලෙක් ලෙස ජීවත් වුවත් ඒ බව නොපිළිගනියි. එය තවත් වහල් භාවයකි.
- මේ කය අනුබද්ධයෙනය. තවත් වහල් භාවය බොහෝය. හොඳින් විදර්ශනා කර වටහාගන්න. කෙලිස් නැසීම පිණිස භාවිතා කරන්න.
කැමැත්ත
- වටිනාකම නිසා කැමැත්ත ඇතිවෙනවා නොව කැමැත්ත නිසා වටිනාකම ඇතිවේ...
- කොපමණ කැමැත්තක් පවතීද, එපමණ ප්‍රමාණයක දුකක්ද පවතී...
- උදාහරණයක් ලෙස පින්පල් එක, කුරුලෑව විසප්පු ආදී විවිධ නම් අනුව වටිනාකම වෙනස් වෙයි...
- එම නිසා, තමන්ගේ කැමැත්ත පාලනය කිරීම සඳහා ඒ දෙස දකින ආකාරය බොහෝ උපකාරී වේ...
- මේ ආකාරයෙන් මුල් අවධියේ සිත මෙල්ල කළ යුතුය.. සිතේ දුර්වලතා හඳුනාගත යුතුය... සිතෙහි පවතින නොයෙකුත් ලක්ෂණ හඳුනාගත යුතුය...කාලය සමඟ සිතේ සමාහිතභාවය ඇතිවේ..
- වටිනා කාලය අපතේ නොයවන්න...
- මරණය ඕනෑම අවස්ථාවක පැමිණිය හැක...
- එම නිසා, අද අදම ඉන්නා තැනින් ඉහළට එසවීම සඳහා වීරිය කරන්න..
කිසිම සමාවක් නොමැත
- ලෝක ස්වභාවය ධර්මතාවයක් බැවින් කිසිම අනුකම්පාවක් නැත.
- හේතු යම් සේ සැකසේද අදාළ පලය එලෙස වේ. ඒ අනුව ඊට අදාළ කාරණා සිද්ධවේ.
- උදාහරණයක් ලෙස cancer එකක් ලොකු පොඩි භේදයකින් තොරව ඇතිවේ.
- සසරට වැටුණහොත් කිසිම අඩු වැඩියක් නොමැතිව අදාල කාරණාවල ආකාරයට ප්‍රතිඵල සකස් වෙයි.
- අපට ඒය වේදනාවක්ද නැද්ද යන බව සොබා ධර්මයට නොදැනේ. කිසිම අනුකම්පාවකින් තොරව ක්‍රියාත්මක වේ.
- මව හෝ පියා හෝ ඝාතනය වුවහොත්, එය තත්පර කිහිපයක කාරණයකි. නමුත් ගෙවීමට ඇති දුක අප්‍රමාණ අතර කාලයද අපට සිතා ගත නොහැකි හැකි තරම් විශාල වේ. මෙහි ඇති බිහිසුණු බව වචනවලින් ප්‍රකාශ කළ නොහැක.
- මේ ආකාරය නොයෙකුත් අසාධාරණකම් සසර තුළ ගැබ්වී ඇත.
- එම නිසා ඉතා ඉක්මනින් ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන සසරින් මිදීමට වහ වහා කටයුතු කළ යුතුය.
දෙබිඩි ජීවිතය
- දහවලේ නොයෙකුත් ක්‍රියාකාරකම්වල නිරත වන අප රාත්‍රී කාලයේ ගිලන්වේ..
- රාත්‍රී කාලයේ කායිකව ගිලන් වන අතර සිටගෙන සිටීමට පවා නොහැකිව ඇඳක් තුළ වැතිරීමට සිදුවේ...
- උදෑසන විට නැවත ගිලන් ඇඳෙන් අවදිවන අප නැවත රාත්‍රියෙහි ගිලන් බවට පත්වේ..
- ජීවිත කාලයම මෙම රෝගයෙන් පෙළෙන අප රෝගයක් දෙස හෝ හඳුනා නොගන්නේ සසර එතරම් සැඩ පරුෂ නිසාය...
ප්‍රවේසම
- දහම් මඟ ඉතා අපහසු එකක් නොවේ. නිවැරදි ධර්මය ශ්‍රවණය කිරීම, ඒ අනුව ජීවන රටාව ධර්මානුකූලව වෙනස් කර ගැනීම තුළින් නොදැනුවත්වම ධර්මයෙහි පරිණත වීම සිදුවේ. මග ඵල ස්පර්ශ කළ හැකිවේ..
- එය එසේ වුවත් එයට ලොකුම පළිබෝධයන් විය හැක්කේ ලගින්ම ආශ්‍රය කරන පිරිස ය.
- තම බිරිඳ, ස්වාමිපුරුෂයා, පවුල දෙමාපියන් දූ දරුවන් ඥාතීන් හිතවතුන් ආදී ඕනෑම කෙනෙක් පලිබෝධයක් විය හැක. ආයතන පරිහරණය වන්නේ ඒ අය සමග බැවිනි..
- එක් එක් අය සම්බන්ධයෙන් වෙන වෙනම සිතුවිලි සන්තති ක්‍රියාත්මක වන අතර එමඟින් සිත කාර්යබහුල බවට පත්වේ... මානසික නිදහස පටුවේ... නිවන් මඟ ඇසිරීමේ ඉඩකඩද පවතී.
- තත්ත්වය මෙසේ වුවත්, . තමන්ට ගැටළු 1000 ඇත්නම් 999 කිරීමට යත්ම දැරිය යුතුය. එවිට කාලයත් සමඟ ප්‍රශ්න නිරාකරණය වනු ඇත. අලුතෙන් ප්‍රශ්න දමා ගැනීම කිසිසේත් නොකළ යුතුය.
- ඉහත කාරණයේ ප්‍රතිඵලයක් ලෙස සිතෙහි ප්‍රීතිය නිදහස මතු කර ගත හැක. නිර්වාණ දොරටුව විවෘත කර ගත හැක..
ලේ පිපාසය
- හොඳ අධ්‍යාපනයක්, මිල මුදල්, ලස්සන හැකියාව ආදීය සඳහා වැඩි වටිනාකමක් පවතී. මේවා ලබා ගැනීම යනු මහත් වූ දුකක ප්‍රතිඵලයකි.
- උදාහරණයක් ලෙස සින්දුවක් ඇසීමේදී හොඳින් සිංදු කියන කෙනා සඳහා ඉල්ලුම වැඩිය.
- හොඳින් සින්දු ගායනය යනු මහත් වූ පරිශ්‍රමයක ප්‍රතිඵලයකි. එනම් අන්තර්ගතය දුකකි.
- දුක් විඳීමේදී ලේ පිච්චීම සිදුවේ. එම නිසා ඇත්තෙන්ම කැමැත්ත ඇතිවී ඇත්තේ ලේ පිච්චීමටය.
- එනම් කැමති වන්නේ ගීත රසයට නොව, අනුන්ගේ දුකටය, ලේ පිච්චීමටය. අප නොදන්නවා වුවත් එහි ඇත්තේ ලේ පිපාසය ය...
- සරලව අප කැමති වන්නේ අනිකාගේ දුකට ය. අන් ආකාරයෙන් ඇතිවී ඇත්තේ ලේ පාසයය ය.
- හොඳින් විදර්ශනා කරන්න හොඳින් දකින්න ක්ලේශයන් නැසීම සඳහා අවියක් ලෙස භාවිතා කරන්න...
පැහැදිලි කිරීම
- ලෝකය නොයෙකුත් ආකාරයෙන් තාක්ෂණිකව දියුණු වී ඇත.
- නමුත් තවමත් සොයාගෙන නොමැති දියුණු තාක්ෂණය ලෝකය තුළ සැඟවී ඇත.
- තථාගතයන් වහන්සේ දන්නා ප්‍රමාණය ඇට්ටේරියා වනය තරම් වුවත් දේශනා කළ ධර්මය අතට ගත් කොළඹිටක් තරම් යැයි දේශනා කළේය.
- එනම් මේ සියලු තාක්ෂණය උන්වහන්සේ දැන නොසිටියා නොවේ.
- තාක්ෂණික සොයා ගැනීමක් යනු ඇත්ත වශයෙන්ම කෙළවර වන්නේ අන්ත වූ දුකකිනි.
- මෙවැනි සොයා ගැනීම් නිසා මාන්නයට පත්වන අතර මෙලොව පරලොව වශයෙන් කර්ම පොදි ගසා ගනී...
- මෙම කිසිම තාක්ෂණික සොයාගැනීමක් දුකෙහි මූලය වන ජාතිය ජරාව ව්‍යාධිය මරණය වැළැක්විය නොහැක.
- සියලු තාක්ෂණය පිළිබඳ දැනුවත් වුවත් තථාගත දේශනාව, ඒකාන්ත සැපයට ප්‍රත්‍ය වන දුකෙහි මූලය සඳහාය, එනම් නිවන සඳහාය...
පැහැදිලි කිරීම
- නොයෙකුත් කුලවල ඉපදෙමින්, බුදු කෙනෙකුට පවා නොපෙනෙන අතීතයක සිට අප ගමනක යෙදුනේ වෙමු.
- ඒ අතර අපගේ ජීවිත අසාධාරණ ලෙස අහිමිකල අවස්ථා බොහෝ වේ..
- අසාධාරණ ලෙස අපගේ දේපොළ පවරා ගත් අවස්ථා ද බොහෝ වේ..
- අබ්බගාත ජීවිත ද උන්මත්තක ජීවිතද ඒ ගමන අතර අපට හිමි වී ම තිබේ...
- කොපමණ දුක් සහිතව ජීවිත එකින් එක ගෙවාගෙන ආවත් ගමනෙහි කෙළවරක් හෝ අරමුණක් අපි කිසිවෙක් දැනගෙන සිටියේ නැත..
- ඉහත ආදී නොයෙකුත් කාරණා ඔස්සේ අප සසරේ දුක් වින්දේ වෙමු..
- බුදු කෙනෙක් විසින් මේ කාරණා හෙළිදරව් කළා පමණක් නොව ඒවායෙන් මිදීමට මාර්ගයද අපට පෙන්වා දී ඇත...
- ඉදින් වත් කුමට ප්‍රමාද වන්නේ ද.....?
- වහ වහා නිවන් පිණිස වූ කරතවිය සිදු කළ යුතුය...
පැහැදිලි කිරීම
- සසර බැඳීම ඇත්තේ විශේෂ අද්භූත දෙයකින් නොවේ. එදිනෙදා කරන ක්‍රියාකාරකම් තුළම සිදුවේ...
- එලෙසම නිවන ද විශේෂ අද්භූත දෙයක් නොවේ... එයද එදිනෙදා සිදුවන ක්‍රියාකාරකම් තුළ සිදුකළ හැක..
- ගැඹුරින් දැකීම යනු සරලව ඒ ඒ ක්‍රියාකාරකම් තුළ ඇති ධර්මතාවයන් අවබෝධ කර ගැනීමයි...
- ඒවායේ ඇති බිඳෙන ස්වභාවය වෙනස් වෙන ස්වභාවය පලුදුවන ස්වභාවය දිරාපත් වන ස්වභාවය පාලනය කළ නොහැකි ස්වභාවය ආදියයි...
- මේවා ප්‍රත්‍යය කර ගැනීමෙන් නොඇල්ම නම් කාරණයක් දැක්‌මේ ප්‍රමාණය අනුව සිත අභ්‍යන්තරයේ හට ගනී...
- දැක්ම සකසා ගැනීම සඳහා ධර්මශ්‍රවණය අනිවාර්ය කාරණයකි.. එය නිවැරදි ප්‍රායෝගික ධර්මයක් විය යුතුය...
- එවන් ධර්ම දේශනා බොහෝ ඇති අතර මේ සඳහා පහත සඳහන් ස්වාමීන් වහන්සේගේ ධර්මය සාකච්ඡාද බොහෝ වටින්නේ යැයි සිතමු..
- අද ම ආරම්භ කරන්න.. ඒ ඒ ප්‍රමාණයට ප්‍රතිඵලද ලැබෙනු ඇත...
- බීජයක් පොළවේ රෝපණය වී විශාල ගහක් බවට පත්වේද ධර්මයත් එලෙසම වර්ධනය වීම සිදුවේ.
- තවමත් කාලය ඉතුරුව ඇත... මෙය තවත් නොවිය හැකි දෙයක් නොවේ.....
මස් වලට ඇති කැමැත්ත ඇස අනුබද්ධයෙන්
- ඇසින් සරලව රූප දැකීම සිදුවේ.
- එක් කෙළවරක් රූපයේ අන්තය ගනී. ජීවියෙක් වුවහොත් එහි ඇත්තේ සෘජුවම මස්ය....
- අජීවී දෙයක් ගතහොත් එය වක්‍රාකාරව මස් වලින් මස් වලින් සැකසී ඇත...
- මක්නිසාද ජීවීන් දිරාපත් වී ම, පසුව ඒවායේ කොටස් පරිසරයට එක්වීම...
- අනෙක් අන්තය මස් ඇසයි ඒය සෘජුවම මස්ය.
- එනම්, රූප දැකීම සඳහා මස් සෘජුවම හෝ වක්‍රාකාරයෙන්, අන්ත දෙකක් ඔස්සේ දායක වෙයි.
- එනම් ඇළ දොළ ගංගා දැකීමට ආශා වීම, වාහන වලට ආශාවීම, මිනිසුන්ට ආශාවීම ආදී ඕනම ආශාවක්, මස් වලටම ආශාවීමක්ය...
- මෙය හොඳින් නුවණින් මෙනෙහි කොට වටහා ගත යුතුය...
- හොඳින් වටහා ගත් විට ක්ලේශයන් නැසීම සඳහා අවියක් ලෙස භාවිතා කළ හැක...
පැහැදිලි කිරීම් පිළිබඳ පැහැදිලි කිරීම
- පැහැදිලි කිරීම් වල අඩංගු වන්නේ බොහෝවිට අප දන්නා කාරණාමය....
- නමුත් මෙවැනි පැහැදිලි කිරීම් හේතුවෙන් සිතිවිලි ප්‍රවාහය ධර්මානුකූල දිශාවකට යම් කාලයක් යොමු වීම ප්‍රධාන වාසියකි.
- පැහැදිලි කිරීම් දෙස දකින ආකාරය ඉතා වැදගත්ය...
- පැහැදිලි කිරීමේ යම් අපැහැදිලි කමක් තිබුණහොත්, එය දැන්වීම ඔබගේ වගකීමක් වන අතර වෙනත් ආකාරයකින් කෙනෙකුගේ අඩුවක් දරාගැනීමේ ගැනීමේ ගුණය ලෙස ගුණයක් දියුණු කළ හැකිය..
- සියල්ල සාපේක්ෂ බැවින් ඕනෑම පැහැදිලි කිරීමක ධර්මයක් දැකිය හැකි අතර අන් ආකාරයෙන් අඩුවක්ද දැකිය හැකිය...
- පැහැදිලි කිරීම් සඳහා ඔබගේ යම් අදහසක් ඇත්නම් එය ඉතා වැදගත් වන අතර, දැන්වීම ධර්ම සාකච්ඡාවක් ද වනු ඇත..
- ප්‍රතිපදාවේ අඛණ්ඩත්වය ආරක්ෂා කර ගැනීමට මෙලෙස සිදුවන පැහැදිලි කිරීම් ද හේතුවක් වනු ඇත..
පැහැදිලි කිරීම
- සිත පිහිටන ස්ථානය තමන් සිටින ස්ථානයයි..
- එම ස්ථානය මැනවින් දැනගත යුතුය.. මැනවින් හඳුනාගත යුතුය...
- එනම්, ඒ අරභයා ඇතිවන සිතිවිලි සන්තතිය හොඳින් හඳුනාගත යුතුය, ගැලවීම ඇත්තේද එතනමය..
- මෙම සිතිවිලිවල විවිධ රටාවන් නැති අතර ඒවා හඳුනා ගැනීම සඳහා මනා ධර්ම අවබෝධයක්කින් යුක්ත විය යුතුය..
- ආයතන හරහා සිදුවන ගනුදෙනුවල සමානකම් ඇත..
- සසර ගත සෑම සත්ත්වයාටම පොදු වූ ක්ලේශ ලෙස ( රාග, ද්වේශ, මෝහ ) පවතින්නේ එම නිසාය, එනම් මේවා පොදු වූ ධර්මතාවයක් මිස පුද්ගල අනන්‍ය නොවේ...
- මේවා දුරු කළ නොහැකි නම් බුදු කෙනෙක් ඔබට අපට සිතාගැනීමට පවා නොහැකි තරම් පෙරුම් පුරන්නේ නැත...
- දුරු කළ හැකි මෙම ක්ලේශ වහා වහා දුරු කොට ඒ අමා මහ නිවනට පත්වීම ඔබ අපගේ එකම චේතනාව විය යුතුය...
පැහැදිලි කිරීම
- ඔබගේ අපගේ ප්‍රථම කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ වූ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා... ධර්මයට නමස්කාරය වේවා... සංඝයාට නමස්කාරය වේවා...🙏🏻🙏🏻🙏🏻
- පහනකින් පහණක් දැල්විය හැකි වුවත් පහනක පින්තූරයකින් පහනක් දැල්විය නොහැක...
- එලෙසම ධර්මයක් ලබාදිය හැක්කේ ධර්මයෙහි යම් ඇසුරක් ඇති අයෙකුටය.
- කොපමණ වටිනාකම් සහිත භෞතික වස්තුවක් වුවත්. එය බිඳී යාමෙන් හෝ මරණයෙන් එම වටිනාකම අහෝසි වේ...
- අමිල වූ වටිනාකමක් සහිත මානසික වූ ධනයක් බුද්ධ ශාසනයක් තුළින් සත්වයාට ප්‍රතිලාභය...
- එයට මග පෙන්විය හැක්කේ තම ප්‍රඥාවේ ප්‍රමාණයට ශාසනය තුළ හික්මෙන තවත් ශ්‍රාවකයෙකුටය...
- මග පෙන්වීමේ යම් අඩු වැඩිකම් තිබුණත් බුද්ධ ශාසනයක් පවතින්නේ එම ධර්මතාවයට අනුවය...
- සමස්තයක් ලෙස සලකන විට ධර්මයට යොමු වීමේ වටිනාකමට වෙන කිසිම සැසඳීමක් නැත.
- එනම් ප්‍රඥාවන්තයෙක් තම ප්‍රඥාවේ ප්‍රමාණයට තවත් ප්‍රඥාවන්තයෙකුට ලබාදෙන මග පෙන්වීම ශ්‍රේෂ්ඨත්වයට පත්වනු ඇත..
පැහැදිලි කිරීම
- අපන්ණක ජාතකයෙහි බෝධිසත්වයන් ගත් තීරණය තුල දෙආකාරයටම පිරිසට හානියක් සිදු නොවේ.
- එලෙසම තමන්ට ලැබෙන යහපත අයහපත ආදී සෑම දෙයක්ම හේතුවක ඵලයක් ලෙස හෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස හෝ වෙනත් දහම් ඇසකින් දැකිය යුතුය..
- අයහපතක් සිදුවුවහොත් අයහපත වෙනුවට ඒ තුළ ඇති හේතුඵල ධර්මය අවබෝධ කර ගනී.. යහපතද එලෙසමය...
- මෙහිදී හේතුඵල ධර්මයක් හෝ වෙනත් ධර්ම කාරණයක් දකිනවා මිස යහපතක් අයහපතක් භුක්ති නොවිඳී...
- මෙය ඉහත ජාතක කතාව අනුව අපන්නක ප්‍රතිපදාව ලෙසද හැඳින්විය හැක..
- අටලෝ දහමින් කම්පා නොවීම ලෙසද හැඳින්විය හැක...
- මෙවන් ආකාරයෙන් සිත භාවිතය තුළ භවය තුළ සිත පිහිටීමක් නොවනු හෝ භවයෙහි සිත පැවතීම සඳහා හේතු සකස් නොවනු ඇත...
පැහැදිලි කිරීම
- අපන්ණක ජාතකයෙහි බෝධිසත්වයන් ගත් තීරණය තුල දෙආකාරයටම පිරිසට හානියක් සිදු නොවේ.
- එලෙසම තමන්ට ලැබෙන යහපත අයහපත ආදී සෑම දෙයක්ම හේතුවක ඵලයක් ලෙස හෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස හෝ වෙනත් දහම් ඇසකින් දැකිය යුතුය..
- අයහපතක් සිදුවුවහොත් අයහපත වෙනුවට ඒ තුළ ඇති හේතුඵල ධර්මය අවබෝධ කර ගනී.. යහපතද එලෙසමය...
- මෙහිදී හේතුඵල ධර්මයක් හෝ වෙනත් ධර්ම කාරණයක් දකිනවා මිස යහපතක් අයහපතක් භුක්ති නොවිඳී...
- මෙය ඉහත ජාතක කතාව අනුව අපන්නක ප්‍රතිපදාව ලෙසද හැඳින්විය හැක..
- අටලෝ දහමින් කම්පා නොවීම ලෙසද හැඳින්විය හැක...
- මෙවන් ආකාරයෙන් සිත භාවිතය තුළ භවය තුළ සිත පිහිටීමක් නොවනු හෝ ඒ සඳහා හේතු සකස් වනු ඇත...
පැහැදිලි කිරීම
- වැරදි සහ නිවැරදි දෙය තම තම අරමුණ අනුව සාපේක්ෂවේ....
- අරමුණ සැපය නම් නිවැරදි අරමුණ නිවන වනු ඇත.
- වරදයෙහි පිහිටවන ලද සිත යනු හුදෙක් මෝහය සහගත සිතයි..
- මෝහය යනු කෙටියෙන් නිවැරැද්ද නිවැරැද්ද ලෙස නොදැකීම වැරැද්ද වැරැද්ද ලෙස නොදැකීම වේ.
- බුද්ධ ශාසනය තුළ වැරැද්ද නිවැරැද්ද නිවන අනුව තීරණය වේ..
- මිරිඟුවේ වතුර ඇති ලෙස චේතනාව පිරිසිදුව සිදූ වුවත් එය මෝහ මිශ්‍රිත වේ. එම නිසා සියල්ලටම වඩා සත්වයා දුකට පත්වේ...
- සසර ගත සත්ත්වයා ඉහත ආදී නොයෙකුත් කාණ්ඩවල මෝහයන්ගෙන් පිරුණු මනස් සහිත වේ..
- එනම් චිත්තය වරදෙහි පිහිටා ඇත...
- එනම් පවිටු සිත් ඇති හෙතෙම සසර තුළ දුකෙන් දුකටම පත්වෙයි...
පැහැදිලි කිරීම
- මෙම බුද්ධ ශාසනයේ ගුණ වැඩීම යනු හර පද්ධතියයි...
- සීලයද ගුණයන් පුරුදු කිරීමක් වේ..
- ලෝකයේ නුගුණ දැකීම තමන් තුළ ඇති නුගුණයක් වේ...
- ලෝකය ගුණ ලෙස දැකීම තමා තුළ ඇති ගුණයක් වේ.
- එලෙස දැකීම සඳහා හේතුඵල, කර්ම, විපාක, . නොයෙකුත් සංඥා ක්‍රම භාවිතා කළ හැක..
- ලෝකයෙන් වැරැද්දක් සිදුවෙන විට එය දරා ගැනීම තමා සතු ගුණයකි...
- ගුණයන් කෙළවර වන්නේ ප්‍රඥාවෙන්ය. ප්‍රඥාව යනු ගුණයන්ගේ ඵලයකි.
- ප්‍රඥාව මුලින් ඇති කරගැනීමට දරන උත්සාහය බොහෝ විට මාන්නයකින් කෙළවර වීමට ඉඩකඩ ඇත
- ගුණයන් පමුණුවා ගනිමින් සාසනය තුළ රැඳීම අගනේය...
පැහැදිලි කිරීම
- ලෞකික සැපයත් ඇත්තෙන්ම සැපයකි.... සත්වයා ලෞකිකයට මෙපමණ ඇලුම් කිරීමට හේතුවත් එයයි.
- නමුත් එම සැපය ලබා ගැනීමට මහත් වූ දුකක් විඳිය යුතුය... විශාල කැප කිරීමක් කළ යුතුය... සම්ප්‍රයුක්තව ලැබෙන සැපය ඉතා අල්පයකි...
- එය සැපයක් වුවත් එය පිටුපස ආදීනව පථ නිර්මාණය වේ.. එනම් සත්වයාට දුක උරුම වෙයි.
- කෙටියෙන් පථ යනු භවයෙන් භවයට, භවයෙන් භවයට විපාක දෙමින් යන . විපාක වාරයන් ය.
- මොහොතක සැපයකි... සැප සංඥාවෙන් දුක් විඳීමකි.
- දීර්ඝ වූ සසර ගමනකට මාර්ගයකි....🙏🏻🙏🏻🙏🏻
- මෙම පැහැදිලි කිරීම් ද සාපේක්ෂවන අතර තව තවත් වෙනස් ආකාරයේ මෙන්ම සියුම් හා ගැඹුරු පැහැදිලි කිරීම් ද ඇති බව සලකන්න...!
කූඩැල්ලා
- එක් ස්ථානයක් අත හරියි. තවත් ස්ථානයක් අල්ලා ගනියි. අනෙක් ස්ථානයක වටිනාකම වැඩිවන විට ඉන්නා ස්ථානය අතහැරීම සිදුකරයි.
- වටිනාකම පවතිනතුරු ගමන නොනවතී.
- අන් ස්ථානයක වටිනාකම නැති වූ විට ඉන්නා ස්ථානය, සමබරවේ, මධ්‍යස්ථ වේ, ස්ථායී වේ, ගමන නවතී.
- අල්ලාගෙන ලෙස පෙනුනද එහි අල්ලා ගැනීමක් නොපවතී. ඒ වෙනුවට සමබර බවක් මධ්‍යස්ථ බවක් ඇතිවී ඇත.
- සිතක්ද එලෙස ක්‍රියා කරයි. කොපමණ වටිනාකමක් ඇත්ද, එපමණ ගමනක් ඇත.
- වටිනාකමට මුල් වූ හේතු නැතිවන විට, මධ්‍යස්ථ බව නම් අලුත් ධර්මතාවයක් ඇතිවන අතර, බැඳීම නොබැඳීමක් නොවී එම ධර්මතාවය අහෝසි වේ. සත්ව පුද්ගල බව කෙළවර වේ.
- වටිනාකම අඩු වීම, ගමනෙහි මන්දනයට හේතුවන අතර ගමන නතර වීමටද හේතුවේ.