Dhamma Quotes
HOME
QUOTES
ADD_CARD
SLIDE_SHOW
පැහැදිලි කිරීම
සසර බැඳීම ඇත්තේ විශේෂ අද්භූත දෙයකින් නොවේ. එදිනෙදා කරන ක්‍රියාකාරකම් තුළම සිදුවේ...
එලෙසම නිවන ද විශේෂ අද්භූත දෙයක් නොවේ... එයද එදිනෙදා සිදුවන ක්‍රියාකාරකම් තුළ සිදුකළ හැක..
ගැඹුරින් දැකීම යනු සරලව ඒ ඒ ක්‍රියාකාරකම් තුළ ඇති ධර්මතාවයන් අවබෝධ කර ගැනීමයි...
ඒවායේ ඇති බිඳෙන ස්වභාවය වෙනස් වෙන ස්වභාවය පලුදුවන ස්වභාවය දිරාපත් වන ස්වභාවය පාලනය කළ නොහැකි ස්වභාවය ආදියයි...
මේවා ප්‍රත්‍යය කර ගැනීමෙන් නොඇල්ම නම් කාරණයක් දැක්‌මේ ප්‍රමාණය අනුව සිත අභ්‍යන්තරයේ හට ගනී...
දැක්ම සකසා ගැනීම සඳහා ධර්මශ්‍රවණය අනිවාර්ය කාරණයකි.. එය නිවැරදි ප්‍රායෝගික ධර්මයක් විය යුතුය...
එවන් ධර්ම දේශනා බොහෝ ඇති අතර මේ සඳහා පහත සඳහන් ස්වාමීන් වහන්සේගේ ධර්මය සාකච්ඡාද බොහෝ වටින්නේ යැයි සිතමු..
අද ම ආරම්භ කරන්න.. ඒ ඒ ප්‍රමාණයට ප්‍රතිඵලද ලැබෙනු ඇත...
බීජයක් පොළවේ රෝපණය වී විශාල ගහක් බවට පත්වේද ධර්මයත් එලෙසම වර්ධනය වීම සිදුවේ.
තවමත් කාලය ඉතුරුව ඇත... මෙය තවත් නොවිය හැකි දෙයක් නොවේ.....
Delete
මස් වලට ඇති කැමැත්ත ඇස අනුබද්ධයෙන්
ඇසින් සරලව රූප දැකීම සිදුවේ.
එක් කෙළවරක් රූපයේ අන්තය ගනී. ජීවියෙක් වුවහොත් එහි ඇත්තේ සෘජුවම මස්ය....
අජීවී දෙයක් ගතහොත් එය වක්‍රාකාරව මස් වලින් මස් වලින් සැකසී ඇත...
මක්නිසාද ජීවීන් දිරාපත් වී ම, පසුව ඒවායේ කොටස් පරිසරයට එක්වීම...
අනෙක් අන්තය මස් ඇසයි ඒය සෘජුවම මස්ය.
එනම්, රූප දැකීම සඳහා මස් සෘජුවම හෝ වක්‍රාකාරයෙන්, අන්ත දෙකක් ඔස්සේ දායක වෙයි.
එනම් ඇළ දොළ ගංගා දැකීමට ආශා වීම, වාහන වලට ආශාවීම, මිනිසුන්ට ආශාවීම ආදී ඕනම ආශාවක්, මස් වලටම ආශාවීමක්ය...
මෙය හොඳින් නුවණින් මෙනෙහි කොට වටහා ගත යුතුය...
හොඳින් වටහා ගත් විට ක්ලේශයන් නැසීම සඳහා අවියක් ලෙස භාවිතා කළ හැක...
Delete
පැහැදිලි කිරීම් පිළිබඳ පැහැදිලි කිරීම
පැහැදිලි කිරීම් වල අඩංගු වන්නේ බොහෝවිට අප දන්නා කාරණාමය....
නමුත් මෙවැනි පැහැදිලි කිරීම් හේතුවෙන් සිතිවිලි ප්‍රවාහය ධර්මානුකූල දිශාවකට යම් කාලයක් යොමු වීම ප්‍රධාන වාසියකි.
පැහැදිලි කිරීම් දෙස දකින ආකාරය ඉතා වැදගත්ය...
පැහැදිලි කිරීමේ යම් අපැහැදිලි කමක් තිබුණහොත්, එය දැන්වීම ඔබගේ වගකීමක් වන අතර වෙනත් ආකාරයකින් කෙනෙකුගේ අඩුවක් දරාගැනීමේ ගැනීමේ ගුණය ලෙස ගුණයක් දියුණු කළ හැකිය..
සියල්ල සාපේක්ෂ බැවින් ඕනෑම පැහැදිලි කිරීමක ධර්මයක් දැකිය හැකි අතර අන් ආකාරයෙන් අඩුවක්ද දැකිය හැකිය...
පැහැදිලි කිරීම් සඳහා ඔබගේ යම් අදහසක් ඇත්නම් එය ඉතා වැදගත් වන අතර, දැන්වීම ධර්ම සාකච්ඡාවක් ද වනු ඇත..
ප්‍රතිපදාවේ අඛණ්ඩත්වය ආරක්ෂා කර ගැනීමට මෙලෙස සිදුවන පැහැදිලි කිරීම් ද හේතුවක් වනු ඇත..
Delete
පැහැදිලි කිරීම
සිත පිහිටන ස්ථානය තමන් සිටින ස්ථානයයි..
එම ස්ථානය මැනවින් දැනගත යුතුය.. මැනවින් හඳුනාගත යුතුය...
එනම්, ඒ අරභයා ඇතිවන සිතිවිලි සන්තතිය හොඳින් හඳුනාගත යුතුය, ගැලවීම ඇත්තේද එතනමය..
මෙම සිතිවිලිවල විවිධ රටාවන් නැති අතර ඒවා හඳුනා ගැනීම සඳහා මනා ධර්ම අවබෝධයක්කින් යුක්ත විය යුතුය..
ආයතන හරහා සිදුවන ගනුදෙනුවල සමානකම් ඇත..
සසර ගත සෑම සත්ත්වයාටම පොදු වූ ක්ලේශ ලෙස ( රාග, ද්වේශ, මෝහ ) පවතින්නේ එම නිසාය, එනම් මේවා පොදු වූ ධර්මතාවයක් මිස පුද්ගල අනන්‍ය නොවේ...
මේවා දුරු කළ නොහැකි නම් බුදු කෙනෙක් ඔබට අපට සිතාගැනීමට පවා නොහැකි තරම් පෙරුම් පුරන්නේ නැත...
දුරු කළ හැකි මෙම ක්ලේශ වහා වහා දුරු කොට ඒ අමා මහ නිවනට පත්වීම ඔබ අපගේ එකම චේතනාව විය යුතුය...
Delete
පැහැදිලි කිරීම
ඔබගේ අපගේ ප්‍රථම කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ වූ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා... ධර්මයට නමස්කාරය වේවා... සංඝයාට නමස්කාරය වේවා...🙏🏻🙏🏻🙏🏻
පහනකින් පහණක් දැල්විය හැකි වුවත් පහනක පින්තූරයකින් පහනක් දැල්විය නොහැක...
එලෙසම ධර්මයක් ලබාදිය හැක්කේ ධර්මයෙහි යම් ඇසුරක් ඇති අයෙකුටය.
කොපමණ වටිනාකම් සහිත භෞතික වස්තුවක් වුවත්. එය බිඳී යාමෙන් හෝ මරණයෙන් එම වටිනාකම අහෝසි වේ...
අමිල වූ වටිනාකමක් සහිත මානසික වූ ධනයක් බුද්ධ ශාසනයක් තුළින් සත්වයාට ප්‍රතිලාභය...
එයට මග පෙන්විය හැක්කේ තම ප්‍රඥාවේ ප්‍රමාණයට ශාසනය තුළ හික්මෙන තවත් ශ්‍රාවකයෙකුටය...
මග පෙන්වීමේ යම් අඩු වැඩිකම් තිබුණත් බුද්ධ ශාසනයක් පවතින්නේ එම ධර්මතාවයට අනුවය...
සමස්තයක් ලෙස සලකන විට ධර්මයට යොමු වීමේ වටිනාකමට වෙන කිසිම සැසඳීමක් නැත.
එනම් ප්‍රඥාවන්තයෙක් තම ප්‍රඥාවේ ප්‍රමාණයට තවත් ප්‍රඥාවන්තයෙකුට ලබාදෙන මග පෙන්වීම ශ්‍රේෂ්ඨත්වයට පත්වනු ඇත..
Delete
පැහැදිලි කිරීම
අපන්ණක ජාතකයෙහි බෝධිසත්වයන් ගත් තීරණය තුල දෙආකාරයටම පිරිසට හානියක් සිදු නොවේ.
එලෙසම තමන්ට ලැබෙන යහපත අයහපත ආදී සෑම දෙයක්ම හේතුවක ඵලයක් ලෙස හෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස හෝ වෙනත් දහම් ඇසකින් දැකිය යුතුය..
අයහපතක් සිදුවුවහොත් අයහපත වෙනුවට ඒ තුළ ඇති හේතුඵල ධර්මය අවබෝධ කර ගනී.. යහපතද එලෙසමය...
මෙහිදී හේතුඵල ධර්මයක් හෝ වෙනත් ධර්ම කාරණයක් දකිනවා මිස යහපතක් අයහපතක් භුක්ති නොවිඳී...
මෙය ඉහත ජාතක කතාව අනුව අපන්නක ප්‍රතිපදාව ලෙසද හැඳින්විය හැක..
අටලෝ දහමින් කම්පා නොවීම ලෙසද හැඳින්විය හැක...
මෙවන් ආකාරයෙන් සිත භාවිතය තුළ භවය තුළ සිත පිහිටීමක් නොවනු හෝ භවයෙහි සිත පැවතීම සඳහා හේතු සකස් නොවනු ඇත...
Delete
පැහැදිලි කිරීම
අපන්ණක ජාතකයෙහි බෝධිසත්වයන් ගත් තීරණය තුල දෙආකාරයටම පිරිසට හානියක් සිදු නොවේ.
එලෙසම තමන්ට ලැබෙන යහපත අයහපත ආදී සෑම දෙයක්ම හේතුවක ඵලයක් ලෙස හෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස හෝ වෙනත් දහම් ඇසකින් දැකිය යුතුය..
අයහපතක් සිදුවුවහොත් අයහපත වෙනුවට ඒ තුළ ඇති හේතුඵල ධර්මය අවබෝධ කර ගනී.. යහපතද එලෙසමය...
මෙහිදී හේතුඵල ධර්මයක් හෝ වෙනත් ධර්ම කාරණයක් දකිනවා මිස යහපතක් අයහපතක් භුක්ති නොවිඳී...
මෙය ඉහත ජාතක කතාව අනුව අපන්නක ප්‍රතිපදාව ලෙසද හැඳින්විය හැක..
අටලෝ දහමින් කම්පා නොවීම ලෙසද හැඳින්විය හැක...
මෙවන් ආකාරයෙන් සිත භාවිතය තුළ භවය තුළ සිත පිහිටීමක් නොවනු හෝ ඒ සඳහා හේතු සකස් වනු ඇත...
Delete
පැහැදිලි කිරීම
වැරදි සහ නිවැරදි දෙය තම තම අරමුණ අනුව සාපේක්ෂවේ....
අරමුණ සැපය නම් නිවැරදි අරමුණ නිවන වනු ඇත.
වරදයෙහි පිහිටවන ලද සිත යනු හුදෙක් මෝහය සහගත සිතයි..
මෝහය යනු කෙටියෙන් නිවැරැද්ද නිවැරැද්ද ලෙස නොදැකීම වැරැද්ද වැරැද්ද ලෙස නොදැකීම වේ.
බුද්ධ ශාසනය තුළ වැරැද්ද නිවැරැද්ද නිවන අනුව තීරණය වේ..
මිරිඟුවේ වතුර ඇති ලෙස චේතනාව පිරිසිදුව සිදූ වුවත් එය මෝහ මිශ්‍රිත වේ. එම නිසා සියල්ලටම වඩා සත්වයා දුකට පත්වේ...
සසර ගත සත්ත්වයා ඉහත ආදී නොයෙකුත් කාණ්ඩවල මෝහයන්ගෙන් පිරුණු මනස් සහිත වේ..
එනම් චිත්තය වරදෙහි පිහිටා ඇත...
එනම් පවිටු සිත් ඇති හෙතෙම සසර තුළ දුකෙන් දුකටම පත්වෙයි...
Delete
පැහැදිලි කිරීම
මෙම බුද්ධ ශාසනයේ ගුණ වැඩීම යනු හර පද්ධතියයි...
සීලයද ගුණයන් පුරුදු කිරීමක් වේ..
ලෝකයේ නුගුණ දැකීම තමන් තුළ ඇති නුගුණයක් වේ...
ලෝකය ගුණ ලෙස දැකීම තමා තුළ ඇති ගුණයක් වේ.
එලෙස දැකීම සඳහා හේතුඵල, කර්ම, විපාක, . නොයෙකුත් සංඥා ක්‍රම භාවිතා කළ හැක..
ලෝකයෙන් වැරැද්දක් සිදුවෙන විට එය දරා ගැනීම තමා සතු ගුණයකි...
ගුණයන් කෙළවර වන්නේ ප්‍රඥාවෙන්ය. ප්‍රඥාව යනු ගුණයන්ගේ ඵලයකි.
ප්‍රඥාව මුලින් ඇති කරගැනීමට දරන උත්සාහය බොහෝ විට මාන්නයකින් කෙළවර වීමට ඉඩකඩ ඇත
ගුණයන් පමුණුවා ගනිමින් සාසනය තුළ රැඳීම අගනේය...
Delete
පැහැදිලි කිරීම
ලෞකික සැපයත් ඇත්තෙන්ම සැපයකි.... සත්වයා ලෞකිකයට මෙපමණ ඇලුම් කිරීමට හේතුවත් එයයි.
නමුත් එම සැපය ලබා ගැනීමට මහත් වූ දුකක් විඳිය යුතුය... විශාල කැප කිරීමක් කළ යුතුය... සම්ප්‍රයුක්තව ලැබෙන සැපය ඉතා අල්පයකි...
එය සැපයක් වුවත් එය පිටුපස ආදීනව පථ නිර්මාණය වේ.. එනම් සත්වයාට දුක උරුම වෙයි.
කෙටියෙන් පථ යනු භවයෙන් භවයට, භවයෙන් භවයට විපාක දෙමින් යන . විපාක වාරයන් ය.
මොහොතක සැපයකි... සැප සංඥාවෙන් දුක් විඳීමකි.
දීර්ඝ වූ සසර ගමනකට මාර්ගයකි....🙏🏻🙏🏻🙏🏻
මෙම පැහැදිලි කිරීම් ද සාපේක්ෂවන අතර තව තවත් වෙනස් ආකාරයේ මෙන්ම සියුම් හා ගැඹුරු පැහැදිලි කිරීම් ද ඇති බව සලකන්න...!
Delete
කූඩැල්ලා
එක් ස්ථානයක් අත හරියි. තවත් ස්ථානයක් අල්ලා ගනියි. අනෙක් ස්ථානයක වටිනාකම වැඩිවන විට ඉන්නා ස්ථානය අතහැරීම සිදුකරයි.
වටිනාකම පවතිනතුරු ගමන නොනවතී.
අන් ස්ථානයක වටිනාකම නැති වූ විට ඉන්නා ස්ථානය, සමබරවේ, මධ්‍යස්ථ වේ, ස්ථායී වේ, ගමන නවතී.
අල්ලාගෙන ලෙස පෙනුනද එහි අල්ලා ගැනීමක් නොපවතී. ඒ වෙනුවට සමබර බවක් මධ්‍යස්ථ බවක් ඇතිවී ඇත.
සිතක්ද එලෙස ක්‍රියා කරයි. කොපමණ වටිනාකමක් ඇත්ද, එපමණ ගමනක් ඇත.
වටිනාකමට මුල් වූ හේතු නැතිවන විට, මධ්‍යස්ථ බව නම් අලුත් ධර්මතාවයක් ඇතිවන අතර, බැඳීම නොබැඳීමක් නොවී එම ධර්මතාවය අහෝසි වේ. සත්ව පුද්ගල බව කෙළවර වේ.
වටිනාකම අඩු වීම, ගමනෙහි මන්දනයට හේතුවන අතර ගමන නතර වීමටද හේතුවේ.
Delete
1
2