Dhamma Quotes
HOME
ADD_CARD
DELETE_CARD
SLIDE_SHOW
STYLE
PHOTO
Toggle Dark Mode
⚙️ Customize Panel
Font
Noto Sans Sinhala
Noto Serif Sinhala
Abhaya Libre
Maname
Font Size
Margin Bottom
Font Weight
Letter Spacing
Line Height
Text Align
Left
Center
Right
Justify
Card Background
Card Shadow
Card Border Radius
Font Color
Text Shadow
Cards per Row
Card Padding
පැහැදිලි කිරීම
ඔබගේ අපගේ ප්‍රථම කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ වූ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා... ධර්මයට නමස්කාරය වේවා... සංඝයාට නමස්කාරය වේවා...🙏🏻🙏🏻🙏🏻
පහනකින් පහණක් දැල්විය හැකි වුවත් පහනක පින්තූරයකින් පහනක් දැල්විය නොහැක...
එලෙසම ධර්මයක් ලබාදිය හැක්කේ ධර්මයෙහි යම් ඇසුරක් ඇති අයෙකුටය.
කොපමණ වටිනාකම් සහිත භෞතික වස්තුවක් වුවත්. එය බිඳී යාමෙන් හෝ මරණයෙන් එම වටිනාකම අහෝසි වේ...
අමිල වූ වටිනාකමක් සහිත මානසික වූ ධනයක් බුද්ධ ශාසනයක් තුළින් සත්වයාට ප්‍රතිලාභය...
එයට මග පෙන්විය හැක්කේ තම ප්‍රඥාවේ ප්‍රමාණයට ශාසනය තුළ හික්මෙන තවත් ශ්‍රාවකයෙකුටය...
මග පෙන්වීමේ යම් අඩු වැඩිකම් තිබුණත් බුද්ධ ශාසනයක් පවතින්නේ එම ධර්මතාවයට අනුවය...
සමස්තයක් ලෙස සලකන විට ධර්මයට යොමු වීමේ වටිනාකමට වෙන කිසිම සැසඳීමක් නැත.
එනම් ප්‍රඥාවන්තයෙක් තම ප්‍රඥාවේ ප්‍රමාණයට තවත් ප්‍රඥාවන්තයෙකුට ලබාදෙන මග පෙන්වීම ශ්‍රේෂ්ඨත්වයට පත්වනු ඇත..
පැහැදිලි කිරීම
අපන්ණක ජාතකයෙහි බෝධිසත්වයන් ගත් තීරණය තුල දෙආකාරයටම පිරිසට හානියක් සිදු නොවේ.
එලෙසම තමන්ට ලැබෙන යහපත අයහපත ආදී සෑම දෙයක්ම හේතුවක ඵලයක් ලෙස හෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස හෝ වෙනත් දහම් ඇසකින් දැකිය යුතුය..
අයහපතක් සිදුවුවහොත් අයහපත වෙනුවට ඒ තුළ ඇති හේතුඵල ධර්මය අවබෝධ කර ගනී.. යහපතද එලෙසමය...
මෙහිදී හේතුඵල ධර්මයක් හෝ වෙනත් ධර්ම කාරණයක් දකිනවා මිස යහපතක් අයහපතක් භුක්ති නොවිඳී...
මෙය ඉහත ජාතක කතාව අනුව අපන්නක ප්‍රතිපදාව ලෙසද හැඳින්විය හැක..
අටලෝ දහමින් කම්පා නොවීම ලෙසද හැඳින්විය හැක...
මෙවන් ආකාරයෙන් සිත භාවිතය තුළ භවය තුළ සිත පිහිටීමක් නොවනු හෝ භවයෙහි සිත පැවතීම සඳහා හේතු සකස් නොවනු ඇත...
පැහැදිලි කිරීම
අපන්ණක ජාතකයෙහි බෝධිසත්වයන් ගත් තීරණය තුල දෙආකාරයටම පිරිසට හානියක් සිදු නොවේ.
එලෙසම තමන්ට ලැබෙන යහපත අයහපත ආදී සෑම දෙයක්ම හේතුවක ඵලයක් ලෙස හෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස හෝ වෙනත් දහම් ඇසකින් දැකිය යුතුය..
අයහපතක් සිදුවුවහොත් අයහපත වෙනුවට ඒ තුළ ඇති හේතුඵල ධර්මය අවබෝධ කර ගනී.. යහපතද එලෙසමය...
මෙහිදී හේතුඵල ධර්මයක් හෝ වෙනත් ධර්ම කාරණයක් දකිනවා මිස යහපතක් අයහපතක් භුක්ති නොවිඳී...
මෙය ඉහත ජාතක කතාව අනුව අපන්නක ප්‍රතිපදාව ලෙසද හැඳින්විය හැක..
අටලෝ දහමින් කම්පා නොවීම ලෙසද හැඳින්විය හැක...
මෙවන් ආකාරයෙන් සිත භාවිතය තුළ භවය තුළ සිත පිහිටීමක් නොවනු හෝ ඒ සඳහා හේතු සකස් වනු ඇත...
පැහැදිලි කිරීම
වැරදි සහ නිවැරදි දෙය තම තම අරමුණ අනුව සාපේක්ෂවේ....
අරමුණ සැපය නම් නිවැරදි අරමුණ නිවන වනු ඇත.
වරදයෙහි පිහිටවන ලද සිත යනු හුදෙක් මෝහය සහගත සිතයි..
මෝහය යනු කෙටියෙන් නිවැරැද්ද නිවැරැද්ද ලෙස නොදැකීම වැරැද්ද වැරැද්ද ලෙස නොදැකීම වේ.
බුද්ධ ශාසනය තුළ වැරැද්ද නිවැරැද්ද නිවන අනුව තීරණය වේ..
මිරිඟුවේ වතුර ඇති ලෙස චේතනාව පිරිසිදුව සිදූ වුවත් එය මෝහ මිශ්‍රිත වේ. එම නිසා සියල්ලටම වඩා සත්වයා දුකට පත්වේ...
සසර ගත සත්ත්වයා ඉහත ආදී නොයෙකුත් කාණ්ඩවල මෝහයන්ගෙන් පිරුණු මනස් සහිත වේ..
එනම් චිත්තය වරදෙහි පිහිටා ඇත...
එනම් පවිටු සිත් ඇති හෙතෙම සසර තුළ දුකෙන් දුකටම පත්වෙයි...
පැහැදිලි කිරීම
මෙම බුද්ධ ශාසනයේ ගුණ වැඩීම යනු හර පද්ධතියයි...
සීලයද ගුණයන් පුරුදු කිරීමක් වේ..
ලෝකයේ නුගුණ දැකීම තමන් තුළ ඇති නුගුණයක් වේ...
ලෝකය ගුණ ලෙස දැකීම තමා තුළ ඇති ගුණයක් වේ.
එලෙස දැකීම සඳහා හේතුඵල, කර්ම, විපාක, . නොයෙකුත් සංඥා ක්‍රම භාවිතා කළ හැක..
ලෝකයෙන් වැරැද්දක් සිදුවෙන විට එය දරා ගැනීම තමා සතු ගුණයකි...
ගුණයන් කෙළවර වන්නේ ප්‍රඥාවෙන්ය. ප්‍රඥාව යනු ගුණයන්ගේ ඵලයකි.
ප්‍රඥාව මුලින් ඇති කරගැනීමට දරන උත්සාහය බොහෝ විට මාන්නයකින් කෙළවර වීමට ඉඩකඩ ඇත
ගුණයන් පමුණුවා ගනිමින් සාසනය තුළ රැඳීම අගනේය...
පැහැදිලි කිරීම
ලෞකික සැපයත් ඇත්තෙන්ම සැපයකි.... සත්වයා ලෞකිකයට මෙපමණ ඇලුම් කිරීමට හේතුවත් එයයි.
නමුත් එම සැපය ලබා ගැනීමට මහත් වූ දුකක් විඳිය යුතුය... විශාල කැප කිරීමක් කළ යුතුය... සම්ප්‍රයුක්තව ලැබෙන සැපය ඉතා අල්පයකි...
එය සැපයක් වුවත් එය පිටුපස ආදීනව පථ නිර්මාණය වේ.. එනම් සත්වයාට දුක උරුම වෙයි.
කෙටියෙන් පථ යනු භවයෙන් භවයට, භවයෙන් භවයට විපාක දෙමින් යන . විපාක වාරයන් ය.
මොහොතක සැපයකි... සැප සංඥාවෙන් දුක් විඳීමකි.
දීර්ඝ වූ සසර ගමනකට මාර්ගයකි....🙏🏻🙏🏻🙏🏻
මෙම පැහැදිලි කිරීම් ද සාපේක්ෂවන අතර තව තවත් වෙනස් ආකාරයේ මෙන්ම සියුම් හා ගැඹුරු පැහැදිලි කිරීම් ද ඇති බව සලකන්න...!
කූඩැල්ලා
එක් ස්ථානයක් අත හරියි. තවත් ස්ථානයක් අල්ලා ගනියි. අනෙක් ස්ථානයක වටිනාකම වැඩිවන විට ඉන්නා ස්ථානය අතහැරීම සිදුකරයි.
වටිනාකම පවතිනතුරු ගමන නොනවතී.
අන් ස්ථානයක වටිනාකම නැති වූ විට ඉන්නා ස්ථානය, සමබරවේ, මධ්‍යස්ථ වේ, ස්ථායී වේ, ගමන නවතී.
අල්ලාගෙන ලෙස පෙනුනද එහි අල්ලා ගැනීමක් නොපවතී. ඒ වෙනුවට සමබර බවක් මධ්‍යස්ථ බවක් ඇතිවී ඇත.
සිතක්ද එලෙස ක්‍රියා කරයි. කොපමණ වටිනාකමක් ඇත්ද, එපමණ ගමනක් ඇත.
වටිනාකමට මුල් වූ හේතු නැතිවන විට, මධ්‍යස්ථ බව නම් අලුත් ධර්මතාවයක් ඇතිවන අතර, බැඳීම නොබැඳීමක් නොවී එම ධර්මතාවය අහෝසි වේ. සත්ව පුද්ගල බව කෙළවර වේ.
වටිනාකම අඩු වීම, ගමනෙහි මන්දනයට හේතුවන අතර ගමන නතර වීමටද හේතුවේ.
1
2
3
4