171. නොහික්මුණු සිත
- නොහික්මුණු සිතක් මෙල්ල කිරීමට තැත් කළහොත් තව තවත් නොහික්මීම ම ඇතිවේ. ඒ වෙනුවට නොහික්මීමට තුඩු දුන් හේතු දුරු කළ යුතුය
- වැරැද්ද, නිවැරැද්ද හෝ මැද ඇතැයි සැලකිය හැකි ලෞකික උපේක්ෂාවක් ලෝක ධර්මතාවය තුළ නොයෙදේ
- එසේ පවතී නම් එය මෝහ සහගත විඤ්ඤාණයක් තුළ පමණක් යෙදේ
- හේතූන් සහ අනුරූප ඵල ලෙස ලෝක ධර්මතා ක්‍රියාත්මක අතර, එහි අවබෝධය ලෝකෝත්තර උපේක්ෂාවයි
- එහි විඤ්ඤාණයන්ට සාපේක්ෂක වූ වැරදි නිවැරදි අනුකම්පාව ආදරය දයාව ආදියක් නොයෙදේ
- සත්‍ය වශයෙන් හේතුඵල ආදී ලෙස පවතින ලෝක ධර්මතාවය වෙනත් ආකාරයකින් සිතාගැනීම වැරදි වැටහීමයි
- වැරදි වැටහීමේ ප්‍රමාණයට සිතේ නොහික්මීම ඇතිවේ
- ලෝක ධර්මතාවය, ලෝක ධර්මතාවය ලෙස වටහා ගත් විට කැමති වුවත් අකමැති වුවත් සිතෙහි හික්මීම ඇතිවේ, සිත නතර වේ, නැවත ඉපදීමක් ඇති නොවේ