Report Menu
All Cards
002. ගුණ වැඩීම
- මෙම බුද්ධ ශාසනයේ ගුණ වැඩීම යනු හර පද්ධතියයි
- සීලයද ගුණයන් පුරුදු කිරීමක් වේ
- ලෝකයේ නුගුණ දැකීම තමන් තුළ ඇති නුගුණයක් වේ
- ලෝකය ගුණ ලෙස දැකීම තමා තුළ ඇති ගුණයක් වේ
- එලෙස දැකීම සඳහා හේතුඵල, කර්ම, විපාක, නොයෙකුත් සංඥා ක්‍රම භාවිතා කළ හැක
- ලෝකයෙන් වැරැද්දක් සිදුවෙන විට එය දරා ගැනීම තමා සතු ගුණයකි
- ගුණයන් කෙළවර වන්නේ ප්‍රඥාවෙන්ය. ප්‍රඥාව යනු ගුණයන්ගේ ඵලයකි
- ප්‍රඥාව මුලින් ඇති කරගැනීමට දරන උත්සාහය බොහෝ විට මාන්නයකින් කෙළවර වීමට ඉඩකඩ ඇත
- ගුණයන් පමුණුවා ගනිමින් සාසනය තුළ රැඳීම අගනේය...
001. ලෞකික සැපය සහ සසරේ දුක
- ලෞකික සැපයත් ඇත්තෙන්ම සැපයකි.... සත්වයා ලෞකිකයට මෙපමණ ඇලුම් කිරීමට හේතුවත් එයයි
- නමුත් එම සැපය ලබා ගැනීමට මහත් වූ දුකක් විඳිය යුතුය... විශාල කැප කිරීමක් කළ යුතුය... සම්ප්‍රයුක්තව ලැබෙන සැපය ඉතා අල්පයකි
- එය සැපයක් වුවත් එය පිටුපස ආදීනව පථ නිර්මාණය වේ.. එනම් සත්වයාට දුක උරුම වෙයි
- කෙටියෙන් පථ යනු භවයෙන් භවයට, භවයෙන් භවයට විපාක දෙමින් යන විපාක වාරයන්ය
- මොහොතක සැපයකි... සැප සංඥාවෙන් දුක් විඳීමකි
- දීර්ඝ වූ සසර ගමනකට මාර්ගයකි
- මෙම පැහැදිලි කිරීම්ද සාපේක්ෂ වන අතර තව තවත් වෙනස් ආකාරයේ මෙන්ම සියුම් හා ගැඹුරු පැහැදිලි කිරීම්ද ඇති බව සලකන්න...