Report Menu
All Cards
147. පින් කැටය
- දානය යනු පහසුවෙන් සිදුකළ හැකි කුසල් උත්පාදකයකි. දෙමාපියන්, ඥාතීන්, හිතවතුන් ආදී පිරිස් ධර්මයට නැඹුරු කිරීමට හැකි එක්තරා උපක්‍රමයක් පහත දැක්වේ
- නිවසේ බුදුපිළිමයක් ඇත්නම් ඒ අසල හෝ සුදුසු ස්ථානයක දානය සඳහා මුදල් දැමිය හැකිසේ පෙට්ටියක් හෝ පින් කැටයක් අලංකාරවත් අයුරින් සකසන්න
- සෑම දිනයකම කුඩා හෝ මුදලක් දානය වෙනුවෙන් ඒ තුළට දමන්න/දැමීමට සලස්වන්න
- දානයක් එළඹුණු විට එහි ඇති මුදලෙන් තුනෙන් එකක් වැනි කොටසක් ලබා දෙන්න
- නැවතත් දානයක් එළඹෙන්නේ නම් ඉතිරි මුදලින් තුනෙන් එකක් වැනි කොටසක් ලබා දෙන්න
- මෙහිදී දන් වැටක් ආකාරයෙන් දානය සිදුවන අතර දානය සඳහා සිත භාවිතා වේ. ප්‍රමාණ කළ නොහැකි කුසලයක් රැස්වේ
- චේතනාව නිවන් අරමුණෙන්ම සිදු කිරීමට උත්සාහවත් විය යුතුය/කළ යුතුය
- ආනිසංස ලෙස නොදැනුවත්වම ධර්මයට නැඹුරුවනු ඇත. ඒ සඳහා මාර්ගය සැකසෙනු ඇත
146. නොමැරී මැරීම
- මරණය ඒකාන්තය. ව්‍යාධියක් ලෙස මරණය සිදු නොවුනහොත්, මරණයට පෙර ජීවිතයේ අවසානය ඔත්පලව අත පාමින් ජීවත්වීමට සිදුවේ. එය උපරිම ලෙස අවුරුද්දක් හෝ මදක් වැඩි විය හැක
- එම කාලයේ උදව්වක් ලබා ගැනීමේ අරමුණින් දරුවන් හදමින් දේපළ රැස් කරමින් ජීවිත කාලයම නොමැරී මැරේ. එම නිසා බොහෝ කර්මද රැස්වේ
- එහෙත් ඒකාන්ත වශයෙන් උදව්වක් ලැබේ යැයි ද බලාපොරොත්තු විය නොහැක
- එම කාලයේ යම් උදව්වක් ලැබුණත්, මරණින් මතු, එම සිදු වූ කර්මවලට සතර අපාය උරුම වුවහොත්, කිසිවෙකුට උදව්වක් කිරීමට ද නොහැකිය
- සම්ප්‍රයුක්ත වශයෙන් සිදුවිය ඇත්තේ මහත් වූ අලාභයකි
- ඇත්ත වශයෙන්ම උදව්ව ලැබිය යුත්තේ ඔත්පලව සිටින කාලයට නොව, මරණ මංචකයේ, සසර ගමන තීරණය කරන, චුති සිත පිහිටවීමටය
- එයට එකම උදව්ව වන්නේ ප්‍රගුණ කළ ධර්මයන් ය.
- තමන්ට යම් විවේකයක් ලැබෙන්නේ නම් එය ධර්මය වෙනුවෙන්ම යෙදවිය යුතුය
- දරුවන් හැදීම, දේපල රැස්කිරීම වැනි වැලි මාලිගා වෙනුවට ද තව තවත් ධර්මයන් ම ප්‍රගුණ කළ හැකි නම් එය මහත්ඵල මහත් ආනිසංසය...
145. මුලාව යනු කුමක්ද?
- නැත යනු මුලාවයි. ඇත යනු මුලාවයි
- නැත නම්, පෙර ඇත හෝ පසු ඇත යන ලෙස ඇත බව කියැවේ
- ඇත නම්, පෙර නැත හෝ පසු නැත යන ලෙස නැති බව කියැවේ
- ඇත නැත යන්න සංක්ෂිප්ත වූ අටලෝ දහමයි. ද්වයතාවය යනු ද මෙයයි
- පඹයෙකුට පුද්ගලයෙක් යැයි රැවටී ඇතිවිට ඒ ගැහැණියෙක්ද පිරිමියෙක්ද යන ප්‍රශ්නයක් ඇත්නම් එය මුලාව නිසා සිදුවූවකි
- පඹයෙක් බව සැකහැර දැනගත් විට පිළිතුරු අපේක්ෂාව වෙනුවට ප්‍රශ්නය නිරෝධ වේ
- සත්ව පුද්ගලභාවය ඇත නැත යන මුලාව ප්‍රබලම මුලාවයි
- හේතූන් අනුව ඇත නැත ලෙස ඇතිවන සත්ව පුද්ගල දෘෂ්ටිය ධර්මතාවයක් වන අතර එහි ප්‍රත්‍යක්ෂ අවබෝධය සක්කාය දෘෂ්ටිය සිඳී යෑමයි
- බිඳුණු සක්කාය දෘෂ්ටිය ඇති විට අනෙක් සංයෝජනවල පැවැත්මක් නැත. ඒකාන්තයෙන් පිරිනිවෙනු ඇත
144. පෝෂණය
- ගස නැමැති ධර්මතාවය බොහෝ ශක්තිමත්ය. අපට ගසක් ලෙස බාහිරින් අලංකාරව පෙනුනද එහි අභ්‍යන්තරයේ පෝෂණය වෙනුවෙන් සංකීර්ණ ක්‍රියාවලියක් ඇත
- කුඩා ඒකක වන මල්, ඵල, පත්‍ර ආදියේද වෙන වෙනම එහි පෝෂණය සඳහා වූ ධර්මතාවයන් ක්‍රියාත්මක වේ
- බාහිර වූ හිරු එළිය, වාතය, පොළව ආදී හේතුන් ද පෝෂකයන්ය
- ගසෙහි පැවැත්ම බිඳීමට නම් මේවා පිළිබඳ හොඳ අධ්‍යයනයක් තිබිය යුතුය. ගසෙහි පැවැත්ම බිඳීමට අතු කැපීම, කොළ, ගෙඩි, මල් කැඩීම ආදියෙන් ඇති පලක් නැත
- මනුස්ස ආදී ශරීරයද එලෙසමය. බාහිරින් මනුස්සයෙක් ලෙස පෙනුනද අභ්‍යන්තරයේ ශරීරය පෝෂණය වෙනුවෙන් ද විඤ්ඤාණය පෝෂණය වෙනුවෙන් ද සංකීර්ණ ක්‍රියාවලියක් පවතී
- විඤ්ඤාණයෙහි පැවැත්ම බිඳීමට විඤ්ඤාණය පිළිබඳ හොඳ අධ්‍යයනයක් තිබිය යුතුය. මෙයට පෝෂණය සපයන ප්‍රධාන සැපයුම් මාර්ගය සොයා ගත යුතුය
- දානය දීම, සිල් රැකීම ආදිය ශ්‍රේෂ්ඨ වූවත්, අතු කැපීමක් වැනිය
- මෙහිදී විඤ්ඤාණය පෝෂණය කරන ප්‍රධානතම හේතුව වූ මුලාව මුලින් උපුටා දැමිය යුතුය. විදර්ශනාව පිණිසය...
143. අමිල වූ මිල
- වාතාශ්‍රය, ජලය, ආහාරපාන, සිසිලස, උණුසුම ආදී සියලු බාහිර සම්පත් ඇත්තේ අමිලවය, මිලකින් තොරවය. යම් යම් හේතුඵලයන්ට යටත්වය
- නමුත් මෙම සම්පත් වලට නොයෙකුත් වටිනාකම් ආදිය ආදේශ කිරීම මුලාව නිසා සිදුවූවකි
- මෙම වටිනාකම් තීරණයද නිරපේක්ෂ ලෙස නොව, තමන්ට ඒවායේ ඇති වටිනාකම අනුව තීරණය වී ඇත
- එහි දිගුවක් ලෙස නොයෙකුත් රාමුවලට කොටුවීමට සිදුවේ
- ආදීනව ලෙස ඒවා තුළ හික්මීමට මහත් පරිශ්‍රමයක්, දුකක්, පීඩාවක් දැරීමට සත්වයාට සිදුවී තිබේ. කර්මයන් බලවත් වී ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදිය උරුම වේ
- මුලාවන් අතර ප්‍රබලම මුලාව වන්නේ සත්වයෙක් පුද්ගලයෙක් ලෙස මුලාවීමයි. සත්ව පුද්ගල භාවය නිරෝධ වූ විට ඉහත සඳහන් සියලු ම දෘෂ්ටීන් නිරෝධ වනු ඇත. සියල්ල සුවපත් වනු ඇත. විදර්ශනාව පිණිසය...
142. කවලම් කිරීම
- මානසික පරීක්ෂණය: භාජනයක ඇති සීනි හොඳින් කවලම් කර නිරීක්ෂණය කළ විට නැවත ඇත්තේ සීනිය. පෙර පසු සමානය. එය පිළිගත හැකි කාරණයකි
- පෘතුවිය බෙලෙන්ඩරයකට දමා හොඳින් කවලම් කරගත්විට ප්‍රතිඵලය දූවිලි ස්වභාවයකි
- කවලම් කිරීමට පෙර තිබූ ගහකොළ, සත්වයන්, භෞතික වස්තුන් ආදී කිසිවක් නිරීක්ෂණය නොවේ
- පෙර පසු අසමානය. ගම්‍ය වන්නේ ලෝකය පිළිබඳ දැන සිටි ආකාරයේ යම් වරද සහගත බවක් ඇති බවය
- මනුස්සයෙක් සම්බන්ධවද පරීක්ෂණය සිදු කළ විට පෙර පසු නොගැලපීමක් ඇත
- පෙර දැන සිටි විදිය පසුවද එලෙසම නම් එය යම් ප්‍රමාණයකට පිළිගත හැක
- නමුත් ලෝකය සම්බන්ධව මනුස්සයන් ආදීන් සම්බන්ධව ලැබෙන ඉහත ප්‍රතිඵල අනුව නිගමනය වන්නේ එළිපිටම මුලාවක් පවතින බවය. විදර්ශනාව පිණිසය
141. බාහිරය
- මම යන්න පැවසීමට නමි මම නොවන අනෙකක්ද තිබිය යුතුය. නොමැති නම් මම යන්නත් පැනවිය නොහැක
- මගේ යන්න පැවසීමට නම්, මගේ වන දෙයක් ද බාහිර පැවතිය යුතුය. මගේ වන දෙයක් නොතිබේ නම් මගේ යන්නත් පැනවිය නොහැක
- මගේ පාලනයේ ඇත යන්න පැවසීමට නම් පාලනයට නතු වූ දෙයක් බාහිර පැවතිය යුතුය
- එනම් මෙම සියළුම දෘෂ්ටීන් බාහිරයට සාපේක්ෂව සකස් වේ. බාහිරයක් නොතිබේ නම් මම, මගේ, මගේ පාලනයේ ඇත නැත ආදී සක්කාය දෘෂ්ටිය පැනවෙන්නේ නැත
- එනම් බාහිරය හේතුවෙන් අභ්‍යන්තරය පැනවේ. එසේම අභ්‍යන්තරය හේතුවෙන් බාහිරය පැනවේ
- අන් ආකාරයෙන් අභ්‍යන්තරයෙන් තොර බාහිරයක් නැත. බාහිරයෙන් තොර අභ්‍යන්තරයක්ද නැත
- අභ්‍යන්තරය බාහිරය යනු මුලාව හේතුවෙන් හටගත් දෘෂ්ටීන් පමණි. විදර්ශනා කර වහ වහා දුරු කළ යුතුය
140. උපාය දන්නා අපායේ නොවැටේ
- සාදන ලද ගෙයක ජීවත් වීම, ගෙය පවතිනතුරුය
- නමුත් නැවත ගෙයක් සාදා ගැනීම ගෙයක් තිබූ පමණකින් කළ නොහැක
- ඒ සඳහා අමුද්‍රව්‍ය මෙන්ම එම හැකියාව ඇති පිරිසක්ද උපකරණද ඉඩමක්ද අවශ්‍යය. එම හේතූන් නැති විට නැවත ගෙයක් සෑදීමක් අපේක්ෂා කළ නොහැක
- පරිගණකයක මෘදුකාංගයක් ස්ථාපනය සඳහා සෙටප් ෆයිල් එකක් අවශ්‍ය වීම තවත් උදාහරණයකි. සෙටප් ෆයිල් එක විනාශ කළ විට නැවත එම මෘදුකාංගය ස්ථාපිත කළ නොහැක
- රහතන් වහන්සේ ද එලෙසය. අතීත විපාකයට සකස් වූ ශරීරය වැය වනතුරු ජීවත්වීම කල හැක. නමුත් නැවත ඉපදීමකට අදාළ හේතූන් නිරෝධ වී ඇත. එම නිසා නැවත උප්පත්තියක් නැත
- අපගේ පැවැත්ම සිදු වන්නේද නැවත ඉපදීමේ හැකියාව ඇතිවන්නේද එදිනෙදා ක්‍රියාකාරකම් තුළමය
- අද්භූත ආශ්චර්යය ලෙස නැවත ඉපදෙන්නේ නැත. සිහිය කමටහන් ආදී උපායන් පාවිච්චි කරන්නේ නම් අපායෙන් මිදිය හැකි අතර තවදුරටත් දියුණු කරන විට නැවත ඉපදීමක් ද සිදු නොවනු ඇත
139. දුබලතාවය
- ඇස යනු ඉතාම දුර්වල ඉන්ද්‍රියකි.එයින් ඇත්ත නොපෙන්වයි. ගහ කොළ සතා සීපාවා ආදී ලෙස පෙනෙන්නේ ඒ නිසාය
- පෙනෙන දේ ඇසේ විභේදන ශක්තියට සාපේක්ෂකය.
- උදාහරණයක් ලෙස ඇසට අන්වීක්ෂයක් මෙන් ඉතා විශාල විභේදන හැකියාවක් ඇත්නම් රූපයන්, රූපයන් ලෙස හඳුනා ගන්නේ නැත. සියලු දේ අංශුමය ස්වරූපයෙන් දිස්වනු ඇත.
- තවදුරටත් ඇසේ විභේදන හැකියාව ඇත්නම් අංශු වෙනුවට ශුද්ධාෂ්ටකය ආදී ධාතුමය ස්වරූපයෙන්ම පෙනෙනු ඇත
- තණ්හාව දුරු වී පසේ බුද්ධත්වය ආදී ලෙස සසරෙන් මිදී යෑම අපේක්ෂා කළ හැක. අනෙක් ඉන්ද්‍රියන් සම්බන්ධවද මෙලෙසමය
- අපගේ ඉන්ද්‍රියන් ඉතා දුර්වලය. එම දුර්වල ඉන්ද්‍රියන්ට ගෝචර වන දෑ සත්‍ය යැයි මුලාවීම සසර යෑමට ප්‍රධානතම කාරණයයි
138. ටාගට්
- ඉපදුන දා සිට දනගෑම, බහතේරීම, ළදරු පාසල්, පාසැල්, ශිෂ්‍යත්ව, ඕලවල් ආදී ලෙස අධ්‍යාපන කටයුතු සඳහා ටාගට් පවතී
- පසුව රැකියාව, විවාහය, පළමු දරුවා, දෙවන දරුවා, වත්කම්, වාහන ආදී ලෙස ද ටාගට් පවතී
- අවසානයේ දරුවන්ගේ විවාහය, දරුවන්ගේ දරුවන් බලා ගැනීම, ලෙඩ රෝග සුව කර ගැනීම ආදී ලෙස ද ටාගට් පවතී. අවසානයේ ලෙඩ දුක් විඳ මරුමුවට පත්වේ
- කිසි දිනෙක ටාගට් ඉවර වන්නේ නැත. ටාගට් යනු වළාකුලු වැනිය. ළඟට යන විට එහි එවැන්නක් නොමැත. ඉදිරියෙන් වෙනත් වලාකුලක් වෙනත් ස්වරූපයකින් දිස්වේ. කෙළවරක් නොමැත
- අවසානයේ ඉතිරි වන්නේ වෙහෙස, මහන්සිය, කනස්සල්ල, පසුතැවිල්ල ආදිය පමණි
- ස්වාමියා, බිරිඳ, දරුවන්, දෙමාපියන්, ඥාතීන්, හිතවතුන් ආදීන් හිස මුදුනේ තබා කටයුතු කළ ද එහි එවැන්නක්ද නොමැත
- විදර්ශනා කළ යුතුය. මස් ඇටකටු ආදී අසූචියම මිස වෙන කිසිවක් එතන නොමැත
- අවසානයේ සියල්ල මානසික වූ මුලාවක් බව ද වැටහෙනු ඇත. විරාගය නොඇල්ම ආදී ධර්මයන් ස්පර්ශ කොට නිවී සැනසී යනු ඇත
137. විදර්ශනාවට යමක්
- මම යන්නක් පැනවීම නිශ්චිත පරිමාවක්, ස්කන්ධයක්, උෂ්ණත්වයක් ආදිය වත් ඇත්නම් සලකා බැලිය හැක
- අතීතයේ ද නොතිබෙන අනාගතයේ ද නොතිබෙන යමක් වර්තමානයේ තිබීමක් විශ්වාස කළ නොහැක
- ඉතා සංවේදී තරාදියකින් මනිනු ලැබුවේ නම් ශරීරයේ බර ක්ෂණයක් පාසා වෙනස්වෙයි. හුස්ම ගැනීමේදී බර වැඩිවේ. හුස්ම පිට කිරීමේදී බර අඩුවේ
- එලෙසම උෂ්ණත්වය, පරිමාව, හැඩය ආදිය ද ක්ෂණයක් පාසා වෙනස් වෙයි
- ශරීර අභ්‍යන්තරයේ ඇති කොටස් බාහිරයටද බාහිරේ ඇති කොටස් අභ්‍යන්තරයට ද වේගයෙන් හුවමාරුවේ
- මම පරිහරණය, උදාහරණයක් ලෙස අත දරුවෙකුට ගුවන්යානයක පාලක මැදිරිය ලබා දුන්නා සේය
- ඉර පායන බව දැන ගත හැකිය. නමුත් දැනගත් පමණකින් එහි අයිතිය අප සතු නොවේ
- එලෙසම සිතිවිල්ලක් ද ඇතිවන බව පමණක් දැනගත හැකිය. දැනගත් පමණකින් සිතිවිල්ලේ අයිතිය අප සතු නොවේ
136. ඔන්චිල්ලාව
- ගැටගැසීමක්, ඇදීමේ බලයක් ද ආදි හේතු ඇති විට දෙපසට පැද්දීමක් සිදුවේ. ඔන්චිල්ලාව තුළ සිදුකරන ක්‍රියාකාරකම අනුව පැද්දීම අඩු වැඩිවීම තීරණය වේ
- ඒ දෙසට පැද්දෙන්නේ මේ දෙසට පැමිණීම සඳහාය. මේ දෙසට පැද්දෙන්නේ ඒ දෙසට පැමිණීම සඳහාය
- ද්වේශය, පළිගැනීම ආදී දෘෂ්ටියක් එහි නොයෙදෙන අතර පවතින්නේ හේතුඵල ක්‍රියාවක්ය. ගැටගැසීම ආදී හේතු නිසා ඇති වන පැද්දීම ගැට ගැසීම නැතිවන විට නැතිවන්නේය. හේතු නිරෝධ වන විට පැද්දීමක් පැනවෙන්නේ නැත
- සිත නැමැති ධර්මතාවය ද එසේමය. මෝහය ඇති විට අටලෝ දහම තුළ දෙපසට පැද්දීම සිදුවේ
- හඬා දොඩා ප්‍රාර්ථනා සිදුකර මෙයින් මිදිය නොහැක. අනුකම්පාව, සමාව, ආදරය, ආදී ධර්මතා යෙදෙන්නේ මානය සක්කාය දෘෂ්ටිය නැමති රාමුව තුළය. එම නිසා කිසිම සමාවක් ලැබෙන්නේ ද නැත
- මෝහය නැමැති හේතුව නිවැරදි වන්නේ කවදාද ඒතාක් මෙම පැද්දීම සිදුවේ. එම නිසා මෝහය මුලාව දුරු කිරීමට ම උත්සාහවත් විය යුතුය
135. සුතමය ඥානය
- නිවන් මාර්ගය සඳහා සුතමය ඥානය අනිවාර්ය වූ සාධකයකි
- මානසික පරීක්ෂණය: එක සමාන, විවෘත කිරීමට අපහසු හිස් පෙට්ටි අනන්ත ප්‍රමාණයක් සලකන්න
- නිවන් මගෙහි යතුර එක් පෙට්ටියක ඇතැයි ද, එක් පෙට්ටියක් විවෘත කිරීමට අවුරුදු ගණනාවක් හෝ ජීවිත කාලයම යන්නේ යයිද සලකන්න
- කාලය, වීරිය, උපක්‍රම ආදිය කොපමණ යෙදුවත් යතුර ලබා ගැනීමේ හැකියාව ඉතා දුර්ලභය
- යම් උත්තම පුද්ගලයෙකු ඇඟිල්ල දිගු කර අසවල් පෙට්ටියේ යතුර ඇතැයි ඒකාන්තයෙන් පවසන්නේ නම්, එය වචන කිහිපයක් පමණක් වුවද එහි වටිනාකම කෙසේ නම් ප්‍රමාණ කළ හැකිද?
- තථාගතයන් වහන්සේ නොයෙකුත් විමුක්ති මාර්ග අතුරින් අසවල් දෙය ඒකාන්ත විමුක්තිය ලෙසද, එය අසවල් මාර්ගයෙන් ලැබෙන්නේ යයිද පැවසීමත් එලෙසමය
- එම ධර්මයන් දැනගැනීම සුතමය ඥානය වේ. එක් ධර්ම කරුණක් වුවද එහි සාර අසංඛ්‍යය කල්ප ලක්ෂයක පාරමිතා ශක්තියම ගැබ්ව පවතී. වටිනාකම වචන වලින් ප්‍රමාණ කළ නොහැක
134. සසර ජීවිතය
- තවත් රාත්‍රියක් ද අවසාන විය..
- සංසාරය බොහෝ දුක ලෙස අප අසා ඇත. නමුත් එය අපට වචනයක් පමණ
- එම දුක කුමක්දැයි අපට තවම වැටහී නැත. සසර පුරා දුකම විඳ හිත හිරිවැටී ඇත
- ඇත්තෙන්ම සංසාරය දුකය. කිසිම සමාවක් නොමැත. සියලු උප්පත්ති භූමි සැකසී ඇත්තේ දුක් විඳීමටය
- දුක්ඛයන් වටහා ගත යුත්තේ දැන් මේ මොහොතේය. එවිට දුක නිමා කළ හැක, නොමැති නම් නොබෝ කලකින් එම දුක විස්තරාත්මක ලෙස විඳීමට සිදුවනු ඇත
- මනුස්ස ජීවිතය අහිමිවූ පසු දුක වටහාගෙන ඇති පලක් නැත. නැවත නැවතත් හිරි වැටුණු හිතට, හිරි ඇරෙනතුරු පහදා දිය යුතුය
- බොහෝ සංවේදී විය යුතුය. සංසාර ගමන පහසුවෙන් නිමා කළ හැක්කේ බුද්ධකාලයක ලැබූ මනුස්ස ජීවිතයකිනි...
- මේ තත්පරයෙන් තත්පරය ගෙවෙන්නේ ඔබට එසේ ලැබුණු තවත් වටිනා මනුස්ස ජීවිතයකි.
133. මාරයාගේ ඊහිස
- මාරයාගේ දුන්නේ ඊ හිසේ ඇත්තේ උලක් නොව මලක්ය
- මලක් ලෙස සිතා පපුව දුන් විට ඊ හිස පපුව පසාරු කරගෙන යන්නේය. බොහෝ වේදනාවට දුකට පත්වන්නේය
- කාම සම්පත්තීන් ලබා ගැනීමට පෙර, අපටද එය සැපයැයි ද සුන්දර යැයිද පෙනේ
- නමුත් ලබාගත් පසු ඒ අනුබද්ධයෙන් බොහෝ දුක් විඳීමට සිදුවේ. බොහෝ විට තම මනුස්ස ආයුෂයම මේ ආදී දුක් නඩත්තුව සඳහා වැය වේ
- ඇත්තෙන්ම මලක් සංඥාවෙන් පැමිණෙන්නේ තියුණු උලක්ය
- උදාහරණයක් ලෙස ප්‍රේමවන්තයන්ගේ සියදිවි නසා ගැනීම් සෑම කාලයෙම සිදුවන දෙයකි
- එනම් එම සම්බන්ධය පටන් ගැනීමම ඔවුන්ගේ විනාශය සඳහාම සිදුවූවකි. මලක් ලෙස පැමිණි උලකි
- බොහෝ කාමයන් සම්බන්ධයෙන් මෙලෙසමය. අවසානයේ කෙළවර වන්නේ දුකකින්ය
- එනම් ඇත්තේ සැප දේ දුක ලෙස ද දුක දේ සැප ලෙසද පෙනෙන සංඥා විපල්ලාසයකි. විදර්ශනාව පිණිසය
132. ප්‍රාණඝාත කර්ම විපාක
- කර්ම විපාක, ප්‍රතිසන්ධි විපාක ප්‍රවෘත්ති විපාක වශයෙන් දෙ වැදෑරුම් වේ
- කුශලාකුශල කර්මයෝ මරණාසන්නයේ දී එළඹ සිටි සත්ත්වයා සුගති දුර්ගතිවලට පමුණුවති. එය කර්මයන්ගේ ප්‍රතිසන්ධි විපාකය ය
- වරක් ප්‍රතිසන්ධිය ගෙන දුන්නා වූ ද දුබල බැවින් ප්‍රතිසන්ධියක් ඇති කිරීමට අපොහොසත් වූ ද කර්මය භවයෙහි උපන් සත්ත්වයාහට වරින් වර සැප දුක් ගෙන දෙන්නේ ය. ඒ සැප දුක් කර්මයේ ප්‍රවෘත්ති විපාකයෝ ය
- ප්‍රාණඝාත කර්ම ප්‍රතිසන්ධි විපාක දීම් වශයෙන් කර්මය කළ තැනැත්තා නරකයෙහි ද උපදවයි. ප්‍රේත යෝනියෙහි ද උපදවයි. තිරිසන් යෝනියෙහි ද උපදවයි
- ප්‍රවෘත්ති විපාක වශයෙන් උපන් සත්ත්වයා හට රෝගාදි අන්තරායයන් ඇති කරයි. එබැවින් ප්‍රාණඝාත කර්මය කළවුනට අඩු ආයුෂයෙන් මැරෙන්නට ද සිදුවේ
- තවද ප්‍රාණාතිපාත කර්මය කළ තැනැත්තා අන් කුශලයකින් සුගතියක උපන් කල්හි ද ඒ හේතුවෙන් අසම්පූර්ණ වූ අංග ප්‍රත්‍යංග ඇතියෙක් වේ
- උසින් මහතින් ඌන වූ ශරීර ඇත්තේ වේ. දුබල තැනැත්තේ වේ. නො මනා අවයව ඇතියෙක් වේ
- ලෝකයාට අප්‍රිය කෙනෙක් වේ. අශෝභන ශරීර ඇතියෙක් වේ. බිඳෙන පිරිස් ඇතියෙක් වේ
- නොයෙක් විට ශෝක කරන්නෙක් වේ. නිතර බියෙන් පෙළෙන්නෙක් වේ. අකාරණයෙහි ද බිය වන්නෙක් වෙයි. බොහෝ සතුරන් ඇත්තේ වේ. සතුරන් විසින් පෙළනු ලබන්නෙක් වේ. පරෝපක්‍රමයෙන් මරණයට පැමිණෙන්නේ වෙයි. දැනගැනීම පිණිසය
131. චක්ෂු ප්‍රසාදය
- රූපයන් දක්නා වූ චක්ෂුර් විඥානය උපදනා ස්ථානය වූ ඇස තුළ පිහිටි ඔපය චක්ෂු ප්‍රසාදය ය
- ඇසේ කළු ඉංගිරියාව මැද තෙලක් මෙන් පැතිරී පිහිටා තිබේ
- ඒ ඔපයෙහි ඉදිරියෙහි රූපයන්ගේ ඡායා පහළ වූ කල්හි, දකින සිත වූ චක්ෂු විඥානය උපදී. එයට දැකීම යයි ද පෙනීම යයි ද කියනු ලැබේ
- චක්ෂු ප්‍රසාදය පිහිටි ස්ථානයේ ප්‍රමාණය උකුණු හිසක් පමණ වන බව බොහෝ අභිධර්ම ග්‍රන්ථවල දක්වා තිබේ
- පඨවි ධාතුවය, ආපෝ ධාතුවය, තේජෝ ධාතුවය, වායෝ ධාතුව යයි භූතරූප සතරෙකි
- භූත රූප සතර, වර්ණය, ගන්ධ, රස, ඕජා, ජීවිතේන්ද්‍රිය ය යන රූප නවය හා එක් ව චක්ඛුප්‍රසාදය උපදී
- චක්ඛුප්‍රසාදය සහිතව ඒ දශයක්ට චක්ඛුදසක කලාප යයි කියනු ලැබේ. ඉතිරි රූප නවයෙන් වෙන් ව චක්ඛුප්‍රසාද රූපයට පමණක් නූපදිය හැකි ය
- චක්ඛු දසක කලාපය ඉතා කුඩා ය. උකුණු හිසක ප්‍රමාණයෙහි දහස් ගණන් චක්ඛු දසක කලාප ඇත්තේය
- ඇසෙහි චක්ෂු දසක කලාප ක්ෂණ්‍යක් පාසා ම අලුතෙන් උපදී. ආයුෂය ගෙවූ කලාපයෝ නිරුද්ධ වෙති. පරණ කලාප නිරුද්ධ වීමෙන් වන අඩුවට ක්ෂණයක් පාසා ම චක්ඛු දසක කලාප උපදිති. දැන ගැනීම පිණිසය
130. ප්‍රසාද රූප පස
- චක්ෂුඃ ප්‍රසාදය, ශ්‍රෝත ප්‍රසාදය, ඝ්‍රාණ ප්‍රසාදය, ජිව්හා ප්‍රසාදය, කාය ප්‍රසාදය යි ප්‍රසාද රූප පසෙකි
- ප්‍රසාද යනු ඔපයට නමෙකි. කැඩ පත් ආදියෙහි අන්‍ය වස්තූන්ගේ ඡායාවන්ට ඇතුළු වී සිටීමට යෝග්‍ය ස්වභාවයක් ඇත්තේ ය. ඔපය යි කියනුයේ එයට ය
- සත්ත්ව ශරීරයන්හි ද රූපාදි ආරම්මණයන් ගේ ඡායා ප්‍රවේශ වීමට යෝග්‍ය වූ කර්මයෙන් හට ගත්තා වූ චක්ෂු විඥානාදීන්ට නිඃශ්‍රය වන්නා වූ ඔප පසක් ඇත්තේ ය
- ප්‍රසාද රූපයෝ යයි කියනුයේ ඒ ඔප ගතිවලට ය. ඒවාට ඉන්ද්‍රිය යයි ද කියනු ලැබේ. මතකයේ තබා ගැනීමටය
129. නිවීම
- නිවීමේ අවශ්‍යතාවය ඇත්තේ ඇවිලීමක් ඇති විට ය.
- ගින්නක ඇවිලීමේ ස්වභාවය ගිනිදළු එකින් එක වැඩිවීමයි
- හටගත් ගින්නක පැවැත්මේ ස්වභාවය ගිනි දළු අඩුවීම වැඩිවීම ගිනි පුලිගු ලෙස පැවතීම නැවත ඇවිලීම ආදී ලෙසය
- ගින්නක ඇති හානිය වන්නේ ප්‍රධාන ලෙස පිච්චීමය
- එලෙසම සිත මුලාව මෝහය නැමැති ගිනිපුළිඟු ඇති විට ඇවිලීම සිදුවේ. ගිනි ගන්නා විට නැගෙන ගිනිදළු සිතිවිලිය. මෝහය නැමැති ගිනිපිලිඟු ඇති බැවින් නැවත ඇවිලෙන්නේය
- ගින්නක පිච්චීම පිච්චුනා එපමණය. නමුත් මෙහිදී සිදුවන පිච්චීමේ හානිය ප්‍රමාණකල නොහැක. ගෑස්ටික්, ස්ට්‍රෙස්, කනස්සල්ල, පීඩාව සිත විසිරීම ආදිය දිට්ඨධම්මවේදනීයව ලැබෙන අතර කර්මයන්, කර්මපථයන් සකස් කරමින් අවසානයේ නොනිවෙන ගින්නක් බවට පත්වේ
- මෙහි තරම දන්නා අයෙක් කිසිසේත් සසරෙහි නොරැදෙන්නේය. හිසෙහි හටගත් ගින්න නිවන්නාසේ වීරිය වඩා වහ වහා සසරෙන් එතෙර වීමට කටයුතු කරන්නේය.
128. මානය
- සත්ව පුද්ගල දෘෂ්ටිය මානයේ පදනම වේ. සසර ගත වැරදි වැටහීමක් හේතුවෙන්, උත්පත්තියෙන්ම, සත්වයෙක්/පුද්ගලයෙක් පැනවිය නොහැකි තැනක සත්වයේක්/පුද්ගලයෙක් ඇතැයි පනවා ගැනීම දුක ආදී සියල්ලටම ප්‍රධාන හේතුවයි
- මානයේ ඇති ප්‍රධාන හානිය වන්නේ මට උනා මම කළා ආදී ලෙස කර්මය බලගැන්වීමයි
- තවද දිට්ඨධම්ම ලෙස අටලෝ දහමින් සෙලවීම ඇති කරන සිතේ විසිරීම, කනස්සල්ල, පීඩාව, පසුතැවිල්ල, ඉච්ඡාභංගත්වය, ආදරය කරුණාව ආදී සියල්ලටම පදනම ද මෙයයි
- මුවා බොහෝ අහිංසක සතෙකි. නමුත් කාන්තාරයේ වතුර ඇතැයි යන වැරදි වැටහීම සිදුවූ පමණකින් බොහෝ දුකට සහ අවසානයේ මරුමුවට පවා පත්විය හැකිය
- එම නිසා සියලු අකුසලයන්ට වඩා මිථ්‍යා දෘෂ්ටිය/වැරදි වැටහීම ප්‍රබල වේ
- එලෙසම මානය යන වැරදි වැටහීම නිසාම සත්වයා බොහෝ දුකට පත්වන අතර නිරයන්හි පවා උප්පත්තිය ලැබීමට හේතුවේ
- නිවන් මගේ පාදම වන සක්කාය දිට්ඨිය දුරුවීමද අති ප්‍රබල ක්ලේශයක් වන මානය තේරුම් ගැනීම නිසා සිදුවන්නකි
- මේ මානයට එරෙහිව අවි එසවිය යුතු අවස්ථාවයි. යුද්ධයට නැති අවිය මක් කරන්නද...? තමා තමාගෙන්ම විමසිය යුතු ප්‍රශ්නයයි