Report Menu
Main
Home
Books & Audio
Books/Audio
Audio Player
Posts & Quotes
Posts
Dhamma Quotes
Video
Video
Dhamma Video Notes
E-Books
Dhamma eBooks
Short Notes
Short Notes
Short Notes (Images)
Gallery & Stickers
Dhamma Image Gallery
Stickers
Audio Discussions
Nivan Dakimu Discussions
Sampath-Discussions
Sapumal-Discussions
All Cards
Search
Total Cards:
244
| Page:
13
of
13
| Showing:
4
cards
Sort by: Id (DESC)
ID (Newest First)
ID (Oldest First)
Title (A-Z)
Title (Z-A)
Date (Newest First)
Date (Oldest First)
004. අපන්ණක ප්‍රතිපදාව
අපන්ණක ජාතකයෙහි බෝධිසත්වයන් ගත් තීරණය තුල දෙආකාරයටම පිරිසට හානියක් සිදු නොවේ
එලෙසම තමන්ට ලැබෙන යහපත අයහපත ආදී සෑම දෙයක්ම හේතුවක ඵලයක් ලෙස හෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස හෝ වෙනත් දහම් ඇසකින් දැකිය යුතුය
අයහපතක් සිදුවුවහොත් අයහපත වෙනුවට ඒ තුළ ඇති හේතුඵල ධර්මය අවබෝධ කර ගනී.. යහපතද එලෙසමය
මෙහිදී හේතුඵල ධර්මයක් හෝ වෙනත් ධර්ම කාරණයක් දකිනවා මිස යහපතක් අයහපතක් භුක්ති නොවිඳී
මෙය ඉහත ජාතක කතාව අනුව අපන්ණක ප්‍රතිපදාව ලෙසද හැඳින්විය හැක
අටලෝ දහමින් කම්පා නොවීම ලෙසද හැඳින්විය හැක
මෙවන් ආකාරයෙන් සිත භාවිතය තුළ භවය තුළ සිත පිහිටීමක් නොවනු හෝ ඒ සඳහා හේතු සකස් වනු ඇත
Your browser does not support the audio element.
003. මෝහයේ බැඳුම
වැරදි සහ නිවැරදි දෙය තම තම අරමුණ අනුව සාපේක්ෂවේ
අරමුණ සැපය නම්, නිවැරදි අරමුණ නිවන වනු ඇත
වරදෙහි පිහිටවන ලද සිත යනු හුදෙක් මෝහය සහගත සිතයි
මෝහය යනු කෙටියෙන් නිවැරැද්ද නිවැරැද්ද ලෙස නොදැකීම සහ වැරැද්ද වැරැද්ද ලෙස නොදැකීම වේ
බුද්ධ ශාසනය තුළ වැරැද්ද නිවැරැද්ද නිවන අනුව තීරණය වේ
මිරිඟුවේ වතුර ඇති ලෙස චේතනාව පිරිසිදුව සිදූ වුවත් එය මෝහ මිශ්‍රිත වේ. එම නිසා සියල්ලටම වඩා සත්වයා දුකට පත්වේ
සසර ගත සත්ත්වයා ඉහත ආදී නොයෙකුත් කාණ්ඩවල මෝහයන්ගෙන් පිරුණු මනස් සහිත වේ
එනම් චිත්තය වරදෙහි පිහිටා ඇත
එනම් පවිටු සිත් ඇති හෙතෙම සසර තුළ දුකෙන් දුකටම පත්වෙයි...
Your browser does not support the audio element.
002. ගුණ වැඩීම
මෙම බුද්ධ ශාසනයේ ගුණ වැඩීම යනු හර පද්ධතියයි
සීලයද ගුණයන් පුරුදු කිරීමක් වේ
ලෝකයේ නුගුණ දැකීම තමන් තුළ ඇති නුගුණයක් වේ
ලෝකය ගුණ ලෙස දැකීම තමා තුළ ඇති ගුණයක් වේ
එලෙස දැකීම සඳහා හේතුඵල, කර්ම, විපාක, නොයෙකුත් සංඥා ක්‍රම භාවිතා කළ හැක
ලෝකයෙන් වැරැද්දක් සිදුවෙන විට එය දරා ගැනීම තමා සතු ගුණයකි
ගුණයන් කෙළවර වන්නේ ප්‍රඥාවෙන්ය. ප්‍රඥාව යනු ගුණයන්ගේ ඵලයකි
ප්‍රඥාව මුලින් ඇති කරගැනීමට දරන උත්සාහය බොහෝ විට මාන්නයකින් කෙළවර වීමට ඉඩකඩ ඇත
ගුණයන් පමුණුවා ගනිමින් ශාසනය තුළ රැඳීම අගනේය...
Your browser does not support the audio element.
001. ලෞකික සැපය සහ සසරේ දුක
ලෞකික සැපයත් ඇත්තෙන්ම සැපයකි.... සත්වයා ලෞකිකයට මෙපමණ ඇලුම් කිරීමට හේතුවත් එයයි
නමුත් එම සැපය ලබා ගැනීමට මහත් වූ දුකක් විඳිය යුතුය... විශාල කැප කිරීමක් කළ යුතුය... සම්ප්‍රයුක්තව ලැබෙන සැපය ඉතා අල්පයකි
එය සැපයක් වුවත් එය පිටුපස ආදීනව පථ නිර්මාණය වේ.. එනම් සත්වයාට දුක උරුම වෙයි
කෙටියෙන් පථ යනු භවයෙන් භවයට, භවයෙන් භවයට විපාක දෙමින් යන විපාක වාරයන්ය
මොහොතක සැපයකි... සැප සංඥාවෙන් දුක් විඳීමකි
දීර්ඝ වූ සසර ගමනකට මාර්ගයකි
මෙම පැහැදිලි කිරීම්ද සාපේක්ෂ වන අතර තව තවත් වෙනස් ආකාරයේ මෙන්ම සියුම් හා ගැඹුරු පැහැදිලි කිරීම්ද ඇති බව සලකන්න...
Your browser does not support the audio element.
« Previous
1
...
11
12
13
TOTAL NUMBER OF POSTS : 244