Report Menu
All Cards
Total Cards: 416 | Page: 17 of 21 | Showing: 20 cards
096. අනතුර

096. අනතුර

  1. මේ ජීවිතය තුළ ගන්නා තීරණ ඉතා වැදගත් වෙයි
  2. ළිඳට පැන්නා වුවද තල්ලු කළා වුවද සිදුවන්නේ එකම ප්‍රතිඵලයකි
  3. ජීවිතයේ නොයෙකුත් සන්ධි ස්ථානවල ජීවිත ආශාව, කාමාශාව ආදීන් නිසා සිත් බොහෝ දුර්වල වේ. මෙවිට සිතක් වෙනස් වීමට වැඩිවෙලා ගතවන්නේ නැත. මෙය හේතුඵල ක්‍රියාවකි
  4. ජීවත්වීමට ඇති කාලය ඉතා සීමිතය. ජීවිතයේ අවධින් දෙකක් තුනක් හෝ කිහිපයක් ගතවන විට ආයුෂ ගෙවී අවසන් වනු ඇත
  5. ආයුෂ ගෙවුණු පසු ජීවිතයට ආයාචනා කළ නොහැක
  6. කාමාශාව, ජීවිත ආශාව, බඩගින්න, පිපාසය, ආරක්ෂාව ආදී නොයෙකුත් ප්‍රපංච හේතුවෙන් එම කෙටි කාලයට ගන්නා කෙටිකාලීන තීරණ බොහෝවිට නිවනට උවදුරක් වෙයි
  7. නොදැනුවත්ව වුවද අතීතයේ සිදුවූවාසේම නැවතත් සසර බන්ධනයේ ආක්‍රමණයට නතු විය හැක
  8. මේ ජීවිතයේම කෙසේ හෝ සසර ගමන කෙළවර කළ යුතුය
  9. නැතහොත්, මහත් වූ නිධානයක උප්පත්තිය ලබා, නිධානය උඩම කටු මැටි ගෙයක් සාදා තමා විසින්ම සකස් කර ගත් කර්මයක් තමා විසින්ම ගෙවා මිය පරලොව ගියා වැනිය. විදර්ශනාව පිණිසය
No audio available
095. ප්‍රියයන්ගෙන් වෙන්වීම

095. ප්‍රියයන්ගෙන් වෙන්වීම

  1. බොහෝ කාලයක් ගෙවී අවසන්ය. ප්‍රියයන්ගෙන් වෙන්වීම ජීවිතයේ එක් වරක් හෝ මුහුණ දෙන කාරණයකි
  2. නොබෝ කලකින් අකමැත්තෙන් වුවත් ප්‍රියයන් හැර යාමට සිදුවේ. මව පියා ස්වාමියා බිරිඳ හිතවතුන් ඥාතීන් සියලු දෙනා ඒකාන්තයෙන් හැරදා යා යුතුය
  3. අද විය හැක. හෙට විය හැක මාසයකින් විය හැක. තුන්මාසයකින්, අවුරුද්දකින් අවුරුදු හතකින් විය හැක. ඕනෑම මොහොතක විය හැක. සසර ස්වභාවය එයයි
  4. කායානුපස්සනාව මරණානුස්සතිය පිළිකුල ආදිය බහුල වශයෙන් පුරුදු කළ යුතුය. අවස්ථාව එලබෙන ඕනෑම විටෙක පිළිසරණක් වනු ඇත
No audio available
094. මම සහ පරිසරය

094. මම සහ පරිසරය

  1. මම, මගේ, මගේ පාලනයේ ඇත ආදී වශයෙන් පැවසීමට නම් අවම වශයෙන් . ශරීරයවත් ස්වායක්තව පැවතිය යුතුය
  2. අප ගුරුත්වයෙන් පොළොවට බැඳී පවතී. ගුරුත්වය නොමැතිනම් පැවැත්ම බිඳෙනු ඇත
  3. ආශ්වාස ප්‍රශ්වාස හරහා වායුගෝලයට බැඳී පවතී. ආලෝකය ලෙස, ශක්තිය ලෙස සූර්යයාට බැඳී පවතී
  4. ආහාර, ජලය හරහා පොළොවට බැඳී ඇත. තාපය, උෂ්ණත්වය, ජල වාෂ්ප ආදී ලෙස පරිසරයට බැඳී ඇත
  5. එනම්, අපට හිමිව ඇත්තේ පරිසරය හා බද්ධ වූ කයක්ය. එනම් ගහකොළ සූරියා ගුරුත්වය වායුගෝලය ආදී සියල්ල ද මම විය යුතුය.
  6. මම යන දෘෂ්ටිය එක් එක් පුද්ගලයාට සාපේක්ෂය. දෘෂ්ටිගත වී ඇති ස්ථානය හොඳින් හඳුනාගත යුතුය. ප්‍රහාණ කළ යුතුය. විදර්ශනාව පිණිසය
No audio available
093. දරුවන්

093. දරුවන්

  1. දරුවන් යනු අතිවිශාල ආයෝජනයකි. නමුත් බොහෝ අල්ප ප්‍රතිඵල පවතී
  2. කුඩා කාල දරුවෙකු වෙනුවෙන් දිවා රාත්‍රී කරන කායික මානසික කැපවීම අතිමහත්ය. ප්‍රතිඵල අනපේක්ෂිතය. මෙම කැපවීම නිවන වෙනුවෙන් සිදුකළේ නම් නිර්වාණය වන්නේය
  3. දුක් පොදියකි. ලෙඩවීම, මියයෑම, සිතන පරිදි නොසිටීම ආදී ඕනෑම දෙයක් ඔස්සේ ඕනෑම වෙලාවක දුක පැමිණිය හැක
  4. දරුවන් යනු අති ප්‍රබල මාර බලවේගයකි. ආදරය ලෙස, සෙනෙහස ලෙස, මගේ ලෙස සිත හා බද්ධ වී පවතී
  5. වගකීම් බලාපොරොත්තු කෙළවරක් නොමැත. අතීතයේ බොහෝ පිරිසක් දුකට පත්වූයේ, නිවන අහිමි වූයේ දරුවන් නිසාය
  6. මරණයෙන් මතු දරුවන් උපාදාන වීමෙන් නරකයෙහි උප්පත්තිය ලැබීමට හේතුවේ
  7. සියලු කැපකිරීම් සිදු සිදුකළ ද දරුවන් එක මොහොතකින් අහිමි විය හැකිය. එවිට උන්මත්තක වීම වුවද සිදුවිය හැක
  8. දරුවන් නැමැති ලෝක ධර්මතාවය විදර්ශනා කර සිතෙහි ඇති බැඳීම් වහ වහා දුර්වල කළ යුතුය
  9. ලෝකෝත්තර වූ, ගුණධර්ම මාර්ගඵල ආදී දරුවන් සිටි. හොඳින් ඇතිදැඩි කර ගත් විට අවශ්‍ය ඕනෑම මොහොත පිහිටට/ පිළිසරණට සිටිනු ඇත. විදර්ශනාව පිණිසය
No audio available
092. ආයුෂ සහ භුක්තිය

092. ආයුෂ සහ භුක්තිය

  1. ලෝකය තුළ කිසිම දෙයක පරම අයිතියක් නොපවතී. කාලරාමුවකට සහ සීමාවලට යටත්ය
  2. සින්නක්කර ඉඩමක වුවද, බිරිඳ ස්වාමියා ඥාතීන් වුවද අයිතිය පවතින්නේ ඉතිරිව පවතින ආයුෂ ප්‍රමාණයට පමණි
  3. අනිත්‍ය යනු එක් සීමාවක්ය. දුක තවත් සීමාවක්ය. වසඟයේ නොපැවතීම තවත් සීමාවක්ය. සියලු අයිතීන් මෙම සීමාවලට යටත් සහ ඉක්මවිය නොහැක
  4. ස්වාමියා, බිරිඳ, ඥාතියෝ, දරුවන්ගේ අයිතියද සීමාසහිත කාලයකට පමණි. කාලයේ ඇවෑමෙන් අයිතිය අන් සතුවේ
  5. එසේම ශරීරයේ අයිතියද කෙටි කාලයකටය. ශරීරයේ කොටස් අතීතයේ අන්සතුය. එසේම අනාගතයේ ද අන්සතුවේ
  6. සිතේ අයිතියද පවතින්නේ කෙලෙස් පවතින තුරුය. කෙලෙස් නිරෝධයත් සමඟ සිතද මමද එකවිට නිරෝධ වේ. සියලු කරුණු එකින් එක විග්‍රහ කරමින් විදර්ශනා කළ යුතුය. විදර්ශනාව පිණිසය...
No audio available
091. දානය

091. දානය

  1. දීම මෙන්ම නොදීමද දානයයි. දීමෙන් ලැබෙයි. නොදීමෙන් නොලැබීම ලැබෙයි
  2. දායක පක්ෂයේ ගුණ, ප්‍රතිග්‍රාහක පක්ෂයේ ගුණ, චේතනාව මත දානය බලගැන්වේ
  3. දානයන් අතරින් ධර්ම දානය අග්‍ර වේ
  4. දානය දෙන්නා වෙත දානය දීම සඳහා අවස්ථාව ලබාදීම ද දානයකි
  5. එනම් ධර්මය ඇසීමද දානයකි. ධර්ම දේශනය සඳහා අවස්ථාව ලබාදීම ලෙසය
  6. ධර්මාවබෝධයට මනසට යම් පහසුවක් ලබාදීම කල හැකි අග්‍රදානයකි. නොයෙකුත් ආකාරයෙන් ඒය සිදුකළ හැක.
  7. ඇස අනුබද්ධයේ අලංකාරය, කන අනුබද්ධයේ නිශ්ශබ්දතාවය, නාසය අනුබද්ධයෙන් සුවඳ දුම් ආදිය, දිව අනුබද්ධයෙන් ප්‍රණීතවත් බව, කය අනුබද්ධයෙන් පහසු ආසන පැනවීම ආදිය දානවේ
  8. ඉවසීම කරුණාව මෛත්‍රිය ආදී ගුණ තුළින් ද දාන සංඥාව මතු කරගත හැක
  9. අවසානයේ සියල්ල දානයන් ලෙස විදර්ශනා වනු ඇත. විදර්ශනාව පිණිසය
No audio available
090. සිතිවිල්ල

090. සිතිවිල්ල

  1. ලුණු මිරිසක් තමන් තැනුවේ නම් අමුද්‍රව්‍ය සහ සකස් කළ ක්‍රමය දන්නේය
  2. එසේම, සිතිවිල්ල තමන් තැනුවේ නම් අමුද්‍රව්‍ය සහ සකස් කළ ආකාරය දැනගත යුතුය (උදාහරණයක් ලෙස මෙවැනි තන්තුවක් ගෙන මෙවැනි ආකාරයෙන් ගැටගසා මෙම ස්ථානයෙන් කම්පනය කළ විට රාග සිතිවිල්ල ඇති විය ආදී ලෙස)
  3. වාහනයක රියදුරු තමන් නම් එය වමට දකුණට කැපීම පාලනය කිරීම තමන්ට කළ හැකි විය යුතුය
  4. එසේම සිතිවිල්ලේ අයිතිකරු තමන් නම් සිතුවිල්ල නතර කිරීම, වෙනස් කිරීම ආදී පාලනය කිරීමේ හැකියාවක් තිබිය යුතුය
  5. තවද සිත පාලනයේ නොමැතිය. යම් ධර්මතාවයකට යටත්ය. එක ළඟ සිතිවිලි කිහිපයක් සමජාතීය වීම හේතුවකි (ද්වේශය ඇති සිතක ඊළඟ සිතිවිල්ලද බොහෝ දුරට ද්වේෂ සිතිවිල්ලක් වීම ආදී ලෙස)
  6. ගසක කොළ ආලෝකය දිශාවට හැරීම හේතුඵල ක්‍රියාවකි. ගසෙහි මම ලෙස දෘෂ්ටියක් ඇත්නම්, මට ආලෝකය දිශාවට කොළ හැරවීමේ හැකියාවක් ඇත, ලෙස ගස තුළ දෘෂ්ටියක් පැවතිය හැක
  7. එලෙසම, සිතිවිලි අප පාලනය කරනවා ලෙස අප තුළ ඇත්තේද දෘෂ්ටියක් පමණි. එය හුදෙක් හේතුඵල ක්‍රියාවක් පමණි. විදර්ශනාව පිණිසය...
No audio available
089. ජීවිතය අතහැරීම

089. ජීවිතය අතහැරීම

  1. නිර්වාණය සඳහා නොයෙකුත් විදර්ශනා ක්‍රම සිදු කරන අතරම, අනෙක් පසින් දැඩි මානසික අල්ලා ගැනීමි පවතී
  2. බොහෝ පිරිසකට යැපෙන්නන්, වගකීම්, ලෞකික ප්‍රශ්නවලින් සමන්විත න්‍යාය පත්‍රයක් මරණ මංචකය දක්වාම ඇත. මෙවිට ක්ලේශයන්, බැඳීම් අතර පහසුවෙන් සැඟවී සිටීමේ හැකියාව ඇත
  3. ජීවිතය අතහරින විට සැඟවුණු කෙලෙස් මතු වී පෙනෙනු ඇත
  4. ක්ෂණිකව ජීවිතය අතහැරීමේ හැකියාව ඇත්නම් බොහෝ ශ්‍රේෂ්ඨය. නැතිනම් එයට බාධක වන බැඳීම් හඳුනාගෙන විදර්ශනා මාර්ගයකින් එය මානසිකව දුරු කළ යුතුය
  5. බැඳීම් නොමැති ජීවිතයක් ඇත්නම් එය අමතර බලයකි
  6. අල්ලාගෙන සිදු කරන විදර්ශනා දැනුමක් වන අතර බොහෝ විට පසුව එය මාන්නයක් වේ
  7. ජීවිතය අතහැරීම නිර්වාණ සටනේ ප්‍රබලම අදියරකි. විදර්ශනාව පිණිසය
No audio available
088. ද්වේතාවය

088. ද්වේතාවය

  1. ගං ඉවුරක ඉහළ දෙස බැලූ විට එන ලෙසත් පහළ දෙස බැලූ විට යන ලෙසත් පෙනේ
  2. ඉහළ පහළ හෝ යෑම ඒම පුද්ගල පැමිණීමත් සමඟ හට හට ගනී. නැතහොත් එවැන්නක් හට නොගනියි
  3. එලෙසම හොඳ නරක සැප දුක දුප්පත් පොහොසත් ආදී නොයෙකුත් යුගල (ද්වේතාවය) පුද්ගල දෘෂ්ටිය නිසා හටගත් ධර්මතාය. නැතහොත් එවැන්නක් නොපවතී
  4. පුද්ගල දෘෂ්ටිය දුරු වන විට පිළිතුරු වෙනුවට ප්‍රශ්න නිරෝධවේ
  5. ලොකුම ක්ලේශය රාගය හෝ ද්වේශය නොවේ. පුද්ගල දෘෂ්ටියයි. එය බිඳුණු විට කැමැති වුවත් අකමැති වුවත් නොබෝ කලකින් සියලු ක්ලේශයන් දුරුව යනු ඇත. විදර්ශනාව පිණිසය
No audio available
087. දෘෂ්ටිගතවීම

087. දෘෂ්ටිගතවීම

  1. මාර්ගය වඩන විට නොයෙක් ආකාරයෙන් දෘෂ්ටිගතවීම ස්වභාවයකි.
  2. නොයෙකුත් වැරදි ආකල්ප තුළ බැස ගැනීම දෘෂ්ටිගත වීමයි. දෘෂ්ටිගතවීම යනු ඉතා ප්‍රබල ක්ලේශයකි
  3. තමා තුළ දෘෂ්ටියක් නැතැයි සිතීම ලොකුම දෘෂ්ටියයි. ප්‍රතිඵලයක් ලෙස නොයෙකුත් දෘෂ්ටීන් උපදීමේ හැකියාවක් ඇති අතර පැවති දෘෂ්ටියක් ඇත්නම් එය සුරැකේ
  4. අන් අදහස් ගරු කරන ගුණය ඇත්නම් දෘෂ්ටීන් ඉක්මනින් ඉවත්ව යනු ඇත
  5. රියදුරෙකු ඉදිරි වංගුවේ වාහනයක් මුණගැසුණු ඇත යන සංඥාවෙන් රිය පදවන්නේ නම්, සිදුවිය හැකි අනතුර බොහෝ අඩුය
  6. එසේම මාර්ගය වඩන විට දෘෂ්ටියක් ඇතිවිය හැකිය යන සංඥාවෙන් මාර්ගය වැඩිය යුතුය. එවිට දෘෂ්ටිගත වීමේ ප්‍රවණතාවය අඩුවේ
  7. ප්‍රතිඵල ප්‍රමාද වීම, මාර්ගය ඇණ හිටීම, අස්වාභාවික හැසිරීම, ලෞකික ලෝකෝත්තර අසමබරතාවය ආදිය දුරු වනු ඇත. විදර්ශනාව පිණිසය
No audio available
086. අභිරහස

086. අභිරහස

  1. හොඳ මිනිස්සුන්ට බාධක වැඩිවීම, නරක මිනිසුන් ලස්සනට ජීවත් වීම ඇතැම් විට දක්නට ලැබෙන කාරණයකි
  2. පද්ධතියක් ස්ථායී වීමට/ පැවැත්ම රැක ගැනීමට උත්සාහ දරයි
  3. සසර බොහෝ බුද්ධිමත්ය. උපක්‍රමශීලීය. බාඳුරා මල, ගසක සමබරතාවය ආදිය උදාහරණ වේ
  4. ධර්ම ප්‍රතිපදාවක සිටින විට සංසාර පැවැත්මට එය බාධාවකි. එය වැළැක්වීමට අතීත අකුසලය සැර බාලවී විපාක දීමට පටන් ගනී. මේය ගමන නැවතීමට/ස්ථායීතාවයට හේතුඵල අනුව සිදුවන එක්තරා මුලාවකි
  5. එසේම අකුසලයේ සිටින අයෙකුගේ සසර ස්ථායීතාවය වැඩිවේ. අතීත කුසලය සැර බාල වී විපාක දෙමින් එය නිවැරදි දේ ලෙස පෙන්වමින් මුලා කරවයි
  6. බාඳුරාමල, සතෙකු ගොදුරු කර ගැනීමට සිදු කරන උපක්‍රමය සේය. උපක්‍රමයක් ඇත නමුත් සත්ව පුද්ගල බවක් නැත. විදර්ශනාව පිණිසය
No audio available
085. අත්තිවාරම

085. අත්තිවාරම

  1. සිත නැමැති ඉදිකිරීම සිදුව ඇත්තේ මුලාව නමැති අත්තිවාරම උඩය
  2. මුලාවීම සිතේ පැවැත්මයි. නොදැන මුලාව නිරායාසයෙන් සිදුවේ. දැන මුලාව අසිහිය නිසා සිදුවේ
  3. මුලාවෙන් හටගත් සිතෙහි ජනනය වන්නේද තවත් මුලාවකි. මුලාව දුරු කිරීම බොහෝවිට මං මුලාවකි
  4. කළ යුත්තේ මුලාව හඳුනා ගැනීමයි. ඒ තුළ සිහිය පැවැත්වීමයි. හඳුනා ගැනීම දුරු කිරීමේ හොඳම මාර්ගයයි
  5. හඳුනාගත් මුලාවක් තවදුරටත් මුලාවක් නොවේ. අඛණ්ඩ සිහිය තුළ මුලාව දුරුවනු ඇත. විදර්ශනාව පිණිසය
No audio available
084. කමටහන

084. කමටහන

  1. මේ භාවනාවක් ලෙස වැඩිය යුතුය. ඇස අනුබද්ධයෙන්,
  2. රූපයක් දකින විට නිරායාසයෙන් එහි ඇලීම, එහි බැස ගැනීම, එය බවට පත්වීම සිදුවේ
  3. කොටස්වලට කඩා ගැනීමෙන්, රූපය තුළ නොබැස ගැනීම හා ඒ තුළ වූ යම් යම් ධර්මයන් වටහා ගත හැක
  4. Step1 ඇසට පෙනෙන්නේ වර්ණ ලෙස. Step2 සිතට දැනෙන්නේ රූප ලෙස. Step3 පසුව රූපය සම්බන්ධ විස්තරයක් මෙනෙහි වන බව
  5. ඇසට රූපයක් පෙනෙන විට ඉහත පියවර හොඳින් ප්‍රකට කර ගත යුතුය. භාවනාවක් ලෙස වැඩිය යුතුය.
  6. කන අනුබද්ධයෙන්, Step1 කනට ඇසෙන්නේ ශබ්දයක්. step2 සිතට දැනෙන්නේ කපුටෙක් ලෙස. step3 කපුටා පිළිබඳ මේ මේ විස්තර අවදිවෙන බව
  7. මෙය ගස කැපීමට පෙර එය පහසු කර ගැනීමට අතු කපා දැමීම වැනිය. අනාත්මය ප්‍රකට වන අතර නිවන් මග ඉතා පහසුකරවයි
No audio available
083. නිදහස

083. නිදහස

  1. නිදහස අහිමි කරගෙන ඇත්තේ තමා විසින්මය
  2. මුලින් නිදහසට කැමැත්ත ඇතිකර ගත යුතුය. අහිමි වූ නිදහස ගෙවා දැමිය යුතුය. නැවත නිදහස අහිමිවන හේතු සකස් නොකළ යුතුය.
  3. කායික නිදහස මානසික නිදහසට ඉවහල් වන අතර, මානසික නිදහස විදර්ශනාවට ඉවහල් වෙයි
  4. විදර්ශනාව අවබෝධයෙන් කෙළවර වෙයි. බොහෝ කලක් ලොවිසඳුණු ප්‍රශ්නය කෙළවර වෙයි. විදර්ශනාව පිණිසය...
No audio available
082. පින්තාරුව

082. පින්තාරුව

  1. පින්තූරයක වටිනාකම ඇත්තේ බාහිර මිලිමීටර් කිහිපයක පින්තාරුව මතය
  2. අභ්‍යන්තරයේ කුමන දේ තිබුනද බාහිර පින්තාරුවෙන් සියල්ල වසාලිය හැක
  3. මනුෂ්‍ය ශරීරයද බාහිර කෙස් ලොම් නිය දත් සම් (තච පංචකය) නම් වූ බාහිර පින්තාරුව මත වැඩි වටිනාකමක් තීරණය වේ
  4. කොටස් තිස් දෙකක් ඇති තැන පහකින් නිගමනය කිරීම දෝෂ සහගතය
  5. පොළොවේ මතුපිට පින්තාරුව නිසා සොබාදහම ද ලස්සන ලෙස පෙනේ. නමුත් වැඩි කොටස ඇත්තේ අභ්‍යන්තරයේය
  6. එසේම සිතෙහිද මතුපිට පිංතාරුව මගින් අභ්‍යන්තරයේ පවතින කර්ම ශක්තින් හේතුඵල ආදිය වසා මුලාවක් නිර්මාණය කොට ඇත
  7. පෙනෙන මතුපිටට ඔබ්බෙන් ඇති අභ්‍යන්තරය දැකිය යුතුය. විදර්ශනාව පිණිසය...
No audio available
081. හේතුඵල

081. හේතුඵල

  1. ජලයෙහි සැනසීමක් නැත. පිපාසයේද සැනසීමක් නැත. එකතු වූ විට සැනසීමක් හටගනී
  2. ලෙඩක සුවය නැත. බෙහෙතකද සුවය නැත. එක්වූ විට සුවපත් වීමක් හටගනී
  3. ධර්මයෙහි නිවන නැත. අවිද්‍යාවේද නිවීමක් නැත. එකතු වූ විට නිවීම හටගනී
  4. සුළඟෙහි සුවයක් නැත. කයෙහිද සුවය නැත. එක්වීමේදී සුවයක් සැනසීමක් හටගනී
  5. හේතුඵල ධර්මයේ එක්තරා හැසිරීමකි. හේතුවේ ඵලය නැත. ඵලයේ හේතුවද නැත. වෙනස් හේතූන් නිසා වෙනස් ඵල ඇතිවේ. විදර්ශනාව පිණිසය...
No audio available
080. ගසින් තවත් කමටහනක්

080. ගසින් තවත් කමටහනක්

  1. කොළවලට කැමති අයෙක් අතු කපන්නේ නැත. අතුවලට කැමති අයෙක් ගස කපන්නේ ද නැත
  2. සත්වයෙක් දැනුවත්ව සිතට බැඳෙන්නේ නැත. පැහැදිලිව නොපෙනෙන, වක්‍ර මාර්ගවලින් සිතට බැඳී ඇත
  3. උදාහරණයක් ලෙස ඥාති, මිත්‍රයන්, දරුවන්, අඹු, සැමි ආදීන්ට බැඳුණු අයෙක් අන් ආකාරයෙන් බැඳී ඇත්තේ සිතටමය. එනම් සසරටමය. මේ සියල්ල මානසික පිළිබිඹුවක් බැවිනි
  4. එසේම සංචාර නැටුම් වැයුම් ගැයුම් ටෙලි වෘතාන්ත ආදී නොයෙකුත් ආශාවන් ද ඒවාට බැඳීමක් නොව සිතටම බැඳීමය
  5. බොහෝ පිරිසක් නිවනට දරණ උත්සාහය උපමාවක් ලෙස අතු කොළ ඉතුරු කර ගැනීමින් ගස කැපීමක් වැනිය. අසාර්ථක උත්සාහයකි
No audio available
079. නායකත්වය

079. නායකත්වය

  1. මුලාවෙන් සකස් වූ මානසික යුද්ධයක බොහෝ කලක් සිරවී සිට බොහෝ දුක් පීඩාවලට ලක්වූයේ වෙමු. කෙසේ හෝ මෙය නිමා කළ යුතුය. අවසාන කිරීමට හොඳ නායකත්වය ලබා දිය යුතුය. ඒ සඳහා කාලය ලැබ ඇත
  2. ඉවසීම පිළිකුල වීරිය පින ආදී බල සේනා සන්නද්ධ කළ යුතුය. උපක්‍රමශීලී විය යුතුය. හොඳින් සතුරා නිරීක්ෂණය කළ යුතුය. සතුරා පෝෂණය වන මාර්ග දුරුවල කළ යුතුය
  3. සංග්‍රාමය නොපෙනෙන අතර මානසික නිරීක්ෂණයක් පමණක් කළ හැක. එම නිසා සෘජු බාහිර ආධාර ලබාගත නොහැක. එම නිසා තමාම සංග්‍රාමය සඳහා නායකත්වය ලබාදිය යුතුය
  4. අතීතයේ සැමදා මෙම සංග්‍රාමයෙන් පරාජ වී ඇත. එම නිසා වැඩිම අවදානම ඇත්තේ පරාජය වීමටය. බොහෝ සැලකිලිමත් විය යුතුය
  5. වෙනත් විකල්ප මාර්ග නොමැත. කිසිම සමාවක් ද නොමැත. කෙසේ හෝ මේ සංග්‍රාමය අවසාන කළ යුතුය. බිය වීරිය ඉපදවීම පිණිසය
No audio available
078. පුද්ගලභාවය

078. පුද්ගලභාවය

  1. පුද්ගලයයෙක් නැත.නමුත් ක්‍රියාවන්ට කර්මඵල ප්‍රතිවිපාක ඇත
  2. පුද්ගලයෙක් නැත යන්නේ අදහස පුද්ගල ධර්මතාවය යනු දෘෂ්ටියක් පමණක් බවය. පුද්ගලයෙක් ඇත නැත යන්නද දෘෂ්ටියේම කොටසකි
  3. ක්‍රියාවන්ට විපාක ඇත යන්නේ අදහස පුද්ගලයෙක් සත්වයෙක් යන දෘෂ්ඨියෙන් තොරවූ හේතුඵල ක්‍රියාවලියක් බවයි
  4. දේවල් සිදුවීමට පුද්ගලයෙක් සිටිය යුතුයි යන බව මිථ්‍යාවකි. එය නොදැනීමේ හේතුව නිසා ඇතිවූ ඵලය සත්ව පුද්ගල භාවයයි. විදර්ශනාව පිණිස
No audio available
077. මස් ගුලිය සංඥාව

077. මස් ගුලිය සංඥාව

  1. ඇස් යනු මස් ගුලි දෙකකි. මස් ස්කන්ධය අතින් රාත්තල නොඉක්මවන්නේය. ප්‍රමාණයෙන් බෙලිගෙඩි නොඉක්මවන්නේය.
  2. වටිනාකම ඇත්තේ ද ඇස් කුහර දෙක තුළ පවතිනතුරු පමණි. ඇස් දෙක ගැලවෝහොත් වටිනාකම හතුරුදහන් වන අතර බිය පිළිකුල උපදවන්නකි.
  3. මෙවන් ඇස් දෙකක් පිනවීම සිදු කිරීම ප්‍රමාණ නොවන කාරණයකි. වහල්කමකි.
  4. පැය කිහිපයක් පුරා මස්ගොබ දෙකට ටෙලිවෘතාන්ත පෙන්වීම හාස්‍යජනකය
  5. ජීවිතය පුරාවටම අප වෙහෙසෙන්නේ මස් කැබිලි දෙකක් පිනවීමටද ?විදර්ශනාව පිණිසය
No audio available