Report Menu
All Cards
Total Cards: 367 | Page: 19 of 19 | Showing: 7 cards
007. ක්ලේශ දුරු කිරීමේ ධර්ම ඥානය

007. ක්ලේශ දුරු කිරීමේ ධර්ම ඥානය

  1. සිත පිහිටන ස්ථානය තමන් සිටින ස්ථානයයි
  2. එම ස්ථානය මැනවින් දැනගත යුතුය.. මැනවින් හඳුනාගත යුතුය
  3. එනම්, ඒ අරභයා ඇතිවන සිතිවිලි සන්තතිය හොඳින් හඳුනාගත යුතුය, ගැලවීම ඇත්තේද එතනමය
  4. මෙම සිතිවිලිවල විවිධ රටාවන් නැති අතර ඒවා හඳුනා ගැනීම සඳහා මනා ධර්ම අවබෝධයකින් යුක්ත විය යුතුය
  5. ආයතන හරහා සිදුවන ගනුදෙනුවල සමානකම් ඇත
  6. සසර ගත සෑම සත්ත්වයාටම පොදු වූ ක්ලේශ ( රාග, ද්වේශ, මෝහ ) පවතින්නේ එම නිසාය, එනම් මේවා පොදු වූ ධර්මතාවයක් මිස පුද්ගල අනන්‍ය නොවේ
  7. මේවා දුරු කළ නොහැකි නම් බුදු කෙනෙක්, ඔබට අපට සිතාගැනීමට පවා නොහැකි තරම් පෙරුම් පුරන්නේ නැත
  8. දුරු කළ හැකි මෙම ක්ලේශ වහ වහා දුරු කොට ඒ අමා මහ නිවනට පත්වීම ඔබ අපගේ එකම චේතනාව විය යුතුය...
006. ශාසනයේ මහිමය

006. ශාසනයේ මහිමය

  1. ඔබගේ අපගේ ප්‍රථම කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ වූ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා... ධර්මයට නමස්කාරය වේවා... සංඝයාට නමස්කාරය වේවා...
  2. පහනකින් පහනක් දැල්විය හැකි වුවත් පහනක පින්තූරයකින් පහනක් දැල්විය නොහැක
  3. එලෙසම ධර්මයක් ලබාදිය හැක්කේ ධර්මයෙහි යම් ඇසුරක් ඇති අයෙකුටය
  4. කොපමණ වටිනාකම් සහිත භෞතික වස්තුවක් වුවත් එය බිඳී යාමෙන් හෝ මරණයෙන් එම වටිනාකම අහෝසි වේ
  5. අමිල වූ වටිනාකමක් සහිත මානසික වූ ධනයක් බුද්ධ ශාසනයක් තුළින් සත්වයාට ප්‍රතිලාභය
  6. එයට මග පෙන්විය හැක්කේ තම ප්‍රඥාවේ ප්‍රමාණයට ශාසනය තුළ හික්මෙන තවත් ශ්‍රාවකයෙකුටය
  7. මග පෙන්වීමේ යම් අඩු වැඩිකම් තිබුණත් බුද්ධ ශාසනයක් පවතින්නේ එම ධර්මතාවයට අනුවය
  8. සමස්තයක් ලෙස සලකන විට ධර්මයට යොමු වීමේ වටිනාකමට වෙන කිසිම සැසඳීමක් නැත
  9. එනම් ප්‍රඥාවන්තයෙක් තම ප්‍රඥාවේ ප්‍රමාණයට, තවත් ප්‍රඥාවන්තයෙකුට ලබාදෙන මග පෙන්වීම ශ්‍රේෂ්ඨත්වයට පත්වනු ඇත
005. වටිනාකම් හා අත්හැරීම

005. වටිනාකම් හා අත්හැරීම

  1. මුදල් හෝ රන් කහවනු යනු වටිනාකමක්ය
  2. එක් වටිනාකමක්, ඊට වැඩි වටිනාකමක් ලැබෙන විට වටිනාකම බාලවීම සිදුවේ
  3. උදාහරණයක් ලෙස මුදල් පොදියක් ඇති විට, මුදල් කන්දක වටිනාකම ඊට වඩා වැඩි හෙයින් මුදල් කන්දට ඇලුම් කරයි
  4. එලෙස සාපේක්ෂව වටිනාකම වෙනස් වේ
  5. අත්හැරීම අත්හැරීමෙන් කෙළවර වන බැවින් සාපේක්ෂකයක් නොපවතී
  6. එම නිසා තෘප්තිමත්භාවයට පත්වෙයි
  7. මුලින් මුලින් මෙවැනි කාරණාවල වැටහීම ධර්ම අවබෝධය පහසු කරවයි
004. අපන්ණක ප්‍රතිපදාව

004. අපන්ණක ප්‍රතිපදාව

  1. අපන්ණක ජාතකයෙහි බෝධිසත්වයන් ගත් තීරණය තුල දෙආකාරයටම පිරිසට හානියක් සිදු නොවේ
  2. එලෙසම තමන්ට ලැබෙන යහපත අයහපත ආදී සෑම දෙයක්ම හේතුවක ඵලයක් ලෙස හෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස හෝ වෙනත් දහම් ඇසකින් දැකිය යුතුය
  3. අයහපතක් සිදුවුවහොත් අයහපත වෙනුවට ඒ තුළ ඇති හේතුඵල ධර්මය අවබෝධ කර ගනී.. යහපතද එලෙසමය
  4. මෙහිදී හේතුඵල ධර්මයක් හෝ වෙනත් ධර්ම කාරණයක් දකිනවා මිස යහපතක් අයහපතක් භුක්ති නොවිඳී
  5. මෙය ඉහත ජාතක කතාව අනුව අපන්ණක ප්‍රතිපදාව ලෙසද හැඳින්විය හැක
  6. අටලෝ දහමින් කම්පා නොවීම ලෙසද හැඳින්විය හැක
  7. මෙවන් ආකාරයෙන් සිත භාවිතය තුළ භවය තුළ සිත පිහිටීමක් නොවනු හෝ ඒ සඳහා හේතු සකස් වනු ඇත
003. මෝහයේ බැඳුම

003. මෝහයේ බැඳුම

  1. වැරදි සහ නිවැරදි දෙය තම තම අරමුණ අනුව සාපේක්ෂවේ
  2. අරමුණ සැපය නම්, නිවැරදි අරමුණ නිවන වනු ඇත
  3. වරදෙහි පිහිටවන ලද සිත යනු හුදෙක් මෝහය සහගත සිතයි
  4. මෝහය යනු කෙටියෙන් නිවැරැද්ද නිවැරැද්ද ලෙස නොදැකීම සහ වැරැද්ද වැරැද්ද ලෙස නොදැකීම වේ
  5. බුද්ධ ශාසනය තුළ වැරැද්ද නිවැරැද්ද නිවන අනුව තීරණය වේ
  6. මිරිඟුවේ වතුර ඇති ලෙස චේතනාව පිරිසිදුව සිදූ වුවත් එය මෝහ මිශ්‍රිත වේ. එම නිසා සියල්ලටම වඩා සත්වයා දුකට පත්වේ
  7. සසර ගත සත්ත්වයා ඉහත ආදී නොයෙකුත් කාණ්ඩවල මෝහයන්ගෙන් පිරුණු මනස් සහිත වේ
  8. එනම් චිත්තය වරදෙහි පිහිටා ඇත
  9. එනම් පවිටු සිත් ඇති හෙතෙම සසර තුළ දුකෙන් දුකටම පත්වෙයි...
002. ගුණ වැඩීම

002. ගුණ වැඩීම

  1. මෙම බුද්ධ ශාසනයේ ගුණ වැඩීම යනු හර පද්ධතියයි
  2. සීලයද ගුණයන් පුරුදු කිරීමක් වේ
  3. ලෝකයේ නුගුණ දැකීම තමන් තුළ ඇති නුගුණයක් වේ
  4. ලෝකය ගුණ ලෙස දැකීම තමා තුළ ඇති ගුණයක් වේ
  5. එලෙස දැකීම සඳහා හේතුඵල, කර්ම, විපාක, නොයෙකුත් සංඥා ක්‍රම භාවිතා කළ හැක
  6. ලෝකයෙන් වැරැද්දක් සිදුවෙන විට එය දරා ගැනීම තමා සතු ගුණයකි
  7. ගුණයන් කෙළවර වන්නේ ප්‍රඥාවෙන්ය. ප්‍රඥාව යනු ගුණයන්ගේ ඵලයකි
  8. ප්‍රඥාව මුලින් ඇති කරගැනීමට දරන උත්සාහය බොහෝ විට මාන්නයකින් කෙළවර වීමට ඉඩකඩ ඇත
  9. ගුණයන් පමුණුවා ගනිමින් ශාසනය තුළ රැඳීම අගනේය...
001. ලෞකික සැපය සහ සසරේ දුක

001. ලෞකික සැපය සහ සසරේ දුක

  1. ලෞකික සැපයත් ඇත්තෙන්ම සැපයකි....සත්වයා ලෞකිකයට මෙපමණ ඇලුම් කිරීමට හේතුවත් එයයි
  2. නමුත් එම සැපය ලබා ගැනීමට මහත් වූ දුකක් විඳිය යුතුය... විශාල කැප කිරීමක් කළ යුතුය... සම්ප්‍රයුක්තව ලැබෙන සැපය ඉතා අල්පයකි
  3. එය සැපයක් වුවත් එය පිටුපස ආදීනව පථ නිර්මාණය වේ.. එනම් සත්වයාට දුක උරුම වෙයි
  4. කෙටියෙන් පථ යනු භවයෙන් භවයට, භවයෙන් භවයට විපාක දෙමින් යන විපාක වාරයන්ය
  5. මොහොතක සැපයකි... සැප සංඥාවෙන් දුක් විඳීමකි
  6. දීර්ඝ වූ සසර ගමනකට මාර්ගයකි
  7. මෙම පැහැදිලි කිරීම්ද සාපේක්ෂ වන අතර තව තවත් වෙනස් ආකාරයේ මෙන්ම සියුම් හා ගැඹුරු පැහැදිලි කිරීම්ද ඇති බව සලකන්න...