Report Menu
All Cards
Total Cards: 416 | Page: 20 of 21 | Showing: 20 cards
036. නොමැරෙන මිනිසුන් නොවෙමු

036. නොමැරෙන මිනිසුන් නොවෙමු

  1. මරණය ඒකාන්තයෙන් පැමිණෙන්නේය
  2. මව, පියා, ස්වාමියා, බිරිඳ, නෑදෑයන් සහ හිතවතුන් ඒකාන්තයෙන් අහිමි වන්නේය
  3. අපේ ඔප්පුව ලෝකෙට අයිති මිස, ලෝකයේ කිසිම ඔප්පුවක් අපට අයිති නැත
  4. ලෝකයේ පාලනයේ අපි සිටිනවා මිස, අපේ පාලනයේ ලෝකය නැත
  5. අපේ මරණයේ තීරකයා අප නොව, එහි තීරකයාද ලෝකයයි
  6. අපට කළ හැකි කිසිවක් නොමැත. පොර බැඳීමෙන් ඇති ඵලක් ද නැත. අවසානයේ උරුම වන්නේ දුකමයි
  7. කළ හැකි දේ වන්නේ ලෝක ධර්මතාවය පිළිගෙන එම ධර්මතාවය බවටම පත්වීමයි
No audio available
035. නොඇලීමේ ඇති ඇලීම

035. නොඇලීමේ ඇති ඇලීම

  1. නොබැඳීම යනු එක්තරා බැඳීමකි. නොබැඳීම ලෙස බැඳී ඇත
  2. උදාහරණ ලෙස ඇලීම නැති කරන විට ප්‍රතිඵලය ගැටීම නම් ඇලීමේ ස්වභාවය මාරුවීමක් පමණක් සිදුවී ඇත. එනම් ගැටීම ලෙස ඇලීම එලෙසම පවතී
  3. නිදහස් වීම සිදුවන්නේ ඉහත අන්ත දෙකක් ලෙස පවතින ඇලීමේ ධර්මතාවය දුරු කිරීමෙනි
  4. එය සිදුවන්නේ ඇලීම කුමක්දැයි හඳුනාගෙන එයට හේතු කාරණා දැන ගැනීමෙනි
  5. මෙම හේතු කාරණා දැන ගැනීම නැණ පමණින් සිදුවේ. උදාහරණ ලෙස ඇසට පෙනෙන රූප, රූප ලෙස නොව හුදෙක් වර්ණ පමණක් බව දැක ගැනීමට සිදුකරන වෑයම
  6. මෙහි ප්‍රතිඵල ලෙස ඇලීම දුර්වල වීම ආදිය සහ අවසානයේ ඇලීම දුරුවීම නැණ පමණ අනුව සිදුවේ
  7. දැකගැනීම සඳහා වෑයම අවශ්‍ය වේ. දුරුවීම නිරායාසයෙන් සිදුවේ
No audio available
034. රැවටීම

034. රැවටීම

  1. රැවටීම පිළිබඳ වැටහීම නිවන හා සෘජුවම සම්බන්ධ කාරණයකි
  2. රැවටීම සිදුවන්නේ රැවටෙන බව නොදන්නා තුරුය
  3. රැවටීම දන්නා බව තුළ ඇති රැවටීමක් නැත. හිතාමතා උත්සාහ කළත් රැවටෙන්නේ නැත
  4. එසේම ක්ලේශයන් නොහඳුනන කල් ඒවා ක්ලේශ වන අතර හඳුනන ක්ලේශයන් ක්ලේශ නොවේ
  5. නමුත් සිත පෙන්වන්නේ හඳුනන ක්ලේශද ක්ලේශ ලෙසය. එය ප්‍රබල ක්ලේශයකි
  6. වෑයම් කළ යුත්තේ රැවටීම දුරු කිරීමට නොව ,රැවටීම හොඳින් හඳුනාගැනීමටයි. හඳුනාගත් රැවටීමකට පැවැත්මක් නැත. නොබෝ කලකින් දුරුව යන්නේය
No audio available
033. මැග්නට් එක

033. මැග්නට් එක

  1. කාන්දමක් සැලකූ විට එහි ඇලීමේ මෙන්ම ගැටීමේ ලක්ෂණ ඇත
  2. ඇලෙන දේ හා ගැටීමට වැඩි නැඹුරුවක් ඇති අතර ගැටෙනදේද එසේමය
  3. එමෙන්ම යම් කුලකයක් හා එහි ඇලීමක් නැති, ගැටීමක්ද නැති ලක්ෂණයක්ද පවතී
  4. පුද්ගලයෙක් තොර, ඇලීමක ගැටීමක ධර්මතාවයක් පවතී
  5. විදර්ශනාව පිණිස ඉදිරිපත් කරන ලදි
No audio available
032. කූඩැල්ලා

032. කූඩැල්ලා

  1. එක් ස්ථානයක් අත හරියි. තවත් ස්ථානයක් අල්ලා ගනියි. අනෙක් ස්ථානයක වටිනාකම වැඩිවන විට ඉන්නා ස්ථානය අතහැරීම සිදුකරයි
  2. වටිනාකම පවතිනතුරු ගමන නොනවතී
  3. අන් ස්ථානයක වටිනාකම නැති වූ විට ඉන්නා ස්ථානය, සමබර වේ, මධ්‍යස්ථ වේ, ස්ථායී වේ, ගමන නවතී
  4. අල්ලාගෙන ලෙස පෙනුණද එහි අල්ලා ගැනීමක් නොපවතී. ඒ වෙනුවට සමබර බවක් මධ්‍යස්ථ බවක් ඇතිවී ඇත
  5. සිතක්ද එලෙස ක්‍රියා කරයි. කොපමණ වටිනාකමක් ඇත්ද, එපමණ ගමනක් ඇත
  6. වටිනාකමට මුල් වූ හේතු නැතිවන විට, මධ්‍යස්ථ බව නම් අලුත් ධර්මතාවයක් ඇතිවන අතර, බැඳීම නොබැඳීමක් නොවී එම ධර්මතාවය අහෝසි වේ. සත්ව පුද්ගල බව කෙළවර වේ
  7. වටිනාකම අඩු වීම, ගමනෙහි මන්දනයට හේතුවන අතර ගමන නතර වීමටද හේතුවේ
No audio available
031. සැපය

031. සැපය

  1. සැපයක් ලබා ගැනීමේ උත්සාහයට පෙර එය හොඳින් හඳුනාගත යුතුය. නැතහොත් සැපය යැයි දුකකටම මුලා වනු ඇත
  2. සැපයෙහි අර්ථ දැක්වීමේ සිටම මුලා වී ඇත
  3. සැපයක දුක මිශ්‍ර නොවිය යුතුය
  4. සැපයක් නම් එය ඕනෑම කාලයක් භුක්ති විඳිය හැකි විය යුතුය
  5. මිලදී ලබා ගන්නක් තුළ සැපය තිබිය නොහැක. මිල වශයෙන් දුක මිශ්‍රිතව පවතින බැවිනි
  6. තමා සතු සැපය තමන්ට අනන්‍ය විය යුතුය. වෙනත් කෙනෙකුට ලබා ගැනීමේ හැකියාවක් තිබිය නොහැකිය
  7. සැපය, අඩු වැඩි ලෙස පැනවීමක් ඇත්නම් එය සැපයක් නොවේ. එනම් සැපයක වෙනස් වෙන ස්වභාවයක් තිබිය නොහැක
  8. ජාති, ජරා, ව්‍යාධි හා මරණ ආදී ලක්ෂණ ඇත්නම් ඒවා තුළ සැපයක් තිබිය නොහැක
  9. දුක හඳුනා ගැනීම සැප හඳුනා ගැනීමට ඇති තවත් මගකි
  10. අප සැප ලෙස හඳුනාගෙන ඇත්තේ දුකකට සාපේක්ෂව තවත් දුකක්මය
  11. විදර්ශනා මාතෘකාවක් පිණිස ඉදිරිපත් කරන ලදී
No audio available
030. වටිනාකම

030. වටිනාකම

  1. බුද්ධ කාලයක් නොවන අවස්ථාවක් සිහිපත් කරමු
  2. නුවණැත්තෙකුට, නුවණැත්තන් පිරිසකට ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, දුක යනාදිය හඳුනාගත හැක
  3. පසේ බුද්ධත්වය නොවුණහොත්, මිදීමට දරන උත්සාහය නොයෙකුත් දෘෂ්ටි වේ
  4. උදාහරණ ලෙස, විශ්වය තුළ යම් තැනක, කාලය තුළ හෝ කාලයේ ගෙවීම තුළ, දුක් විඳීම හෝ නොයෙකුත් ක්‍රියා පටිපාටින් තුළ විමුක්තිය ඇතැයි විශ්වාස කරනු ඇත
  5. කල්ප ගණන් අදාල දෘෂ්ටි තුළ හිරවෙමින් කාලය ගත කර, නොයෙකුත් ආකාරයෙන් දුක් විඳ විමුක්තිය ලබා ගැනීමේ වෑයමක් ලෙස බොහෝ විඩාවට පත්වනු ඇත
  6. "නොඉපදීම තුළ විමුක්තිය ඇත" යන බුද්ධ වචනය පමණක් සැලකුවහොත්, සත්වයා ඉහත පරිදි දුක්නොවිදිනු ඇත. එයින් සත්වයා තුළ දුරුවන දුක ප්‍රමාණ කළ නොහැක
  7. එම වචන කිහිපය තුළ සාර අසංඛ්‍යය කල්ප ලක්ෂයේම පාරමිතා ශක්තිය ගැබ්ව පවතී
  8. එය අපට වචන කිහිපයක් ලෙස පෙනුණද එම ප්‍රකාශය සඳහා විශ්වයම පිරිසිඳ දැකගත යුතුය. හොඳින් විදර්ශනා කර බලන්න
029. ගල

029. ගල

  1. ගංගා ආදියෙන් හමුවන ගලක බොහෝ ස්ථාවර මුහුණත් පෙන්වයි (රවුම් මුහුණතක් හෝ වක්‍රාකාර ස්වරූපය)
  2. මෙසේ සිදුවී ඇත්තේ ගල තාඩන පීඩන බිඳවැටිම් ආදී බොහෝ උවදුරයන්ට ලක් වූ බැවිනි
  3. ධර්ම මාර්ගයද එලෙසමය. කොපමණ තාඩන පීඩන ගැරහීම් පැමිණේද, විශේෂයෙන් ධර්මයෙන් සන්නද්ධ හිතක්, මනාව ස්ථාවර බවට පත්වෙයි. තව තවත් ධර්මය ප්‍රත්‍යක්ෂ වේ
  4. එම නිසා තම ජීවිතයට පැමිණෙන තාඩන පීඩන ගැරහීම් කමටහනක් කර ගනිමින් ප්‍රතිපදාවේ හැසිරෙන්න
028. පැහැදිලි කිරීම

028. පැහැදිලි කිරීම

  1. අතීතයේ සිදුකළ දෙය වර්තමානයේ ඵලයක් ලෙස ලැබෙයි
  2. ලබන්නෙක් සිටියොත් එය කර්මයක් ලෙස ඉස්මතු වී පෙනෙයි
  3. ලබන්නෙක් නොසිටියොත්, හේතුඵල ලෙස හඳුනාගතහොත්, එය හුදෙක් ඵලයක් පමණක් වේ. එහි ඇති කර්ම ස්වභාවය යටපත් වේ
  4. එසේම දුකක් එළැඹෙන විට, දුකක් ලෙස නොහඳුනන අතර එය හේතුඵලයක් ලෙස හඳුනා ගනී
  5. එවිට එය දුකක් නොවේ. සැපක්ද නොවේ. හුදෙක් ඵලයකි
  6. සියල්ල හුදෙක් හේතුඵල ක්‍රියාවලියකි. එයද හඳුනා ගැනීමක් පමණි. එපමණකි
No audio available
027. වස්තුව සහ ප්‍රතිබිම්බය

027. වස්තුව සහ ප්‍රතිබිම්බය

  1. ඇතිවන සියල්ල තම අභ්‍යන්තරයේම හටගනී
  2. උදාහරණයක් ලෙස, බනිස් ගෙඩියක් අයෙක් භුක්ති විඳ ඇත්නම්, තව කෙනෙකුට භුක්ති විඳීමට ඉඩකඩ නැත, එය වැය වී ඇත
  3. බාහිර ඇති ගසක් බොහෝ පිරිසක් දකින අතර අවශ්‍යය නම් තවත් පිරිසකට එය දැකගත හැක
  4. එනම් එහි වැයවීමක් සිදුවී නැත. වැයවීමක් නොමැති භුක්තිය යනු යම් මායාකාරී ස්වභාවයකි. භුක්ති විඳ ඇත්තේ හුදෙක් ප්‍රතිබිම්බයක් පමණි
  5. තවද වැය නොවූ දෙයක් භුක්ති විඳිය නොහැක. එනම් අප භුක්ති විඳ ඇත්තේ වස්තුව නොව, අභ්‍යන්තරයේම සකසා ගන්නා ලද ස්වභාවයකි
  6. අන්තර්ගතය හිස් ස්වභාවයකි. මෙය පැවැත්ම පිණිස ඇති ලෝක ධර්මතාවයකි. මුලාවකි
  7. තවදුරටත් අදහස වූයේ "අයවීමක් ඇත්නම් වැයවීමක් තිබිය යුතුය. වැයවීමක් නොමැති අයවීමක් රැවටීමක් විය හැකිය" යන්නයි
  8. ලෝකය තුළ ඇති දේ සියල්ල දෘෂ්ටීන් වන අතර සම්මා දෘෂ්ඨිය වඩා නිවැරදි දෘෂ්ටිය වන්නේය
  9. ලෝකය තුළ පවතින යම් ධර්මයක් මතු කර ගැනීමට උපකල්පන කිහිපයක් මත සිටිමින්, ලෝකය තුළින්ම උදාහරණ කිහිපයක් ලබා ගනිමින් ධර්මයක් මතුකර ගැනීමට උත්සාහ දැරීම ඥානවන්ත ක්‍රියාවකි
  10. ගැඹුරු විදර්ශනාවකට මඟ පාදන ඉහත කරුණු හොඳින් විශ්ලේෂණය කරන්න...
No audio available
026. මයිනහම

026. මයිනහම

  1. අතීතයේ කම්හල් වල මයිනහම හුළං ලබාදෙමින් ගිනි අඟුරු පණ ගැසීම සඳහා යොදා ගත් උපකරණයකි
  2. සුළං ලැබෙනතුරු ගිනි අඟුරු තව තවත් ගිනියම් වන අතර සුළං නොලැබෙන විට එහි ශක්තිය ක්‍රමානුකූලව අඩුවේ
  3. අපගේ ශරීරය ද මයිනහමක් මෙන් නිරතුරුවම හුස්ම අඳිමින් පිටකරමින් පණ ගැසීම සිදුවේ
  4. හුස්ම ගැනීම පිට කිරීම දුර්වල වුවහොත් ශරීරය අප්‍රාණික වේ. මරණය සිදුවේ
  5. දිවා රාත්‍රී නිරතුරුව හුස්මෙන් පණ පෙවෙන මෙම ජීවිතය බොහෝ දුර්වලය. නිරතුරුව පණ ගසන මෙම ජීවිතය මයිනහමක් වැනිය
  6. හුස්ම පවතින තුරු පවතින්නේය. නතර වූ විට බිඳෙන්නේය
  7. මෙහි තතු දැනුණු විට කුමන මාන්නයක් ද ? කුමන වටිනාකමක් ද ?
  8. මෙහි වටිනාකම මයිනහම නොඉක්මවන්නේය
  9. එක් හුස්මක ශක්තියෙන් මොහොතක් ජීවත් වෙයි. එය පුනරාවර්තනය වෙමින් ජීවත්වීම සිදුවේ. ඕනෑම මොහොතක මියයෑම ද ඒ තුළ අඩංගු වේ
  10. ජීවිතයේ නොවටිනා බව, නිස්සාර බව වටහාදීම සඳහා කමටහනක් කර ගන්න...
No audio available
025. ගංගාව සහ ද්වයතාවය

025. ගංගාව සහ ද්වයතාවය

  1. ගඟකින් නොයෙකුත් ප්‍රයෝජන ඇත. ධර්ම මාර්ගය සඳහාද අගනා ප්‍රයෝජන ඇත
  2. ගඟ හුදකලාව ගලා බසි
  3. පුද්ගලයෙක් ගඟ අසලට ගිය විට, ඉහළ දෙස බලන විට එන ලෙසත් පහළ දෙස බලන විට යන ලෙසත් ද්වයතාවයක් හට ගනී.
  4. එන යන බව පුද්ගල පැමිණීමත් සමග සිදුවූ දෙයකි
  5. ද්වයතාවය පුද්ගල පැමිණීමට පෙර තිබුණේ නැත. තවද පුද්ගල පැමිණීමට පෙර නොතිබුණේ ද නැත
  6. පැමිණීම නිසාම හටගත්තේ මිස නොපැමිණීම ඔස්සේ හට නොගනියි
  7. තවද එන බවක් නොමැති යෑමක් නැත, යන බවක් නොමැති ඒමක් නැත. හේතු ප්‍රකාරව අන්ත දෙක එකවිට එකවර හටගනී. එකවිට නිරුද්ධවේ
  8. ජීවිතය නමැති ගංගාවේ ඉවුරෙහි නොරැඳෙමු. ද්වයතාවය දුරු කරමු
024. නැවතීම

024. නැවතීම

  1. කලකිරීම නැවතීමට ඉතා හොඳ ආරම්භයක් ලබාදේ
  2. නමුත් අඛණ්ඩ වීරිය, ධර්මශ්‍රවණය මෙන්ම උපක්‍රමශීලීත්වය, ගුණ ආදී ආදිය හොඳින් ප්‍රගුණ කළ යුතුය.
  3. නැවැත්මට පෙර, පැවැත්ම සහ නැවැත්ම අතර වෙනස හොඳින් වටහා ගත යුතුය
  4. නැතහොත් ප්‍රතිපදාවද කළුවා මාරපන් යෑමක් සේ විය හැක
  5. ජීවිතය සමබර විය යුතු අතර සමාජය තුළ අමුතු චරිතයක් නොවිය යුතුය. එසේ වුවහොත් එයද ධර්ම අවබෝධයේ යම් අඩුවක් විය හැක
  6. එදිනෙදා පැවැත්ම ධර්මානුකූල රාමුවකට යොමු කළ යුතුය. එවිට ප්‍රතිපදාව ඉතා පහසුවනු ඇත
  7. සෑම දිනකම ඉන්නා තැනින් ඉහළට පත්වීම සඳහා වීරිය කරන්න. දිනෙක ඔබ පතන සැනසීම එලෙසම වනු ඇත...
023. කණ්නාඩිය

023. කණ්නාඩිය

  1. දර්පණ ප්‍රතිබිම්බයෙහි තිරිසන් ආදී සත්වයන් මුළාවූවත් මනසින් උසස් මිනිසුන් මුලා නොවන්නේ යාන්ත්‍රණය දන්නා බැවිනි
  2. මෙසේ සත්වයන් මුලාවට පත්වුවත් ප්‍රතිබිම්බය ස්පර්ශ කළ නොහැකිය, එයින් හඬක් ද නැත, ගඳ සුවඳක් නැත, රසයක් දැනෙන්නේද නැත
  3. හුදෙක් වර්ණ සමූහයකි
  4. මෙවන් වූ මුලාවක් මිනිසුන්ටද තිබේ
  5. පෙනුණ, ඇසුන, දැණුන, හැඟුන පමණකින් සත්ව පුද්ගල බවක් නිගමනය, නුවණෙහි ඇති මඳකමකි
  6. අඩුම තරමින් පාලනය කළ හැකි, වෙනස් නොවන, දුක් සහිත බව නැති ආදී,
  7. ලෙඩ නොවන, මරණයට පත්නොවන, ජරාවට පත්නොවන ආදී ලක්ෂණවත් ඇත්නම් අවම වශයෙන් පුද්ගලභාවය ප්‍රකාශ කිරීම සාධාරණ යැයි සිතිය හැක
  8. විවිධ සම්බන්ධකම් සහිතව ක්‍රියාත්මක වන හේතුවක ඵලයක යාන්ත්‍රණයක් නැතහොත් හේතුඵල ස්වභාවයක් මෙහි ගැබ්ව පවතී
  9. තමා තුළ ඇතිවන සිතිවිල්ලක් පවා හේතුවක ඵලයකි
  10. මෙය පොදු යාන්ත්‍රණකි. සෑම සත්ත්වයාටම පොදු වූ රාග ද්වේශ මෝහ ලෙස කෙලෙස් ස්වභාවයන් සමාන වන්නේ ඒ හෙයිනි
  11. නොයෙකුත් අත්හදා බැලීම් කරමින් මනසේ ස්වභාවය වටහා ගන්න. ඔබ කවරෙක්දැයි ඔබම සොයාගන්න...
No audio available
022. දිවීම සහ දැවීම

022. දිවීම සහ දැවීම

  1. ඉපදුන දා සිට නොයෙකුත් අරමුණු ගනිමින් ඒවා පසුපස දිව්වේ වෙමු
  2. අරමුණු වෙනස් වූවා මිස, Target අලුත් වූවා මිස දිවිල්ල නතර වූයේ නැත
  3. අරමුණක් නැතිනම් අරමුණක් නැති බව හෝ අරමුණක් කර ගැනීම මනසේ ස්වභාවයයි
  4. අරමුණ විය යුත්තේ සිත අරමුණු ගන්නා ස්වභාවය හඳුනාගැනීමයි. එය දිවීම නතර කිරීමේ හොඳම ආරම්භයයි
  5. පුද්ගල ස්වභාවය ක්ෂය වීම මගින් දිවීම මන්දනය වේ. අරමුණු හඳුනාගැනීමේ ස්වභාවය අරමුණ බවට පත්වෙයි. එය දිවීම සහ දැවීම දුරුවීමේ ආරම්භයයි
  6. නොපසුබට උත්සාහයෙන් ප්‍රතිපදාවේ නිරත වෙන්න. අඛණ්ඩත්වය පවත්වාගන්න
  7. නිර්වාණය බොහෝ දුරක, ඈතක නොවේ...
No audio available
021. නිරෝගීකම

021. නිරෝගීකම

  1. සෑම ලෞකිකයක්ම නිරෝගීකම කෙළවර වනතුරුය
  2. කාමයන් පසුපස හඹා යන මිනිසුන් නිරෝගීකම නැති වූ විට මහත් සේ පීඩාවට පත්වේ. කනස්සල්ලට පත්වෙයි
  3. නිරෝගී කමද අතීතයේ එක්තරා හේතුවක ප්‍රතිඵලයකි. ධර්මයට ආයෝජනය බොහෝ ආනිසංස වේ
  4. මතක තබා ගන්න, නිරෝගීකම සැමදාම නොපවතී. ධර්මාවබෝධයට ද ඉතා වැදගත් කාරණයකි
  5. නීරෝගීකම ඇතුළු සියල්ල සම්පූර්ණ වූ මේ මොහොතේ ඉතා ඉක්මනින් නිවන් දැකීමට උක්ත වූ කටයුතු සිදුකළ යුතුය
No audio available
020. මතකය

020. මතකය

  1. නිරතුරුව සිතෙහි නැඹුරුව ඇත්තේ සසරටය. සසර ගමනට යම් හේතුවක් හැදෙනවා නම් එම ක්‍රියාව වැරැද්දක්ය
  2. සසර ගමන වැළැක්වීම පිණිස යම් ක්‍රියාවක් හේතු වෙනවා නම් එය නිවැරැද්දක්ය. මේ වැරැද්දේ සහ නිවැරැද්දේ නිරුක්තියයි
  3. වැරැද්දක් කිරීමට වැඩිවෙලාවක් නොයන අතර එයට තමා තුළ දැඩි කැමැත්තක්ද පවතී. සසර පුරුද්ද ද එය බැවිනි
  4. නමුත් එය මැරෙන මොහොත දක්වා මතකයෙහි රැඳීම ඉතා බරපතල කාරණයකි. එම මතකය රිය සක ලෙස විටින් විට මතුවෙමින් පසුපසම හඹා එයි
  5. මරණ මොහොතේදී එම කාරණය එළඹුනහොත් සිදුවන්නේ විනාශයකි. මෙය සෘජුවම චුති සිත හා බැඳී පවතී. සුළු කොට නොසලකන්න
  6. මනසට වද දෙන එම මතකය ඉවත් කිරීමට කිසිම විශ්මිත ක්‍රමයක් නැත
  7. එම මතකය ඉවත් කිරීමේ හොඳම ක්‍රමය වැරැද්ද නොකර සිටීමයි
  8. තමන්ගෙන් වැරැද්දක් නොවීමට වග බලා ගන්න. මෙලොව පරලොව සැනසීම ලැබෙනු ඇත
No audio available
019. අසූචි ගොඩක ඇති කඩල ඇටය

019. අසූචි ගොඩක ඇති කඩල ඇටය

  1. රාගය යනු සත්වයා සසරට බැඳ තබන ඉතා ශක්තිමත් හුයෙකි
  2. කොපමණ වින්දනය කලත් කෙළවරක් නැත්තේය
  3. කීර්තිය, ධනය, කාලය, නඩු හබ ආදිය සහ තම ජීවිතය හෝ අවසාන වශයෙන් නිවන පවා අහිමි කළ හැක
  4. රාගය ඉතා කුඩා තත්ත්වයේ සිට මහා විශාල Tornado තත්ත්වයක් දක්වා දරුණු විය හැක
  5. රාගයෙහි වින්දනය අසූචි ගොඩක ඇති කුඩා කඩල ඇටයක් තරම් දෙයකි. අසූචිය පිහිදා ගඳ උසුලා ආහාරයට ගන්නා මෙනි
  6. ප්‍රත්‍යක්ෂයේ ඉදිරියෙහි හොඳින් දමනය වෙන රාගය මැඩලීම සඳහා පිළිකුල අසුභය ආදී නොයෙකුත් සංඥා මරණානුස්සතිය ආදීනව අසාර භාවය නිරතුරුව මෙනෙහි කළ යුතුය
  7. හරයක් නොමැති රාගය පසුපස ගොස් මුලා නොවන්න
No audio available
018. වහල් භාවය

018. වහල් භාවය

  1. 365 දවසෙම ජීවිතය පුරාවටම උදේට, දවල්ට, හවසට ආහාර ලබා දිය යුතුය. වැඩිදුරටත්, මිලදී සකසා ලබාදිය යුතුය
  2. විටින් විට ජලය ලබාදිය යුතුය
  3. මළ මුත්‍ර පිටකළ යුතුය
  4. පිරිසිදු කළ යුතුය. ඇඟ සේදීම, මුහුණ සේදීම, නෑම ආදී වශයෙනි
  5. නඩත්තු කළ යුතුය. නියපොතු කැපීම, කොන්ඩේ කැපීම, රැවුල කැපීම, දත් මැදීම ආදී වශයෙනි
  6. මේ ආදී වශයෙන් අප ජීවිත කාලය පුරාම වහලෙක් ලෙස ජීවත් වුවත් ඒ බව නොපිළිගනියි. එය තවත් වහල් භාවයකි
  7. මේ කය අනුබද්ධයෙන්ය. තවත් වහල් භාවයන් බොහෝය. හොඳින් විදර්ශනා කර වටහාගන්න
  8. කෙලෙස් නැසීම පිණිස භාවිතා කරන්න
No audio available
017. කැමැත්ත

017. කැමැත්ත

  1. වටිනාකම නිසා කැමැත්ත ඇතිවෙනවා නොව කැමැත්ත නිසා වටිනාකම ඇතිවේ
  2. කොපමණ කැමැත්තක් පවතීද, එපමණ ප්‍රමාණයක දුකක්ද පවතී
  3. උදාහරණයක් ලෙස පින්පල් එක, කුරුලෑව, විසප්පු ආදී විවිධ නම් අනුව වටිනාකම වෙනස් වෙයි
  4. එම නිසා, තමන්ගේ කැමැත්ත පාලනය කිරීම සඳහා ඒ දෙස දකින ආකාරය බොහෝ උපකාරී වේ
  5. මේ ආකාරයෙන් මුල් අවධියේ සිත මෙල්ල කළ යුතුය. සිතේ දුර්වලතා හඳුනාගත යුතුය. සිතෙහි පවතින නොයෙකුත් ලක්ෂණ හඳුනාගත යුතුය. කාලය සමඟ සිතේ සමාහිතභාවය ඇතිවේ
  6. වටිනා කාලය අපතේ නොයවන්න
  7. මරණය ඕනෑම අවස්ථාවක පැමිණිය හැක
  8. එම නිසා, අද අදම ඉන්නා තැනින් ඉහළට එසවීම සඳහා වීරිය කරන්න...
No audio available