Report Menu
All Cards
Total Cards: 416 | Page: 21 of 21 | Showing: 16 cards
016. කිසිම සමාවක් නොමැත

016. කිසිම සමාවක් නොමැත

  1. ලෝක ස්වභාවය ධර්මතාවයක් බැවින් කිසිම අනුකම්පාවක් නැත
  2. හේතු යම් සේ සැකසේද අදාළ ඵලය එලෙස වේ. ඒ අනුව ඊට අදාළ කාරණා සිද්ධවේ
  3. උදාහරණයක් ලෙස cancer එකක් ලොකු පොඩි භේදයකින් තොරව ඇතිවේ
  4. සසරට වැටුණහොත් කිසිම අඩු වැඩියක් නොමැතිව අදාල කාරණාවල ආකාරයට ප්‍රතිඵල සකස් වෙයි
  5. අපට එය වේදනාවක්ද නැද්ද යන බව සොබා ධර්මයට නොදැනේ. කිසිම අනුකම්පාවකින් තොරව ක්‍රියාත්මක වේ
  6. මව හෝ පියා හෝ ඝාතනය වුවහොත්, එය තත්පර කිහිපයක කාරණයකි. නමුත් ගෙවීමට ඇති දුක අප්‍රමාණ අතර කාලයද අපට සිතා ගත නොහැකි තරම් විශාල වේ. මෙහි ඇති බිහිසුණු බව වචනවලින් ප්‍රකාශ කළ නොහැක
  7. මේ ආකාරයේ නොයෙකුත් අසාධාරණකම් සසර තුළ ගැබ්වී ඇත
  8. එම නිසා ඉතා ඉක්මනින් ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන සසරින් මිදීමට වහ වහා කටයුතු කළ යුතුය
No audio available
015. දෙබිඩි ජීවිතය

015. දෙබිඩි ජීවිතය

  1. දහවලේ නොයෙකුත් ක්‍රියාකාරකම්වල නිරත වන අප රාත්‍රී කාලයේ ගිලන්වේ
  2. රාත්‍රී කාලයේ කායිකව ගිලන් වන අතර සිටගෙන සිටීමට පවා නොහැකිව ඇඳක් තුළ වැතිරීමට සිදුවේ
  3. උදෑසන වන විට නැවත ගිලන් ඇඳෙන් අවදිවන අප නැවත රාත්‍රියෙහි ගිලන් බවට පත්වේ
  4. ජීවිත කාලයම මෙම රෝගයෙන් පෙළෙන අප එය රෝගයක් ලෙස හෝ හඳුනා නොගන්නේ සසර එතරම් සැඩ පරුෂ නිසාය...
014. ප්‍රවේසම

014. ප්‍රවේසම

  1. දහම් මඟ ඉතා අපහසු එකක් නොවේ. නිවැරදි ධර්මය ශ්‍රවණය කිරීම, ඒ අනුව ජීවන රටාව ධර්මානුකූලව වෙනස් කර ගැනීම තුළින් නොදැනුවත්වම ධර්මයෙහි පරිණත වීම සිදුවේ. මග ඵල ස්පර්ශ කළ හැකිවේ
  2. එය එසේ වුවත් එයට ලොකුම පළිබෝධයන් විය හැක්කේ ලගින්ම ආශ්‍රය කරන පිරිසය
  3. තම බිරිඳ, ස්වාමිපුරුෂයා, පවුල දෙමාපියන් දූ දරුවන් ඥාතීන් හිතවතුන් ආදී ඕනෑම කෙනෙක් පලිබෝධයක් විය හැක. ආයතන පරිහරණය වන්නේ ඒ අය සමග බැවිනි
  4. එක් එක් අය සම්බන්ධයෙන් වෙන වෙනම සිතුවිලි සන්තති ක්‍රියාත්මක වන අතර එමඟින් සිත කාර්යබහුල බවට පත්වේ. මානසික නිදහස පටුවේ. නිවන් මඟ ඇසිරීමේ ඉඩකඩද පවතී
  5. තත්ත්වය මෙසේ වුවත්, තමන්ට ගැටළු 1000 ඇත්නම් එය 999 කිරීමට ප්‍රයත්න දැරිය යුතුය. එවිට කාලයත් සමඟ ප්‍රශ්න නිරාකරණය වනු ඇත. අලුතෙන් ප්‍රශ්න දමා ගැනීම කිසිසේත් නොකළ යුතුය
  6. ඉහත කාරණයේ ප්‍රතිඵලයක් ලෙස සිතෙහි ප්‍රීතිය නිදහස මතු කර ගත හැක. නිර්වාණ දොරටුව විවෘත කර ගත හැක...
No audio available
013. ලේ පිපාසය

013. ලේ පිපාසය

  1. හොඳ අධ්‍යාපනයක්, මිල මුදල්, ලස්සන, හැකියාව ආදීය සඳහා වැඩි වටිනාකමක් පවතී. මේවා ලබා ගැනීම යනු මහත් වූ දුකක ප්‍රතිඵලයකි
  2. උදාහරණයක් ලෙස සින්දුවක් ඇසීමේදී හොඳින් සිංදු කියන කෙනා සඳහා ඉල්ලුම වැඩිය
  3. හොඳින් සින්දු ගායනය යනු මහත් වූ පරිශ්‍රමයක ප්‍රතිඵලයකි. එනම් අන්තර්ගතය දුකකි
  4. දුක් විඳීමේදී ලේ පිච්චීම සිදුවේ. එම නිසා ඇත්තෙන්ම කැමැත්ත ඇතිවී ඇත්තේ ලේ පිච්චීමටය
  5. එනම් කැමති වන්නේ ගීත රසයට නොව, අනුන්ගේ දුකටය, ලේ පිච්චීමටය. අප නොදන්නවා වුවත් එහි ඇත්තේ ලේ පිපාසය ය
  6. සරලව අප කැමති වන්නේ අනිකාගේ දුකටය. අන් ආකාරයෙන් ඇතිවී ඇත්තේ ලේ පිපාසය ය
  7. හොඳින් විදර්ශනා කරන්න. හොඳින් දකින්න. ක්ලේශයන් නැසීම සඳහා අවියක් ලෙස භාවිතා කරන්න...
No audio available
012. තාක්ෂණයට ඔබ්බෙන් ධර්මය

012. තාක්ෂණයට ඔබ්බෙන් ධර්මය

  1. ලෝකය නොයෙකුත් ආකාරයෙන් තාක්ෂණිකව දියුණු වී ඇත
  2. නමුත් තවමත් සොයාගෙන නොමැති දියුණු තාක්ෂණය ලෝකය තුළ සැඟවී ඇත
  3. තථාගතයන් වහන්සේ දන්නා ප්‍රමාණය ඇට්ටේරියා වනය තරම් වුවත්, දේශනා කළ ධර්මය අතට ගත් කොළමිටක් තරම් යැයි දේශනා කළේය
  4. එනම් මේ සියලු තාක්ෂණය උන්වහන්සේ දැන නොසිටියා නොවේ
  5. තාක්ෂණික සොයා ගැනීමක් යනු ඇත්ත වශයෙන්ම කෙළවර වන්නේ අන්ත වූ දුකකිනි
  6. මෙවැනි සොයා ගැනීම් නිසා මාන්නයට පත්වන අතර මෙලොව පරලොව වශයෙන් කර්ම පොදි ගසා ගනී
  7. මෙම කිසිම තාක්ෂණික සොයාගැනීමකට, දුකෙහි මූලය වන ජාතිය, ජරාව, ව්‍යාධිය සහ මරණය වැළැක්විය නොහැක
  8. සියලු තාක්ෂණය පිළිබඳ දැනුවත් වුවත් තථාගත දේශනාව, ඒකාන්ත සැපයට ප්‍රත්‍ය වන දුකෙහි මූලය සඳහාය, එනම් නිවන සඳහාය...
No audio available
011. දුකින් මිදෙන මාර්ගය

011. දුකින් මිදෙන මාර්ගය

  1. නොයෙකුත් කුලවල ඉපදෙමින්, බුදු කෙනෙකුට පවා නොපෙනෙන අතීතයක සිට අප ගමනක යෙදුනේ වෙමු.
  2. ඒ අතර අපගේ ජීවිත අසාධාරණ ලෙස අහිමිකල අවස්ථා බොහෝ වේ
  3. අසාධාරණ ලෙස අපගේ දේපොළ පවරා ගත් අවස්ථාද බොහෝ වේ
  4. අබ්බගාත ජීවිතද උන්මත්තක ජීවිතද ඒ ගමන අතර අපට හිමි වී ම තිබේ
  5. කොපමණ දුක් සහිතව ජීවිත එකින් එක ගෙවාගෙන ආවත් ගමනෙහි කෙළවරක් හෝ අරමුණක් අපි කිසිවෙක් දැනගෙන සිටියේ නැත
  6. ඉහත ආදී නොයෙකුත් කාරණා ඔස්සේ අප සසරේ දුක් වින්දේ වෙමු
  7. බුදු කෙනෙක් විසින් මේ කාරණා හෙළිදරව් කළා පමණක් නොව ඒවායෙන් මිදීමට මාර්ගයද අපට පෙන්වා දී ඇත
  8. ඉදින් තවත් කුමට ප්‍රමාද වන්නේ ද?
  9. වහ වහා නිවන් පිණිස වූ කර්තව්‍යය සිදු කළ යුතුය...
010. සසර සහ නිවන

010. සසර සහ නිවන

  1. සසර බැඳීම ඇත්තේ විශේෂ අද්භූත දෙයකින් නොවේ. එදිනෙදා කරන ක්‍රියාකාරකම් තුළම සිදුවේ
  2. එලෙසම නිවන ද විශේෂ අද්භූත දෙයක් නොවේ. එයද එදිනෙදා සිදුවන ක්‍රියාකාරකම් තුළ සිදුකළ හැක
  3. ගැඹුරින් දැකීම යනු සරලව ඒ ඒ ක්‍රියාකාරකම් තුළ ඇති ධර්මතාවයන් අවබෝධ කර ගැනීමයි
  4. ඒවායේ ඇති බිඳෙන ස්වභාවය වෙනස් වෙන ස්වභාවය පලුදුවන ස්වභාවය දිරාපත් වන ස්වභාවය පාලනය කළ නොහැකි ස්වභාවය ආදියයි
  5. මේවා ප්‍රත්‍යය කර ගැනීමෙන් නොඇල්ම නම් කාරණයක් දැක්‌මේ ප්‍රමාණය අනුව සිත අභ්‍යන්තරයේ හට ගනී
  6. දැක්ම සකසා ගැනීම සඳහා ධර්ම ශ්‍රවණය අනිවාර්ය කාරණයකි. එය නිවැරදි ප්‍රායෝගික ධර්මයක් විය යුතුය
  7. එවන් ධර්ම දේශනා බොහෝ ඇති අතර, මේ සඳහා ධර්ම සාකච්ඡාද බොහෝ වටින්නේ යැයි සිතමු
  8. අදම ආරම්භ කරන්න. ඒ ඒ ප්‍රමාණයට ප්‍රතිඵලද ලැබෙනු ඇත
  9. බීජයක් පොළවේ රෝපණය වී විශාල ගහක් බවට පත්වේද ධර්මයත් එලෙසම වර්ධනය වීම සිදුවේ
  10. තවමත් කාලය ඉතුරුව ඇත. මෙය තවත් නොවිය හැකි දෙයක් නොවේ...
009. මස් වලට ඇති කැමැත්ත ඇස අනුබද්ධයෙන්

009. මස් වලට ඇති කැමැත්ත ඇස අනුබද්ධයෙන්

  1. ඇසින් සරලව රූප දැකීම සිදුවේ
  2. එක් කෙළවරක් රූපයේ අන්තය ගනී. ජීවියෙක් වුවහොත් එහි ඇත්තේ සෘජුවම මස්ය
  3. අජීවී දෙයක් ගතහොත් එය වක්‍රාකාරව මස් වලින් සැකසී ඇත
  4. මක්නිසාද ජීවීන් දිරාපත් වීම, පසුව ඒවායේ කොටස් පරිසරයට එක්වීම
  5. අනෙක් අන්තය මස් ඇසයි. එය සෘජුවම මස්ය
  6. එනම්, රූප දැකීම සඳහා මස් සෘජුවම හෝ වක්‍රාකාරයෙන්, අන්ත දෙකක් ඔස්සේ දායක වෙයි
  7. එනම් ඇළ දොළ ගංගා දැකීමට ආශා වීම, වාහන වලට ආශාවීම, මිනිසුන්ට ආශාවීම ආදී ඕනම ආශාවක්, මස් වලටම ආශාවීමක්ය
  8. මෙය හොඳින් නුවණින් මෙනෙහි කොට වටහා ගත යුතුය...
  9. හොඳින් වටහා ගත් විට ක්ලේශයන් නැසීම සඳහා අවියක් ලෙස භාවිතා කළ හැක...
008. පැහැදිලි කිරීම් පිළිබඳ පැහැදිලි කිරීම

008. පැහැදිලි කිරීම් පිළිබඳ පැහැදිලි කිරීම

  1. පැහැදිලි කිරීම් වල අඩංගු වන්නේ බොහෝවිට අප දන්නා කාරණාමය
  2. නමුත් මෙවැනි පැහැදිලි කිරීම් හේතුවෙන් සිතිවිලි ප්‍රවාහය ධර්මානුකූල දිශාවකට යම් කාලයක් යොමු වීම ප්‍රධාන වාසියකි
  3. පැහැදිලි කිරීම් දෙස දකින ආකාරය ඉතා වැදගත්ය
  4. පැහැදිලි කිරීමේ යම් අපැහැදිලි කමක් තිබුණහොත්, එය දැන්වීම ඔබගේ වගකීමක් වන අතර වෙනත් ආකාරයකින්, කෙනෙකුගේ අඩුවක් දරාගැනීමේ ගැනීමේ ගුණය ලෙස ගුණයක් දියුණු කළ හැකිය
  5. සියල්ල සාපේක්ෂ බැවින් ඕනෑම පැහැදිලි කිරීමක ධර්මයක් දැකිය හැකි අතර අන් ආකාරයෙන් අඩුවක්ද දැකිය හැකිය
  6. පැහැදිලි කිරීම් සඳහා ඔබගේ යම් අදහසක් ඇත්නම් එය ඉතා වැදගත් වන අතර, දැන්වීම ධර්ම සාකච්ඡාවක් ද වනු ඇත
  7. ප්‍රතිපදාවේ අඛණ්ඩත්වය ආරක්ෂා කර ගැනීමට මෙලෙස සිදුවන පැහැදිලි කිරීම් ද හේතුවක් වනු ඇත
No audio available
007. ක්ලේශ දුරු කිරීමේ ධර්ම ඥානය

007. ක්ලේශ දුරු කිරීමේ ධර්ම ඥානය

  1. සිත පිහිටන ස්ථානය තමන් සිටින ස්ථානයයි
  2. එම ස්ථානය මැනවින් දැනගත යුතුය.. මැනවින් හඳුනාගත යුතුය
  3. එනම්, ඒ අරභයා ඇතිවන සිතිවිලි සන්තතිය හොඳින් හඳුනාගත යුතුය, ගැලවීම ඇත්තේද එතනමය
  4. මෙම සිතිවිලිවල විවිධ රටාවන් නැති අතර ඒවා හඳුනා ගැනීම සඳහා මනා ධර්ම අවබෝධයකින් යුක්ත විය යුතුය
  5. ආයතන හරහා සිදුවන ගනුදෙනුවල සමානකම් ඇත
  6. සසර ගත සෑම සත්ත්වයාටම පොදු වූ ක්ලේශ ( රාග, ද්වේශ, මෝහ ) පවතින්නේ එම නිසාය, එනම් මේවා පොදු වූ ධර්මතාවයක් මිස පුද්ගල අනන්‍ය නොවේ
  7. මේවා දුරු කළ නොහැකි නම් බුදු කෙනෙක්, ඔබට අපට සිතාගැනීමට පවා නොහැකි තරම් පෙරුම් පුරන්නේ නැත
  8. දුරු කළ හැකි මෙම ක්ලේශ වහ වහා දුරු කොට ඒ අමා මහ නිවනට පත්වීම ඔබ අපගේ එකම චේතනාව විය යුතුය...
006. ශාසනයේ මහිමය

006. ශාසනයේ මහිමය

  1. ඔබගේ අපගේ ප්‍රථම කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ වූ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා... ධර්මයට නමස්කාරය වේවා... සංඝයාට නමස්කාරය වේවා...
  2. පහනකින් පහනක් දැල්විය හැකි වුවත් පහනක පින්තූරයකින් පහනක් දැල්විය නොහැක
  3. එලෙසම ධර්මයක් ලබාදිය හැක්කේ ධර්මයෙහි යම් ඇසුරක් ඇති අයෙකුටය
  4. කොපමණ වටිනාකම් සහිත භෞතික වස්තුවක් වුවත් එය බිඳී යාමෙන් හෝ මරණයෙන් එම වටිනාකම අහෝසි වේ
  5. අමිල වූ වටිනාකමක් සහිත මානසික වූ ධනයක් බුද්ධ ශාසනයක් තුළින් සත්වයාට ප්‍රතිලාභය
  6. එයට මග පෙන්විය හැක්කේ තම ප්‍රඥාවේ ප්‍රමාණයට ශාසනය තුළ හික්මෙන තවත් ශ්‍රාවකයෙකුටය
  7. මග පෙන්වීමේ යම් අඩු වැඩිකම් තිබුණත් බුද්ධ ශාසනයක් පවතින්නේ එම ධර්මතාවයට අනුවය
  8. සමස්තයක් ලෙස සලකන විට ධර්මයට යොමු වීමේ වටිනාකමට වෙන කිසිම සැසඳීමක් නැත
  9. එනම් ප්‍රඥාවන්තයෙක් තම ප්‍රඥාවේ ප්‍රමාණයට, තවත් ප්‍රඥාවන්තයෙකුට ලබාදෙන මග පෙන්වීම ශ්‍රේෂ්ඨත්වයට පත්වනු ඇත
005. වටිනාකම් හා අත්හැරීම

005. වටිනාකම් හා අත්හැරීම

  1. මුදල් හෝ රන් කහවනු යනු වටිනාකමක්ය
  2. එක් වටිනාකමක්, ඊට වැඩි වටිනාකමක් ලැබෙන විට වටිනාකම බාලවීම සිදුවේ
  3. උදාහරණයක් ලෙස මුදල් පොදියක් ඇති විට, මුදල් කන්දක වටිනාකම ඊට වඩා වැඩි හෙයින් මුදල් කන්දට ඇලුම් කරයි
  4. එලෙස සාපේක්ෂව වටිනාකම වෙනස් වේ
  5. අත්හැරීම අත්හැරීමෙන් කෙළවර වන බැවින් සාපේක්ෂකයක් නොපවතී
  6. එම නිසා තෘප්තිමත්භාවයට පත්වෙයි
  7. මුලින් මුලින් මෙවැනි කාරණාවල වැටහීම ධර්ම අවබෝධය පහසු කරවයි
004. අපන්ණක ප්‍රතිපදාව

004. අපන්ණක ප්‍රතිපදාව

  1. අපන්ණක ජාතකයෙහි බෝධිසත්වයන් ගත් තීරණය තුල දෙආකාරයටම පිරිසට හානියක් සිදු නොවේ
  2. එලෙසම තමන්ට ලැබෙන යහපත අයහපත ආදී සෑම දෙයක්ම හේතුවක ඵලයක් ලෙස හෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස හෝ වෙනත් දහම් ඇසකින් දැකිය යුතුය
  3. අයහපතක් සිදුවුවහොත් අයහපත වෙනුවට ඒ තුළ ඇති හේතුඵල ධර්මය අවබෝධ කර ගනී.. යහපතද එලෙසමය
  4. මෙහිදී හේතුඵල ධර්මයක් හෝ වෙනත් ධර්ම කාරණයක් දකිනවා මිස යහපතක් අයහපතක් භුක්ති නොවිඳී
  5. මෙය ඉහත ජාතක කතාව අනුව අපන්ණක ප්‍රතිපදාව ලෙසද හැඳින්විය හැක
  6. අටලෝ දහමින් කම්පා නොවීම ලෙසද හැඳින්විය හැක
  7. මෙවන් ආකාරයෙන් සිත භාවිතය තුළ භවය තුළ සිත පිහිටීමක් නොවනු හෝ ඒ සඳහා හේතු සකස් වනු ඇත
003. මෝහයේ බැඳුම

003. මෝහයේ බැඳුම

  1. වැරදි සහ නිවැරදි දෙය තම තම අරමුණ අනුව සාපේක්ෂවේ
  2. අරමුණ සැපය නම්, නිවැරදි අරමුණ නිවන වනු ඇත
  3. වරදෙහි පිහිටවන ලද සිත යනු හුදෙක් මෝහය සහගත සිතයි
  4. මෝහය යනු කෙටියෙන් නිවැරැද්ද නිවැරැද්ද ලෙස නොදැකීම සහ වැරැද්ද වැරැද්ද ලෙස නොදැකීම වේ
  5. බුද්ධ ශාසනය තුළ වැරැද්ද නිවැරැද්ද නිවන අනුව තීරණය වේ
  6. මිරිඟුවේ වතුර ඇති ලෙස චේතනාව පිරිසිදුව සිදූ වුවත් එය මෝහ මිශ්‍රිත වේ. එම නිසා සියල්ලටම වඩා සත්වයා දුකට පත්වේ
  7. සසර ගත සත්ත්වයා ඉහත ආදී නොයෙකුත් කාණ්ඩවල මෝහයන්ගෙන් පිරුණු මනස් සහිත වේ
  8. එනම් චිත්තය වරදෙහි පිහිටා ඇත
  9. එනම් පවිටු සිත් ඇති හෙතෙම සසර තුළ දුකෙන් දුකටම පත්වෙයි...
002. ගුණ වැඩීම

002. ගුණ වැඩීම

  1. මෙම බුද්ධ ශාසනයේ ගුණ වැඩීම යනු හර පද්ධතියයි
  2. සීලයද ගුණයන් පුරුදු කිරීමක් වේ
  3. ලෝකයේ නුගුණ දැකීම තමන් තුළ ඇති නුගුණයක් වේ
  4. ලෝකය ගුණ ලෙස දැකීම තමා තුළ ඇති ගුණයක් වේ
  5. එලෙස දැකීම සඳහා හේතුඵල, කර්ම, විපාක, නොයෙකුත් සංඥා ක්‍රම භාවිතා කළ හැක
  6. ලෝකයෙන් වැරැද්දක් සිදුවෙන විට එය දරා ගැනීම තමා සතු ගුණයකි
  7. ගුණයන් කෙළවර වන්නේ ප්‍රඥාවෙන්ය. ප්‍රඥාව යනු ගුණයන්ගේ ඵලයකි
  8. ප්‍රඥාව මුලින් ඇති කරගැනීමට දරන උත්සාහය බොහෝ විට මාන්නයකින් කෙළවර වීමට ඉඩකඩ ඇත
  9. ගුණයන් පමුණුවා ගනිමින් ශාසනය තුළ රැඳීම අගනේය...
001. ලෞකික සැපය සහ සසරේ දුක

001. ලෞකික සැපය සහ සසරේ දුක

  1. ලෞකික සැපයත් ඇත්තෙන්ම සැපයකි....සත්වයා ලෞකිකයට මෙපමණ ඇලුම් කිරීමට හේතුවත් එයයි
  2. නමුත් එම සැපය ලබා ගැනීමට මහත් වූ දුකක් විඳිය යුතුය... විශාල කැප කිරීමක් කළ යුතුය... සම්ප්‍රයුක්තව ලැබෙන සැපය ඉතා අල්පයකි
  3. එය සැපයක් වුවත් එය පිටුපස ආදීනව පථ නිර්මාණය වේ.. එනම් සත්වයාට දුක උරුම වෙයි
  4. කෙටියෙන් පථ යනු භවයෙන් භවයට, භවයෙන් භවයට විපාක දෙමින් යන විපාක වාරයන්ය
  5. මොහොතක සැපයකි... සැප සංඥාවෙන් දුක් විඳීමකි
  6. දීර්ඝ වූ සසර ගමනකට මාර්ගයකි
  7. මෙම පැහැදිලි කිරීම්ද සාපේක්ෂ වන අතර තව තවත් වෙනස් ආකාරයේ මෙන්ම සියුම් හා ගැඹුරු පැහැදිලි කිරීම්ද ඇති බව සලකන්න...