Report Menu
All Cards
122. අරමුණු සොයන සිත
- නිරය දුකෙහි ද හේතුව වන සිත නිරයට වඩා භයානකය
- සිතෙහි අරමුණක් ඇත. එය දුර්වල වන විට ප්‍රබල අනෙක් අරමුණකට මාරුවේ. මෙම සිද්ධිය උපතේ සිට මරණය දක්වාම සිදුවේ. කෙළවරක් නැත
- අරමුණුවල යම් රටාවන් ඇත. සිත දෙස බොහෝවෙලා බලා සිටීමේදී මේවා හඳුනාගත හැක (උදාහරණයක් ලෙස අයෙක් කොල්මන් කතාවක් පවසන විට අපටද අපගේ අත්දැකීමක් හෝ වෙනත් හොල්මන් කතාවක් මතක් වීම)
- අරමුණක ස්වභාවය දැනගැනීමය. දැනගැනීම සිතෙහි ඇතිවන සිතිවිල්ලක් පමණක් වන අතර එය සත්වයෙක්, පුද්ගලයෙක්, භෞතික වස්තුවක් නොවන අතර දැන ගැනීමක්ම පමණක් වේ
- එකම අරමුණ දැනගන්නා ආකාරය අනුව නිවන, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක මෙන්ම නිරය වුවද තීරණය විය හැක
- දන්නා අරමුණු අතර පමණක් අරමුණු මාරුවීම සිදුවේ. එනම් අරමුණු මාරුවීමේ පරාසය දන්නා ප්‍රමාණයයි. නොදැකපු නොදන්නා දේ පිළිබඳ අරමුණු ගැනීමක් සිදු නොවේ
- අරමුණුවල වෙනස් වෙන ස්වභාවය දුක්ඛ ස්වභාවය පාලනය කළ නොහැකි ස්වභාවය ආදී ලක්ෂණ මෙනෙහි කරන විට අරමුණුවල බැසීම වෙනුවට අරමුණු හඳුනාගැනීම සිදුකළ හැක
- කළ යුත්තක් ඇත. අරමුණක හඳුනාගත යුතුය. අරමුණ හඳුනා ගැනීමට සිහියක් අවශ්‍යවේ. උපක්‍රම භාවිතා කළ යුතුය. ඓයට තුඩු දුන් මුලාව සිතට පෙන්වා දිම කළ යුතුය. නැවත නැවත පුරුදු කළ යුතුය
121. ස්වංක්‍රීය යන්ත්‍රය
- ශරීරය යනු ස්වයංක්‍රීය අසූචි නිෂ්පාදන යන්ත්‍රයකි
- ආහාර ජලය ආදීය ඇතුල් කළ විට අසුචිය පිටවී යයි
- නව දොරින් නොයෙක් ප්‍රභේදයෙන් යුත් අසුචිය. නාසයෙන් සොටු, ඇසෙන් කබ, කනින් කනඳුරු, කටින් කෙළ සෙම වමනය, අධෝ මාර්ග වලින් මල සහ මුත්‍රාය
- සමස්ත ශරීරයෙන් ම පිටවන දහඩිය, තෙල, නියපොතු, ලොම් ආදී අසූචිය
- මෙම නොයෙකුත් අසුචි නිෂ්පාදන සඳහා ආහාර ජලය ආදීය ඇතුල් කිරීම, අදාළ ශරීරය නමැති යන්ත්‍රයෙන්ම ස්වයංව සිදු කරගනී
- කකුල් අතපය ආදිය ද ඉගෙනීම මතකය රැකියාව ලෙසද මෙම යන්ත්‍රයේ කොටසක් නිර්මාණය වී ඇත්තේ ඒ නිසාය
- තවද තවත් අසුචි නිෂ්පාදන යන්ත්‍ර ජනනය කිරීම සඳහාද මෙම යන්ත්‍රය තුළ පද්ධතියක් සකස්වී ඇත
- මෙම අසූචි නිෂ්පාදනය උත්පේරණය කිරීම සහ ස්ථායීතාවය සඳහා මෝහ මූලික ආදරය, කරුණාව, දයාව ආදී විශේෂාංග වලින්ද මේය සමන්විතය
- මේ අසූචිය සමග කුමන ගිවිසුම්ද? කිනම් ලස්සනක්ද? කිනම් ආශාවක් ද? කිනම් ලෝභයක් ද? විදර්ශනාව පිණිසය
120. පුස්තකාල දර්ශන
- කණ්නාඩියකින් දකින ප්‍රතිබිම්බයක ඇත්තේ ප්‍රතිබිම්බයේ ලක්ෂණ මිස වස්තුවේ ලක්ෂණ නොවේ
- එලෙසම අප ලෝකය සමඟ ගනුදෙනු කරන විට ඇස, කන, දිව, නාසය, ශරීරය යන දර්පනයන්ගෙන් ලැබෙන්නේ ප්‍රතිබිම්බයන් මිස වස්තූන් නොවේ (මෙතෙක් කල් භුක්ති විඳ ඇත්තේ ප්‍රතිබිම්බ මිස වස්තු නොවේ)
- එම ප්‍රතිබිම්බ අතීත දැනුමෙන් සහ මෝහයන් ද මිශ්‍රවී සත්වයන් පුද්ගලයන් වස්තූන් ලෙස මුලාවක් නිර්මාණය වී ඇත
- අප ගනුදෙනු කර ඇත්තේද, කරන්නේද මෙම මානසික වූ ප්‍රතිබිම්බ සමඟයි. නමුත් මනස විසින් මේවා බාහිර ඇතැයි ද පෙනෙන්නේ එම වස්තූන් ලෙස ද මුලාවක් රඟ දක්වයි
- නමුත් බාහිර පවතින්නේ වෙනත් ධර්මතාවයක්ය. තථාගත දේශනාවේ අභිධර්මය කොටස තුළ මේ පිළිබඳ දීර්ඝ විග්‍රහයක් ඇත
- ආලෝකය ඇති විට පමණක් පෙනීම සිදුවේ. සරල ලෙස ආලෝකය වස්තුව මත පතනය වී ඇස මත ප්‍රතිබිම්බයක් සෑදේ
- මනසට ග්‍රහණය වන්නේ එම ප්‍රතිබිම්බයයි. ආලෝකය නැති විට ප්‍රතිබිම්බයක් හට නොගනියි. එම නිසා පෙනීම හට නොගනියි
- පුද්ගලයන් වස්තූන් ලෙස ඇත්තේ මුලාවන්ය. ක්ලේශයන්ය. කෙලෙස් ගුලි ය. මේය එක්තරා විදර්ශනා මාර්ගයකි. කල්පනා කර බලන විට නොයෙකුත් වැටහීම් සිදුවනු ඇත
119. කැමැත්ත
- කැමැත්ත අකමැත්ත යනු ලෝක ධර්මතාවයක්ය. පුද්ගල අනන්‍ය, පුද්ගලයෙක් සතු දෙයක් නොවේ
- ධර්ම මාර්ගයේ යන සමහරෙකුට ධර්මයට ඇත්තේ අඩු කැමැත්තක්ය
- අදහස වන්නේ වෙන දෙයකට වැඩි කැමැත්තක් ඇති බවයි
- කැමැත්ත දුරු කිරීම පිණිස ඇති කැමැත්ත උතුම්ම කැමැත්තයි
- අකමැත්ත යනු තවත් කැමැත්තකි
- කැමැත්ත කැමැත්තක්ම මිස එය තමන්ට අයිති දෙයක් නොවේ. කැමැත්තට තුඩු දුන් හේතු නැතිවෙන විට කැමැත්ත නිරායාසයෙන් නැතිවී යනු ඇත
- කුඩා තරුණ මහළු ආදී ශරීරයන්ට සාපේක්ෂවද, ගැහැණු පිරිමි බව අනුවද, ස්ථානය අනුවද, කුසගිනි ඇති විට, නැති විට ආදී ලෙසද කැමැත්ත වෙනස් වේ. (බොහෝ විට පොදු වූ කැමැත්තන් පවතී)
- අදහස් වන්නේ කැමැත්ත පුද්ගල අනුබද්ධ නොවන බවයි. එය තම කැමැත්තක් නොව සැමදා ලොව පවතිනා වූ හේතුඵල ක්‍රියාවලියකි
- කැමැත්ත පැවැත්මට වූවකි. තම කැමැත්ත ලඝු වී ඇති ස්ථාන හොඳින් හඳුනාගත යුතුය. එයට තුඩු දුන් හේතුන් සොයා දුරු කිරීම කළ යුතුය
118. වඩා ප්‍රබල හේතුව
- ලෞකික භූමිය තුළ සිදුවන ක්‍රියාවන් අර්ථ සහ අනර්ථ හෝ හොඳ නරක ලෙස වෙන් කෙරේ
- මෙය සත්ත්වයෙකුට පුද්ගලයකුට සාපේක්ෂක ධර්මයකි. එහි පදනම වන්නේ අදාළ සත්වයා පුද්ගලයාගේ සැපයයි
- නමුත් ලෝක ධර්මතාවයට අර්ථ අනර්ථ නැත. ඇත්තේ හේතුඵල පමණි. ඒ හේතුවට අදාළ ඒ ඵලය, මේ හේතුවට අදාළ මේ ඵලය ලෙස වේ
- එම නිසා ලෝක ධර්මතාවය තුළ ආදරය අනුකම්පාව දයාව සෙනෙහෙය වැනි දෑ නොයෙදේ
- හේතු සකස් වූ විට සත්වයා කොපමණ දුකකට පත්වුවද, ලොකු කුඩා භේදයකින් තොරව, කිසිම අනුකම්පාවකින් තොරව ඵලය ක්‍රියාත්මක වේ.
- එම නිසා ලෝක ධර්මතාවයට බිය විය යුතුය.
- අඹ ගෙඩිය යනු ඵලයකි. හේතුව වන්නේ අඹ ගසයි. ප්‍රබල වන්නේ අඹ ගෙඩිය නොව හේතුව වන අඹ ගසයි. අපගේ අවධානය යොමු විය යුත්තේ ඵලයට නොව වඩා භයානක හේතුවටය
- අවධාරණය කළ යුතු කරුණක් ඇත. නිරයේ දුක ඵලයකි. එයට හේතු සකස් කරන හේතුව නිරයට වඩා බිහිසුණුය....
117. කැටලොග්එක
- සිත මෙන්ම එහිම ජන්මයක් වන ශරීරය යනු බොහෝ සංකීර්ණ විෂයකි
- සියලුම නිරය ආදී දුක්ඛයන්ට හේතුව වන්නේ මේ පිළිබඳ නිවැරදි කියවීමක් නොමැති වීමයි
- ඔබ අප, සිත නැමැති නාඳුනන ධර්මතාවයට පැටලී බොහෝ කල්ය. සිත නැමැති ධර්මතාවය කිසිසේත් අපගේ යහපතට නොවන බව අවධාරණය කළ යුතුය
- මෙහි තතු දන්නා අයෙක් නිරෝධයම මිස වෙනත් කිසිවක් නොපතන්නේය
- කුඩා දරුවෙකු අන් වචනයට මුලාවී ගෝනි බිල්ලෙක් හෝ එවන් චරිතයක් සිතින් මවාගෙන එයට බිය වෙමින් තැති ගනිමින් ඇතිවන තත්ත්වය එහි තතු වැටහීම සමග නිරෝධ වන්නේය
- එලෙසම මුලාවෙන් සකස් වූ සිතෙහි තතු සිතටම වැටහීම සමග සිතද නිරෝධ වී යන්නේය
- මේ සඳහා සිතෙහි තතු දැනගැනීම අනිවාර්ය වේ. මේම ඉගැන්වීම සිදුවන්නේ බුද්ධ ශාසනයකින් පමණි
- බුදු දහම යනු සිතෙහි ඔරිජිනල් කැටලොග් එකයි. ඒමගින් සිත මෙන්ම එහි පැනවීම් වන උත්පත්ති භූමි මෙන්ම ශරීරයන්ද පරිපූර්ණ ලෙස ආවරණය වේ
- සිත පිළිබඳ ඉගැන්වීම ඉතා දුර්ලභය. තම සසර ගමන නැවතීමට සංවේදී විය යුතු මොහොත එළැඹ ඇත..
116. කඹ ඇදීම
- සසර ගත සත්ත්වයා කාම වස්තුන් සම්බන්ධ කඹ ඇදීමක නිරතවේ
- මාරයාගේ දිශාවේ කඹය ඇත්තේ අදින විට හිරවෙන ලෙසය. එක්තරා සීමාවකින් එහාට කිසිසේත් ඇඳිය නොහැක. අඳින විට සිදුවන්නේ පරාජය වීමය
- මෙම ක්‍රීඩාව කළ හැකි වෙනත් ආකාරයක් ඇත. කඹය අල්ලාගෙන, ඇදීම නොකළ යුතුය. සුදුසු ලෙස අතහැරීම සිදුකළ යුතුය
- ලැබුණු දෙයින් සෑහීමට පත් වීම. නොලැබුන දේ පිළිබඳ අරගල නොකිරීම. ඕනෑම මොහොතක මරණයට සූදානමින් සිටීම ආදිය එම ක්‍රීඩාව සිදුකරන ආකාරයයි
- ඉහත මානසික මට්ටම නොයෙකුත් ගුණ පුරුදු කිරීම, ප්‍රත්‍යක්ෂය ආදී කාරණා මත සිදුවේ
- ලැබී ඇත්තේ ලැබීමට තිබූ දේය. නොලැබී ඇත්තේ නොලැබීමට තිබූ දේය
- නොලැබීමට ඇති දේ ලැබෙන්නේ නැත. ලැබීමට ඇති නොලැබෙන්නේද නැත
- අසූ හාරදාහක් ධර්මස්කන්ධය යනු ලෝකය හා ගනුදෙනු කරන ක්‍රමවේදයයි. ලං කර ගන්නේ නැත. විසිකරන්නේද නැත. පරිහරණය නොකරන්නේ ද නැත. පරිහරණය කරන්නේද නැත
- මක්නිසාද අත්හැරීම යනු අවබෝධයක්ම මිස අත්හැරීමක් හෝ අල්ලා ගැනීමක් නොවන බැවිනි. විදර්ශනාව පිණිසය
115. සිත
- සිත විටෙක මළ ගෙයක් වැනිය. විටෙක කම්හලක් වැනිය. වැස්සක්, සොහොනක්, සිරකුටියක් වැනිය. නොයෙක් ප්‍රභේදයන්ගෙන් යුත් වෙනස්වීම් නුඹ සතුය
- දයාබර සිත, මා එය දකිමි. නමුත් නුබට කල හැකි දෙයක් නැත
- රැවටීම ඔබගේ කලාවයි. මුලා කිරීම ඔබගේ ස්වභාවයයි. බොරුව ඔබගේ අත්තිවාරමයි. ඔබේ ස්වාමියා මෝහයයි
- නුඹ මම යයි මෙතෙක් කල් රැවටී සිටියෙමි. නුඹ නිසා බොහෝ කල් අපායවල දුක් වින්දෙමි. නුඹ නිසා මා නොයෙක් වර හැඬූ කඳුළින් ගත කළෙමි. බොහෝ පීඩා වින්දෙමි
- අතීතයේ සැමදා ම නුබේ වහලෙක් වී වාසය කලෙමි. නුබ කී දේම කලෙමි. ඉල්ලු සියල්ලම ලබා දුනෙමි. නුඹට කිසිම කෙළෙහිගුණයක් නැත
- මේ මොහොතේ නම් නුබ අසරණය. නැවත නුඹට හිස එසවීමට ඉඩ නොතබමි
- නුඹට එරෙහිව බුද්ධ ධම්ම සංඝ ලෙස ප්‍රබල සේනාංක තුනක සහාය මා සතුව ඇත. නුඹගේ අවසානය නොබෝ කලකින් සිදුවනු ඇත
114. ශරීරය
- ශරීරය පිරී ඇත්තේ මළ මූත්‍ර සහ නොයෙකුත් අසුචියන්ගෙන් වන අතර බරින් හාල්මිටියක්, දෙකක් තරම් වත් නොවන්නේය
- වැසිකිලි අවශ්‍යතාවය වත් කල් දමා ගැනීමේ, පාලනය කිරීමේ හැකියාවක් අප සතුව නැත
- නොයෙකුත් රෝග පීඩාවන් වැළඳෙන්නේ අපගේ කිසිදු අවසරයකින් තොරවය
- ශරීරයේ සම කෙස් ආදි ශරීර කොටස් නොදන්වාම ශරීරයෙන් ගැලවී වැටෙන්නේය
- සිතිවිලි ද නොදන්වා පැමිණෙන්නේය. නොදන්වාම පිටවන්නේය
- ඉපදීම මරණය වුවද එය එලෙසමය. නොදන්වා නොසිතූ මොහොතක සිදුවන්නේය
- කෙසේ නම් මෙම කසල කුඩුම්බිය මම වන්නේද? මගේ වන්නේද? විදර්ශනාව පිණිසය...
113. දුර්වලතාවය
- සොබා දහම තුළ පළමුවෙන් ගොදුරු වන්නේ දුර්වලයාය
- මානසික දුර්වලතාවය ඇත්තා පහසුවෙන් සසරේ ගොදුරක් බවට පත්වන්නේය. නිර්වාණය මගහැරෙන්නේය
- කායික දුර්වලතාවය මානසික දුර්වලතාවයේ ප්‍රතිඵලයකි
- සියලු දුක උරුම වන්නේද මානසිකව දුරුවරයාටය. මානසික පීඩාව, ආතතිය මෙන්ම අන් අයගේ වහලෙකු බවටද පත්වන්නේය. තවද මරණින් මතු සතර අපායවල ද උපදින්නේය
- මානසිකව ශක්තිමත් රහතුන් වහන්සේලාට මානසික පීඩාවක් නැත. උන්වහන්සේලාගේ බඩගින්න ආදී කායික පීඩාවද සමනය කරන්නේ අන් පිරිසක්ය
- උන්වහන්සේලා මේ ලෝකයෙහි සැපෙන්ම ජීවත්වී නිර්වාණ සැපයට ද ළඟාවේ
- මානසික ශක්තිය දිනෙන් දින වර්ධනය කළ යුතුය. සෘජුවිය යුතුය. දැඩි විය යුතුය
- මහා සුළඟින් අකම්පිතව සිටින ගල් පර්වතයක් සේ ශක්තිමත්ව වාසය කළ යුතුය. අටලෝ දහම තුළ අකම්පිත සිතක් ඇතිකර ගත යුතුය. වීරිය පිණිසය..
112. අසරණකම
- කාර්යබහුලකම, වැඩ අධිකකම, දේපළ, වතුපිටි, ළමයින්, ලෝකය දෙස බලා සිටින අප තුළ අසරණකම ගැඹුරේ සැඟවී පවතිනු ඇත
- තරුණ ජවයට, නිරෝගී කමට, හැකියාවට, රැකියාවට, ලස්සනට මුවා වී ද අසරණකම පවතිනු ඇත
- ආයුෂය අහිමිවන විට ලස්සන අහිමිවන විට හැකියාවන් අහිමිවන විට අසරණකම ක්‍රමානුකූලව ඉස්මතු වනු ඇත
- අහිමි වූ නිරෝගිකම කිසි දිනක නැවත පැමිණෙන්නේ නැත. සුන්දර අතීතය මතකයක් පමණක් වී ඇත. පෙර ළඟ සිට සැනසූ මව, පියා, ස්වාමිපුරුෂයා, බිරිඳ කිසිවෙක් ගෙන් පිහිටක් නැත
- එවිට ඉකි ගසා ඇඬීමම මිස කල හැක්කක් නොමැත. මරණය එක් පසෙකින් අත වනනු ඇත. එක් පසෙකින් අතීතය මෙනෙහි වනු ඇත
- කළ අකුසලයන් විටින් විට මතකයට එන විට නොදැවී දැවෙනු ඇත
- අවදානම ඒකාන්තයෙන් පැමිණෙනු ඇත. සූදානමින් සිටින්න...
111. නිරය
- බුද්ධ දේශනාවේ සඳහන් නිරය යනු ඔබ අප දීර්ඝ කාලයක් අති විශාල දුකක් විඳි ස්ථානයකි
- නොදන්නාකම නිසා සිදුවන සුළු ක්‍රියාවක් වුවද නිරයට යාමට ප්‍රමාණවත්ය
- වද හිංසා පමුණුවන නිරය යනු වධකාගාරයකි
- බොහෝ දෙනෙකුගේ අදහස නිරය යනු දරුවන් නලවා ගැනීමට ගෙතු බොරුවක් ලෙසය. එහෙත් ඉර හඳ යම්සේ දිස් වේද එලෙසම නිරය සත්‍ය වේ
- නිරයේ දුක් හා සසඳන විට අපට ඇති ලොකුම දුකක් වුවද ඇල්පිනිති තුඩක් තරම්වත් නොවන්නේය
- අපට පැමිණෙන දුක්, මානසික තැවුල් ඉතා කුඩාය. නිරයෙහි දුක ඉතා විශාලය. අප තවම නිරයට වැටී නැත්තේය යැයි සිතමින් ඒම දුක්, මානසික පීඩාවන් යටපත් කළ යුතුය
- ඔබ අප සිටින්නේ සුන්දර ලෝකයක නම් නොවේ. කුඩා අතපසුවීමක් බොහෝ ආදීනව ගෙන දේ. සමාවක් අනුකම්පාවක් කිසිසේත් නොමැත
- නැවත නිරයට නොයෑම පිණිස කළයුත්ත කළ යුතුය. නොකළ යුත්ත නොකළ යුතුය
- නිරය දුක මෙනෙහි කරමින් ආතාපි වීරියෙන් මාර්ගය වඩා සසර ගමන අවසාන කළ යුතුය. සසර බිය ඉපදවීම පිණිසය...
110. බඩගින්න
- දිනපතා බඩගින්න ඇතිවන ශරීරයක් ඇත. එක් වතාවක් නොව කිහිප වතාවක් ලෙසද අඛණ්ඩව ජීවිත කාලය අවසන් වනතුරු ද මෙම මහත් වූ පීඩාව පවතී
- කිසිසේත් බඩගින්නට වංගු ගැසීමක් කළ නොහැක. එක් වේලක් මගහැරුණොත් ක්ලාන්තය, දෙවේලක් තුන් වේලක් මගහැරුණොත් රෝගය, ඊට වැඩි වුවහොත් මරණය වුවද සිදු විය හැක
- ඉගෙනීම කළ යුතුය. රැකියාවක් කළ යුතුය. දුක් මහන්සියෙන් හම්බ කළ යුතුය. අවසන් ප්‍රධාන අරමුණ ද බඩගින්න නිවීමයි
- මෙය කරදරයක්, ලෙඩක් ලෙස පිලි නොගැනීම සාංසාරික ලෙස දුකට හුරු වීමේ ප්‍රතිඵලයකි
- ආහාර ලබාදීමේ ස්වාධීනත්වයක් අපට නැත. බොහෝ සීමාවන් පවතී (සරිලන ලෙස පිසීම, දිවෙහි රුචිය, රෝග, මිල, ප්‍රමාණය ආදී ලෙසය)
- අඩුව වුවහොත් මන්දපෝෂණයකි. වැඩි වුවහොත් රෝගයකි
- ආහාර සෙවීම ඇමක් ලෙස ස්වභාව දහම තුළ ක්‍රියාත්මක වේ. බොහෝවිට ජීවිතයද තොරවේ (මුවෙක් ආහාර සොයා යෑමේදී ගොදුරක් බවට පත්වීම)
- බඩගින්න යනු සුව නොවන රෝගයකි. මහත් වූ දුකකි පීඩාවකි. වහල් භාවයකි. විදර්ශනාව පිණිසය
109. දේපළ
- ජීවත් වීමට නොයෙකුත් දේ රැස්කිරීම ස්වභාවයයි. ඒවා සඳහා පනවා ගත් වටිනාකම් පවතී
- නොපෙනෙන කාරණය නම් එම පනවාගත් වටිනාකමේ ප්‍රමාණයට නොයෙකුත් ප්‍රභේද සහිත දුකක්ද අන්තර්ගත වීමයි
- එම දුක අනාගතයේ නොයෙකුත් ආකාරයෙන් විඳීමට සිදුවනු ඇත
- තමා සන්තක දේපලක් ඇත්නම්, ගැනීමට පෙර සිදුකළ වෙහෙස පටන් නඩත්තුව, ආරක්ෂා කිරීම ආදී බොහෝ දුක් විඳීමට සිදුවනු ඇත
- යම් සිදුවීමකින් අහිමි වනු ඇති නම් එවිට දැනෙන දුක අල්ලා ගත් ප්‍රමාණය තරම්ම විශාලය
- බොහෝ විට එහි අයිතිය පිළිබඳ මාන්නයක් ද, වෙනත් නොයෙකුත් ප්‍රභේදයෙන් යුත් කෙලෙස් ද ගොඩනැගුණු ඇත
- හොඳින් බලන විට වත්කම් ලෙස ගොඩනගාගෙන ඇත්තේ කෙලෙස් ගොන්නක්ය. දුකක්ය
- තම දේපළ ඇත්තේ හේතු ඇතිතාක් පමණි. හේතු බිඳීමත් සමග නැතිවී යනු ඇත. දේපළ ලෙස පැවති ඇත්තේ මානසික මුලාවක් පමණි. විදර්ශනාව පිණිසය...
108. මානසික පිළිබිඹුව
- අම්මා යනු මානසික පිළිබිඹුවකි
- මව මුලින්ම දැකපු මොහොතේ සිට ඇය සම්බන්ධයෙන් ඇසට වැටුණු වර්ණ, කණට ඇසුණු ශබ්ද, නාසයට දැනුණු සුවඳ, දිවට දැනුණු රස, ශරීරයට ලැබුණු පහස අනුබද්ධයෙන් මව නැමැති මානසික පිළිබිඹුව සකස් වී ඇත
- මෙම පිළිබිඹුව තම අත්දැකීම් සහ මතකයන්ගෙන් බොහෝ ශක්තිමත් වී බිඳිය නොහැකි මානසික සංඥාවක් බවට පත්වී ඇත
- යම් හෙයකින් මව මිය ගියහොත්, සහ එය නොදන්නා තාක් දුක දැනෙන්නේ නැත. හේතුව උක්ත මානසික පිළිබිඹුවට හානියක් සිදු නොවූ බැවිනි
- බොහෝ කාලයකින් පසු හෝ එය දැනගත් මොහොතේ ඉහත මානසික පිළිබිඹුවට හානි සිදුවේ
- එවිට, එම මානසික පිළිබිඹුව කොපමණ ශක්තිමත්ද, එපමණ දුකක් ඇතිවේ
- මව යනු මානසික පිළිබිඹුවක් සහ රැවටීමක්ම මිස, එය බාහිර ඇතැයි වැටහීම මහත් වූ මුලාවකි
- අනෙකුත් සියලුම පුද්ගලයන් සම්බන්ධව ද සියලු භෞතික දේ සම්බන්ධව ද එය එසේමය
- සියල්ල මානසික වූ මුලාවකි. එපමණකි. ගැඹුරු විදර්ශනාව පිණිසය...
107. මරණානුස්සතිය 3
- තුන් ලෝකයක් අවබෝධ කළ භාග්‍යවතුන් වහන්සේද, අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාද, මහ රහත් උතුමන් වහන්සේලාද අතීතයේ සිටි සක්විති රජවරුන්ටද මරණය උරුම වූයේය
- එසේම තමන්ට පමණක් නොව තමන් ඇසුරු කරන ඥාති හිත මිත්‍රාදීන්ද මරණයට ගොදුරු වූ වරෙන්තු කරුවන්ය
- ඕනෑම මොහොතක ඕනෑම ස්ථානයක වරෙන්තුව ක්‍රියාත්මක විය හැක
- පෙර ඇති වූ සියල්ලෝම මැරෙනවා යන හැඟීම සාක්ෂියක් කොටගෙන තමන්ද ඒ ධර්මතාවය ඒකාන්තයෙන් සිදුවන බව භාවනාවෙන් පසක් කරගත යුතුය
- “මරණං භවිස්සති ජීවිතින්‍ද්‍රියං උපච්ඡිජ්ජීස්සති” මරණය වන්නේය ජීවිතීන්ද්‍රිය සිඳී යන්නේය යනු අර්ථයයි
- බොහෝ අනුහස් ඇති මරණානුස්සතිය හැකි උපරිම ශක්තිය යොදා වඩනු සුදුසුය... නිවන් මග බොහෝ ඉක්මන් වනු ඇත....
106. සම්භාවිතාව
- "බ්‍රාහ්මණය, මේ ගංගා නදිය පටන් ගන්නා තැන සිට මුහුදට වැටෙන තැන දක්වා වූ සියලුම වැලිකැට ප්‍රමාණය ගැණිය (ගණන් කළ) නොහැකි සේ, අතීතයේ ගත වූ කල්ප ගණනත් ප්‍රමාණය කළ නොහැකි වේ"
- ඉතා සංවේගය දනවන ඉහත තථාගත පණිවිඩය අනමතග්ග සංයුත්තයහි ගංගා සූත්‍රයෙහි සඳහන් වේ
- එම කාලය පුරා අප ද සසර ගමනේ කොටුවී සිටියෙමු. සැප විඳිමින් නොවේ. දුකම විඳිමින්ය
- බුදුවරු බොහෝ මුණගැසුණත් ඒ සෑම අවස්ථාවකම අපගේ නිවන මගහැරී ඇත
- නැවත විමර්ශනය කළ හැකි නම් ඒවා පහත ලෙස වර්ග කළ හැක
- සිතෙහි දුර්වලතා නිසා, මව නිසා, පියා නිසා, දරුවන් නිසා, ඥාතියෝ නිසා, පෙම්වතා නිසා, පෙම්වතිය නිසා, ස්වාමිපුරුෂයා නිසා, භාර්යාව නිසා, රෝග පීඩා නිසා, ස්වභාවධර්මය නිසා ආදී ලෙසය
- සියල්ල සිදුවී හමාරය. මේ ජීවිතයේ එසේ වීමට ඉඩ දිය නොහැක
- තමා සතු සියලු ශක්තිය යෙදවිය යුතු අවස්ථාව එළඹ ඇත. සංවේගය පිණිසය...
105. මාන්නය
- මාන්නය යනු සසර පැවැත්ම ශක්තිමත් කරන අති ප්‍රබල ධර්මතාවයකි. අනවබෝධයේ ප්‍රමාණයට ක්‍රියාකාරකම්වල මාන්නය මිශ්‍ර වේ
- පෘථග්ජන සිතකට, කතා කිරීම, කතා නොකිරීම මාන්නයයි
- තම තතු නොපැවසීම මාන්නයයි. තම තතු පැවසීමද මාන්නයයි
- හිඳගෙන සිටීම, සිටගෙන සිටීම, නිදාගෙන සිටීම මාන්නය යි
- කුමන උත්සාහය දැරුවත් අනවබෝධය පවතී නම් ක්‍රියාකාරකම් තුළ මාන්නය මිශ්‍ර වේ
- මාන්නයෙන් තොරවීමට දරන උත්සාහයද මාන්නයක් වෙයි
- තමන්ට මාන්නයක් නැතැයි මාන්නයට පත්වේ
- මාන්නයෙන් තොරවීම වෙනුවට අවබෝධයන් දියුණු කළ යුතුය
- එවිට, අවබෝධය සමග ක්‍රියාකාරකම්වල මිශ්‍රිත මාන්නයේ ප්‍රතිශතය ක්‍රමානුකූලව අඩුව ගොස්, භව නිරෝධය සමඟ මාන්නය ද නිරෝධ වේ. විදර්ශනාව පිණිසය...
104. මරණානුස්සතිය 2
- යමෙක් මරණසතිය වඩන්නේ නම් ඔහු නිවනට බැස ගත්, නිවන කෙළවර කොට ගෙන ඉන්නා අයෙක් බව තථාගත දේශනාවය
- මරණයට මුහුණදීම පමණක් නොව, සදාකාලිකවම මරණයෙන් මිදිය යුතුය යන ඥානය ඇති කරවීමද අරමුණකි
- එයින් ඔබට මේ ජීවිතය මරණයෙන් කෙළවර වන්නේය, යනුවෙන් සිහියක් මෙන් ම ලබා ඇති නිස්සාර ජීවිතය ගැන සංවේගයක්ද ඇති වන්නේය
- මේ නැවත නැවත මැරි මැරී යන සසර ගමනෙන් මිදිය යුතු බවට පෙර නොතිබූ ඥානයක් ඇති වන්නේය
- කයෙහි (රූපයෙහි) මෙන්ම වේදනා, සංඥා ආදියෙහි ආදීනවයම මනසිකාරය වන්නට පටන් ගන්නේය
- එයින් ආශ්වාදය බිඳ ආදීනවයම ප්‍රකට වන්නට පටන් ගන්නේය. එයින් නිස්සරණයේ පිහිටන්නේය
- ඇති තතු දැකීමෙන් ආර්ය භාවයට පත්ව නැවත භවයකට වූ තණ්හාව දුරු කර චුති චිත්තය සමග නිවී යන්නේ ය. එනිසා සියල්ලෝම අප්‍රමාදීව මරණසතිය වඩත්වා...
103. මරණානුස්සතිය
- මරණානුස්සතිය සිදු කළ යුතු, බොහෝ ආනිසංස ඇති භාවනාවකි. කෙනෙක් මරණය පිළිබඳව කල්පනා කිරීමෙන් උපදවා ගත යුත්තේ සති, සංවේග, ඥාන හෙවත් සිහිය, සංවේගය හා නුවණ යන කාරණා තුනයි
- කුමක් පිණිස ද ? කුමක් පිණිස මේ මනසිකාරය කළ යුතුද ?
- හුදු ඒකාන්තවම මැරෙන බව දැකීමටය
- අවසානයේදී කපා කොටා වලකට දමන මේ ශරීරය තාවකාලිකව පෝෂණය කිරීමෙන් හෝ එයට සැප දීමෙන් අර්ථයක් නැති බව දැකීමටය
- කෙළවරක් නැති ව ජීවිත තරඟයක ඉන්නේ ඵලක් නැති කයක් පෝෂණය කිරීමට බව දැකීමටය
- අවුරුදු 60ක් හෝ 70ක් වන තාවකාලික ජීවිතයේ අර්ථයක් ඇත්දැයි කල්පනා කිරීමටය
- මරණින් මතු යන්නට ඇති කෙළවරක් නොපෙනෙන, පිහිටක් පිළිසරණක් නැති සසර ගැන දැකීමට ය. මරණානුස්සති භාවනාව පිණිසය...