Report Menu
All Cards
Total Cards: 202 | Page: 6 of 11 | Showing: 20 cards
102. නිදහස් වීම

102. නිදහස් වීම

  1. බොහෝ පිරිස් නිදහස්වීම අපේක්ෂා කරයි. එම නිදහස්වීම බොහෝවිට සිරගත වූ පුද්ගලයෙක් සිරගෙය මාරු කිරීම වැනිය
  2. එක් තැනකින් නිදහස් වී තවත් තැනක සිරවීම සිදුවේ. පෘථග්ජන සිත එක් සිර ගෙයක සිට අනෙක් සිර ගෙයක නිදහස ඇතැයි අපේක්ෂා කරයි
  3. නිදහස්වීම සාපේක්ෂය. සිරෙන් නිදහස් වූ පුද්ගලයාට කරදරවලින් නිදහස් වීමේ දුක ඇත
  4. කරදර වලින් නිදහස් වූ තැනැත්තාට දරුවන්ගෙන් හෝ පවුල් බරින් නිදහස් වීමේ දුක ඇත
  5. පවුල් බරින් නිදහස් වූ විට මළ මුත්‍ර ජරාවට පත්වීම ආදී ශරීර බරින් නිදහස් වීමේ දුක ඇත. එයට සමගාමී ලෙස මානසික දුකින් නිදහස් වීමේ දුක ඇත. විසඳුමක් නොමැත
  6. නමුත් විය යුත්තේ මම නැමැති දෘෂ්ටියෙන් නිදහස් වීමයි. හේතුව සංසාරය උසුලා සිටින්නේ අති ප්‍රබල ධර්මතාවයක් වන මම නමැති දෘෂ්ටියයි
  7. එවිට ඉහත කී සියල්ල එකින් එකින් නිදහස් වනු ඇත. අවසානයේ සංසාර ගමනින් නිදහස් වනු ඇත. විදර්ශනාව පිණිසය...
101. බැටරිය

101. බැටරිය

  1. සංසාර යනු ෆෝන් එකක් උපමා කළ හැකිය
  2. එක් ජීවිතයක් යනු නොදන්නා බැටරි ලෙවල් එක බසින තුරු ෆෝන් එකක් පාවිච්චිය වැනිය
  3. එය තුළම ඇතිවන නොයෙකුත් කර්මයන්ගෙන් ආරෝපණය වන අතර එමගින්ම එය පණ ගැන්වෙයි
  4. ලෝකය දෙස ඇස කන දිව නාසය ශරීරය ඔස්සේ ලෝකය බැලීම ෆෝන් එක බලනවා වැනිය
  5. මෙය සංඥාවක් ලෙස සකසා ගත් විට ෆෝන් එකෙහි බැටරි බහින විට අපේ ආයුෂ ද මේ ආදී ලෙස පෙනෙනු ඇත
  6. තප්පරෙන් තප්පරය, පැයෙන් පැය, දිනෙන් දින, මාසය අවුරුද්ද, දස අවුරුද්ද ආදී වශයෙන් ඉතා වේගයෙන් කාලය ගතවේ
  7. අපගේ ප්‍රතිපදාව වෙන අයෙකු පැමිණ කර දෙන්නේ නැත. අප විසින්ම කළ යුතුය
  8. අප නොදන්නා කරුණු බන්දේසියක දමා අයෙක් පැමිණ පිළිගන්වන්නේ නැත. අප විසින්ම කළ යුතුය
  9. අපේ ප්‍රතිපදාව පිළිබඳව අපම වඩා සංවේදී විය යුතුය. විදර්ශනාව පිණිසය...
100. දරුවන් සහ දෙමාපියන්

100. දරුවන් සහ දෙමාපියන්

  1. දරුවන් සහ දෙමාපියන් යනු එක් ජීවිතයකට අනන්‍යවූ, සංසාර පැවැත්මට සැකසුණු ධර්මතාවයකි
  2. බොහෝ පිරිසකට නිවන මගහැරුනේ මෙම ධර්මතාවය නිසාය
  3. ආදරය, සෙනෙහස, දරු කැක්කුම ආදී ලෝක ධර්මතා දෙමව්පියන්ගේ දරුවන්ගේ ආරක්ෂාවට සැකසී ඇති මුලාවන්ය
  4. දරුවන් සහ දෙමව්පියන් ලෙස බැඳීම පවතින්නේ ජීවත් වනතුරු පමණි
  5. දෙමාපියන් දරුවන් මෙසේ විය යුතු යැයිද, එසේ නොවන විට ගැටුම්ද පැවතීම ස්වභාවයයි
  6. දරුවන් හා බැඳීම භයානකය. විශේෂයෙන් දෙමාපියන්ට මරණින් මතු බොහෝ විට ප්‍රේත භූමි උරුම වන්නේ මේ නිසාය
  7. උප්පත්තිය ලබා දුන් නිසා මවය, පියාය. එසේ බලන විට කර්මය, ආහාර, හිරු එළිය සහ සොබා දහම ආදී සියල්ල ම අපගේ මව්වරුය, පියවරුය. මෙය දියුණු කළ හැකි විදර්ශනා පැතිකඩකි
  8. කෙසේ නමුත් මෙම බැඳීම් නොබෝ කලකින් සොබාදහමින් ඒකාන්තයෙන් වෙන් කරනු ඇත. වෙන් කිරීමට පෙර මානසිකව වෙන්ව සිටීම නුවණැති ක්‍රියාවකි. විදර්ශනාව පිණිසය...
099. භුක්තිය

099. භුක්තිය

  1. බොහෝ මිනිසුන් නොයෙකුත් ආකාරයෙන් රැස් කිරීම සිදුකරයි
  2. නොදන්නා කාරණය වන්නේ එම රැස්කිරීමේ ප්‍රමාණයට සාපේක්ෂව එම ප්‍රමාණයේ කර්මයක්ද රැස්වන බවයි
  3. රැස්කළ සියල්ල දමා ගියත් රැස්වූ කර්මය රැගෙන යාමට සිදුවේ
  4. තවද රැස්කිරීම දිගටම සිදුකරන අතර රැස්කළ සම්පත් යම්කිසි දිනක තම හිත මිත්‍රයන් හා නිදහසේ පාරිභෝජනය කළ හැකි යැයි දෘෂ්ටියක් පවතී
  5. කිසි දිනෙක සිදු නොවන එය හුදෙක් දෘෂ්ටියක්ම පමණි
  6. ආදීනව ලෙස ප්‍රේත භූත ලෝක උරුම විය හැක
  7. රැස්කිරීම කෙසේ වෙතත් රැස්කළ දේ සම්බන්ධයෙන් මනස හිස් කිරීම නුවණැති ක්‍රියාවකි
  8. රැස්කිරීම භුක්තිය පිළිබඳ සමතුලිතය හොඳින් හඳුනාගත යුතුය. දෘෂ්ටීන් ඉවත් කළ යුතුය. විදර්ශනාව පිණිසය...
098. නිශ්ශබ්දතාවය

098. නිශ්ශබ්දතාවය

  1. නිශ්ශබ්දතාවය යනු හොඳම ශබ්දයයි
  2. සින්දුවක් ඇසීම ආදිය සැපක් වන්නේ සාපේක්ෂව නිශ්ශබ්දතාවය දුක වූ නිසාය
  3. සින්දු ඇසීමෙන් විඩාවට පත් වූ විට නැවත නිශ්ශබ්දතාවය සැපක් වේ
  4. එනම් මෙහි සැප දුක අන්ත මාරුවීමක් සිදුවේ
  5. සිත යනු දීමෙන් තෘප්තිමත් වන ධර්මතාවයක් නොවේ
  6. ලෝකය තුළ සැප සොයා යාමෙන් සිදුවන්නේ අන්ත පෙරළීම පමණි
  7. එම නිසා සැපයට තුඩු දෙන හේතූන් සොයා බැලිය යුතුය. ඒවා නිරෝධ කළ විට සිත තෘප්තිමත්භාවයට පත්වෙයි. විදර්ශනාව පිණිසය...
097. ආදීනව

097. ආදීනව

  1. නොයෙකුත් දේ සම්බන්ධ නොයෙකුත් ආදීනවයන් පවතී
  2. අපට විශාල යමක් නැත. ඇස කන දිව නාසය අතපය ආදිය හැකිලීම දිගහැරීම කැරකැවීම ආදී ලෙස ක්‍රියාත්මක වේ
  3. මෙම ක්‍රියාවන් චේතනාව සමඟ මිශ්‍ර වූ විට ඉතා බරපතලය. ආදීනව භූමි ලෙස අවීචි මහ නරකාදියේ සිට බ්‍රහ්ම තල දක්වා ක්‍රියාත්මක වේ
  4. මෙහි යම් චේතනාමය වෙනසක් සිදුවූ විට නිර්වාණය පවා සාක්ෂාත් වේ
  5. නොදැනුවත්භාවය නිසා සිදුවන ක්‍රියාවල ඇති බරපතළකම දන්නේ නම් මෙපමණ ආදීනව ද ලෙස ලේ වමනය යන්නේය
  6. කර්මය සිදුවූ පසු ගෙවීමම මිස හැරවීමේ ක්‍රමයක් නැත
  7. කුඩා වැරැද්දේ පවා ආදීනව ඇති බව දැනගත යුතුය. විදර්ශනාව පිණිසය
No audio available
096. අනතුර

096. අනතුර

  1. මේ ජීවිතය තුළ ගන්නා තීරණ ඉතා වැදගත් වෙයි
  2. ළිඳට පැන්නා වුවද තල්ලු කළා වුවද සිදුවන්නේ එකම ප්‍රතිඵලයකි
  3. ජීවිතයේ නොයෙකුත් සන්ධි ස්ථානවල ජීවිත ආශාව, කාමාශාව ආදීන් නිසා සිත් බොහෝ දුර්වල වේ. මෙවිට සිතක් වෙනස් වීමට වැඩිවෙලා ගතවන්නේ නැත. මෙය හේතුඵල ක්‍රියාවකි
  4. ජීවත්වීමට ඇති කාලය ඉතා සීමිතය. ජීවිතයේ අවධින් දෙකක් තුනක් හෝ කිහිපයක් ගතවන විට ආයුෂ ගෙවී අවසන් වනු ඇත
  5. ආයුෂ ගෙවුණු පසු ජීවිතයට ආයාචනා කළ නොහැක
  6. කාමාශාව, ජීවිත ආශාව, බඩගින්න, පිපාසය, ආරක්ෂාව ආදී නොයෙකුත් ප්‍රපංච හේතුවෙන් එම කෙටි කාලයට ගන්නා කෙටිකාලීන තීරණ බොහෝවිට නිවනට උවදුරක් වෙයි
  7. නොදැනුවත්ව වුවද අතීතයේ සිදුවූවාසේම නැවතත් සසර බන්ධනයේ ආක්‍රමණයට නතු විය හැක
  8. මේ ජීවිතයේම කෙසේ හෝ සසර ගමන කෙළවර කළ යුතුය
  9. නැතහොත්, මහත් වූ නිධානයක උප්පත්තිය ලබා, නිධානය උඩම කටු මැටි ගෙයක් සාදා තමා විසින්ම සකස් කර ගත් කර්මයක් තමා විසින්ම ගෙවා මිය පරලොව ගියා වැනිය. විදර්ශනාව පිණිසය
No audio available
095. ප්‍රියයන්ගෙන් වෙන්වීම

095. ප්‍රියයන්ගෙන් වෙන්වීම

  1. බොහෝ කාලයක් ගෙවී අවසන්ය. ප්‍රියයන්ගෙන් වෙන්වීම ජීවිතයේ එක් වරක් හෝ මුහුණ දෙන කාරණයකි
  2. නොබෝ කලකින් අකමැත්තෙන් වුවත් ප්‍රියයන් හැර යාමට සිදුවේ. මව පියා ස්වාමියා බිරිඳ හිතවතුන් ඥාතීන් සියලු දෙනා ඒකාන්තයෙන් හැරදා යා යුතුය
  3. අද විය හැක. හෙට විය හැක මාසයකින් විය හැක. තුන්මාසයකින්, අවුරුද්දකින් අවුරුදු හතකින් විය හැක. ඕනෑම මොහොතක විය හැක. සසර ස්වභාවය එයයි
  4. කායානුපස්සනාව මරණානුස්සතිය පිළිකුල ආදිය බහුල වශයෙන් පුරුදු කළ යුතුය. අවස්ථාව එලබෙන ඕනෑම විටෙක පිළිසරණක් වනු ඇත
No audio available
094. මම සහ පරිසරය

094. මම සහ පරිසරය

  1. මම, මගේ, මගේ පාලනයේ ඇත ආදී වශයෙන් පැවසීමට නම් අවම වශයෙන් . ශරීරයවත් ස්වායක්තව පැවතිය යුතුය
  2. අප ගුරුත්වයෙන් පොළොවට බැඳී පවතී. ගුරුත්වය නොමැතිනම් පැවැත්ම බිඳෙනු ඇත
  3. ආශ්වාස ප්‍රශ්වාස හරහා වායුගෝලයට බැඳී පවතී. ආලෝකය ලෙස, ශක්තිය ලෙස සූර්යයාට බැඳී පවතී
  4. ආහාර, ජලය හරහා පොළොවට බැඳී ඇත. තාපය, උෂ්ණත්වය, ජල වාෂ්ප ආදී ලෙස පරිසරයට බැඳී ඇත
  5. එනම්, අපට හිමිව ඇත්තේ පරිසරය හා බද්ධ වූ කයක්ය. එනම් ගහකොළ සූරියා ගුරුත්වය වායුගෝලය ආදී සියල්ල ද මම විය යුතුය.
  6. මම යන දෘෂ්ටිය එක් එක් පුද්ගලයාට සාපේක්ෂය. දෘෂ්ටිගත වී ඇති ස්ථානය හොඳින් හඳුනාගත යුතුය. ප්‍රහාණ කළ යුතුය. විදර්ශනාව පිණිසය
No audio available
093. දරුවන්

093. දරුවන්

  1. දරුවන් යනු අතිවිශාල ආයෝජනයකි. නමුත් බොහෝ අල්ප ප්‍රතිඵල පවතී
  2. කුඩා කාල දරුවෙකු වෙනුවෙන් දිවා රාත්‍රී කරන කායික මානසික කැපවීම අතිමහත්ය. ප්‍රතිඵල අනපේක්ෂිතය. මෙම කැපවීම නිවන වෙනුවෙන් සිදුකළේ නම් නිර්වාණය වන්නේය
  3. දුක් පොදියකි. ලෙඩවීම, මියයෑම, සිතන පරිදි නොසිටීම ආදී ඕනෑම දෙයක් ඔස්සේ ඕනෑම වෙලාවක දුක පැමිණිය හැක
  4. දරුවන් යනු අති ප්‍රබල මාර බලවේගයකි. ආදරය ලෙස, සෙනෙහස ලෙස, මගේ ලෙස සිත හා බද්ධ වී පවතී
  5. වගකීම් බලාපොරොත්තු කෙළවරක් නොමැත. අතීතයේ බොහෝ පිරිසක් දුකට පත්වූයේ, නිවන අහිමි වූයේ දරුවන් නිසාය
  6. මරණයෙන් මතු දරුවන් උපාදාන වීමෙන් නරකයෙහි උප්පත්තිය ලැබීමට හේතුවේ
  7. සියලු කැපකිරීම් සිදු සිදුකළ ද දරුවන් එක මොහොතකින් අහිමි විය හැකිය. එවිට උන්මත්තක වීම වුවද සිදුවිය හැක
  8. දරුවන් නැමැති ලෝක ධර්මතාවය විදර්ශනා කර සිතෙහි ඇති බැඳීම් වහ වහා දුර්වල කළ යුතුය
  9. ලෝකෝත්තර වූ, ගුණධර්ම මාර්ගඵල ආදී දරුවන් සිටි. හොඳින් ඇතිදැඩි කර ගත් විට අවශ්‍ය ඕනෑම මොහොත පිහිටට/ පිළිසරණට සිටිනු ඇත. විදර්ශනාව පිණිසය
No audio available
092. ආයුෂ සහ භුක්තිය

092. ආයුෂ සහ භුක්තිය

  1. ලෝකය තුළ කිසිම දෙයක පරම අයිතියක් නොපවතී. කාලරාමුවකට සහ සීමාවලට යටත්ය
  2. සින්නක්කර ඉඩමක වුවද, බිරිඳ ස්වාමියා ඥාතීන් වුවද අයිතිය පවතින්නේ ඉතිරිව පවතින ආයුෂ ප්‍රමාණයට පමණි
  3. අනිත්‍ය යනු එක් සීමාවක්ය. දුක තවත් සීමාවක්ය. වසඟයේ නොපැවතීම තවත් සීමාවක්ය. සියලු අයිතීන් මෙම සීමාවලට යටත් සහ ඉක්මවිය නොහැක
  4. ස්වාමියා, බිරිඳ, ඥාතියෝ, දරුවන්ගේ අයිතියද සීමාසහිත කාලයකට පමණි. කාලයේ ඇවෑමෙන් අයිතිය අන් සතුවේ
  5. එසේම ශරීරයේ අයිතියද කෙටි කාලයකටය. ශරීරයේ කොටස් අතීතයේ අන්සතුය. එසේම අනාගතයේ ද අන්සතුවේ
  6. සිතේ අයිතියද පවතින්නේ කෙලෙස් පවතින තුරුය. කෙලෙස් නිරෝධයත් සමඟ සිතද මමද එකවිට නිරෝධ වේ. සියලු කරුණු එකින් එක විග්‍රහ කරමින් විදර්ශනා කළ යුතුය. විදර්ශනාව පිණිසය...
No audio available
091. දානය

091. දානය

  1. දීම මෙන්ම නොදීමද දානයයි. දීමෙන් ලැබෙයි. නොදීමෙන් නොලැබීම ලැබෙයි
  2. දායක පක්ෂයේ ගුණ, ප්‍රතිග්‍රාහක පක්ෂයේ ගුණ, චේතනාව මත දානය බලගැන්වේ
  3. දානයන් අතරින් ධර්ම දානය අග්‍ර වේ
  4. දානය දෙන්නා වෙත දානය දීම සඳහා අවස්ථාව ලබාදීම ද දානයකි
  5. එනම් ධර්මය ඇසීමද දානයකි. ධර්ම දේශනය සඳහා අවස්ථාව ලබාදීම ලෙසය
  6. ධර්මාවබෝධයට මනසට යම් පහසුවක් ලබාදීම කල හැකි අග්‍රදානයකි. නොයෙකුත් ආකාරයෙන් ඒය සිදුකළ හැක.
  7. ඇස අනුබද්ධයේ අලංකාරය, කන අනුබද්ධයේ නිශ්ශබ්දතාවය, නාසය අනුබද්ධයෙන් සුවඳ දුම් ආදිය, දිව අනුබද්ධයෙන් ප්‍රණීතවත් බව, කය අනුබද්ධයෙන් පහසු ආසන පැනවීම ආදිය දානවේ
  8. ඉවසීම කරුණාව මෛත්‍රිය ආදී ගුණ තුළින් ද දාන සංඥාව මතු කරගත හැක
  9. අවසානයේ සියල්ල දානයන් ලෙස විදර්ශනා වනු ඇත. විදර්ශනාව පිණිසය
No audio available
090. සිතිවිල්ල

090. සිතිවිල්ල

  1. ලුණු මිරිසක් තමන් තැනුවේ නම් අමුද්‍රව්‍ය සහ සකස් කළ ක්‍රමය දන්නේය
  2. එසේම, සිතිවිල්ල තමන් තැනුවේ නම් අමුද්‍රව්‍ය සහ සකස් කළ ආකාරය දැනගත යුතුය (උදාහරණයක් ලෙස මෙවැනි තන්තුවක් ගෙන මෙවැනි ආකාරයෙන් ගැටගසා මෙම ස්ථානයෙන් කම්පනය කළ විට රාග සිතිවිල්ල ඇති විය ආදී ලෙස)
  3. වාහනයක රියදුරු තමන් නම් එය වමට දකුණට කැපීම පාලනය කිරීම තමන්ට කළ හැකි විය යුතුය
  4. එසේම සිතිවිල්ලේ අයිතිකරු තමන් නම් සිතුවිල්ල නතර කිරීම, වෙනස් කිරීම ආදී පාලනය කිරීමේ හැකියාවක් තිබිය යුතුය
  5. තවද සිත පාලනයේ නොමැතිය. යම් ධර්මතාවයකට යටත්ය. එක ළඟ සිතිවිලි කිහිපයක් සමජාතීය වීම හේතුවකි (ද්වේශය ඇති සිතක ඊළඟ සිතිවිල්ලද බොහෝ දුරට ද්වේෂ සිතිවිල්ලක් වීම ආදී ලෙස)
  6. ගසක කොළ ආලෝකය දිශාවට හැරීම හේතුඵල ක්‍රියාවකි. ගසෙහි මම ලෙස දෘෂ්ටියක් ඇත්නම්, මට ආලෝකය දිශාවට කොළ හැරවීමේ හැකියාවක් ඇත, ලෙස ගස තුළ දෘෂ්ටියක් පැවතිය හැක
  7. එලෙසම, සිතිවිලි අප පාලනය කරනවා ලෙස අප තුළ ඇත්තේද දෘෂ්ටියක් පමණි. එය හුදෙක් හේතුඵල ක්‍රියාවක් පමණි. විදර්ශනාව පිණිසය...
No audio available
089. ජීවිතය අතහැරීම

089. ජීවිතය අතහැරීම

  1. නිර්වාණය සඳහා නොයෙකුත් විදර්ශනා ක්‍රම සිදු කරන අතරම, අනෙක් පසින් දැඩි මානසික අල්ලා ගැනීමි පවතී
  2. බොහෝ පිරිසකට යැපෙන්නන්, වගකීම්, ලෞකික ප්‍රශ්නවලින් සමන්විත න්‍යාය පත්‍රයක් මරණ මංචකය දක්වාම ඇත. මෙවිට ක්ලේශයන්, බැඳීම් අතර පහසුවෙන් සැඟවී සිටීමේ හැකියාව ඇත
  3. ජීවිතය අතහරින විට සැඟවුණු කෙලෙස් මතු වී පෙනෙනු ඇත
  4. ක්ෂණිකව ජීවිතය අතහැරීමේ හැකියාව ඇත්නම් බොහෝ ශ්‍රේෂ්ඨය. නැතිනම් එයට බාධක වන බැඳීම් හඳුනාගෙන විදර්ශනා මාර්ගයකින් එය මානසිකව දුරු කළ යුතුය
  5. බැඳීම් නොමැති ජීවිතයක් ඇත්නම් එය අමතර බලයකි
  6. අල්ලාගෙන සිදු කරන විදර්ශනා දැනුමක් වන අතර බොහෝ විට පසුව එය මාන්නයක් වේ
  7. ජීවිතය අතහැරීම නිර්වාණ සටනේ ප්‍රබලම අදියරකි. විදර්ශනාව පිණිසය
No audio available
088. ද්වේතාවය

088. ද්වේතාවය

  1. ගං ඉවුරක ඉහළ දෙස බැලූ විට එන ලෙසත් පහළ දෙස බැලූ විට යන ලෙසත් පෙනේ
  2. ඉහළ පහළ හෝ යෑම ඒම පුද්ගල පැමිණීමත් සමඟ හට හට ගනී. නැතහොත් එවැන්නක් හට නොගනියි
  3. එලෙසම හොඳ නරක සැප දුක දුප්පත් පොහොසත් ආදී නොයෙකුත් යුගල (ද්වේතාවය) පුද්ගල දෘෂ්ටිය නිසා හටගත් ධර්මතාය. නැතහොත් එවැන්නක් නොපවතී
  4. පුද්ගල දෘෂ්ටිය දුරු වන විට පිළිතුරු වෙනුවට ප්‍රශ්න නිරෝධවේ
  5. ලොකුම ක්ලේශය රාගය හෝ ද්වේශය නොවේ. පුද්ගල දෘෂ්ටියයි. එය බිඳුණු විට කැමැති වුවත් අකමැති වුවත් නොබෝ කලකින් සියලු ක්ලේශයන් දුරුව යනු ඇත. විදර්ශනාව පිණිසය
No audio available
087. දෘෂ්ටිගතවීම

087. දෘෂ්ටිගතවීම

  1. මාර්ගය වඩන විට නොයෙක් ආකාරයෙන් දෘෂ්ටිගතවීම ස්වභාවයකි.
  2. නොයෙකුත් වැරදි ආකල්ප තුළ බැස ගැනීම දෘෂ්ටිගත වීමයි. දෘෂ්ටිගතවීම යනු ඉතා ප්‍රබල ක්ලේශයකි
  3. තමා තුළ දෘෂ්ටියක් නැතැයි සිතීම ලොකුම දෘෂ්ටියයි. ප්‍රතිඵලයක් ලෙස නොයෙකුත් දෘෂ්ටීන් උපදීමේ හැකියාවක් ඇති අතර පැවති දෘෂ්ටියක් ඇත්නම් එය සුරැකේ
  4. අන් අදහස් ගරු කරන ගුණය ඇත්නම් දෘෂ්ටීන් ඉක්මනින් ඉවත්ව යනු ඇත
  5. රියදුරෙකු ඉදිරි වංගුවේ වාහනයක් මුණගැසුණු ඇත යන සංඥාවෙන් රිය පදවන්නේ නම්, සිදුවිය හැකි අනතුර බොහෝ අඩුය
  6. එසේම මාර්ගය වඩන විට දෘෂ්ටියක් ඇතිවිය හැකිය යන සංඥාවෙන් මාර්ගය වැඩිය යුතුය. එවිට දෘෂ්ටිගත වීමේ ප්‍රවණතාවය අඩුවේ
  7. ප්‍රතිඵල ප්‍රමාද වීම, මාර්ගය ඇණ හිටීම, අස්වාභාවික හැසිරීම, ලෞකික ලෝකෝත්තර අසමබරතාවය ආදිය දුරු වනු ඇත. විදර්ශනාව පිණිසය
No audio available
086. අභිරහස

086. අභිරහස

  1. හොඳ මිනිස්සුන්ට බාධක වැඩිවීම, නරක මිනිසුන් ලස්සනට ජීවත් වීම ඇතැම් විට දක්නට ලැබෙන කාරණයකි
  2. පද්ධතියක් ස්ථායී වීමට/ පැවැත්ම රැක ගැනීමට උත්සාහ දරයි
  3. සසර බොහෝ බුද්ධිමත්ය. උපක්‍රමශීලීය. බාඳුරා මල, ගසක සමබරතාවය ආදිය උදාහරණ වේ
  4. ධර්ම ප්‍රතිපදාවක සිටින විට සංසාර පැවැත්මට එය බාධාවකි. එය වැළැක්වීමට අතීත අකුසලය සැර බාලවී විපාක දීමට පටන් ගනී. මේය ගමන නැවතීමට/ස්ථායීතාවයට හේතුඵල අනුව සිදුවන එක්තරා මුලාවකි
  5. එසේම අකුසලයේ සිටින අයෙකුගේ සසර ස්ථායීතාවය වැඩිවේ. අතීත කුසලය සැර බාල වී විපාක දෙමින් එය නිවැරදි දේ ලෙස පෙන්වමින් මුලා කරවයි
  6. බාඳුරාමල, සතෙකු ගොදුරු කර ගැනීමට සිදු කරන උපක්‍රමය සේය. උපක්‍රමයක් ඇත නමුත් සත්ව පුද්ගල බවක් නැත. විදර්ශනාව පිණිසය
No audio available
085. අත්තිවාරම

085. අත්තිවාරම

  1. සිත නැමැති ඉදිකිරීම සිදුව ඇත්තේ මුලාව නමැති අත්තිවාරම උඩය
  2. මුලාවීම සිතේ පැවැත්මයි. නොදැන මුලාව නිරායාසයෙන් සිදුවේ. දැන මුලාව අසිහිය නිසා සිදුවේ
  3. මුලාවෙන් හටගත් සිතෙහි ජනනය වන්නේද තවත් මුලාවකි. මුලාව දුරු කිරීම බොහෝවිට මං මුලාවකි
  4. කළ යුත්තේ මුලාව හඳුනා ගැනීමයි. ඒ තුළ සිහිය පැවැත්වීමයි. හඳුනා ගැනීම දුරු කිරීමේ හොඳම මාර්ගයයි
  5. හඳුනාගත් මුලාවක් තවදුරටත් මුලාවක් නොවේ. අඛණ්ඩ සිහිය තුළ මුලාව දුරුවනු ඇත. විදර්ශනාව පිණිසය
No audio available
084. කමටහන

084. කමටහන

  1. මේ භාවනාවක් ලෙස වැඩිය යුතුය. ඇස අනුබද්ධයෙන්,
  2. රූපයක් දකින විට නිරායාසයෙන් එහි ඇලීම, එහි බැස ගැනීම, එය බවට පත්වීම සිදුවේ
  3. කොටස්වලට කඩා ගැනීමෙන්, රූපය තුළ නොබැස ගැනීම හා ඒ තුළ වූ යම් යම් ධර්මයන් වටහා ගත හැක
  4. Step1 ඇසට පෙනෙන්නේ වර්ණ ලෙස. Step2 සිතට දැනෙන්නේ රූප ලෙස. Step3 පසුව රූපය සම්බන්ධ විස්තරයක් මෙනෙහි වන බව
  5. ඇසට රූපයක් පෙනෙන විට ඉහත පියවර හොඳින් ප්‍රකට කර ගත යුතුය. භාවනාවක් ලෙස වැඩිය යුතුය.
  6. කන අනුබද්ධයෙන්, Step1 කනට ඇසෙන්නේ ශබ්දයක්. step2 සිතට දැනෙන්නේ කපුටෙක් ලෙස. step3 කපුටා පිළිබඳ මේ මේ විස්තර අවදිවෙන බව
  7. මෙය ගස කැපීමට පෙර එය පහසු කර ගැනීමට අතු කපා දැමීම වැනිය. අනාත්මය ප්‍රකට වන අතර නිවන් මග ඉතා පහසුකරවයි
No audio available
083. නිදහස

083. නිදහස

  1. නිදහස අහිමි කරගෙන ඇත්තේ තමා විසින්මය
  2. මුලින් නිදහසට කැමැත්ත ඇතිකර ගත යුතුය. අහිමි වූ නිදහස ගෙවා දැමිය යුතුය. නැවත නිදහස අහිමිවන හේතු සකස් නොකළ යුතුය.
  3. කායික නිදහස මානසික නිදහසට ඉවහල් වන අතර, මානසික නිදහස විදර්ශනාවට ඉවහල් වෙයි
  4. විදර්ශනාව අවබෝධයෙන් කෙළවර වෙයි. බොහෝ කලක් ලොවිසඳුණු ප්‍රශ්නය කෙළවර වෙයි. විදර්ශනාව පිණිසය...
No audio available