Report Menu
All Cards
062. කුතුහලය
- කුතුහලය යනු හිතේ විසිරීම ඇතිවන කාරණයකි. දැන ගැනීම සඳහා අවශ්‍යතාවයක් ඇතිවන අතර දැනගත් විට නැති වීම ලක්ෂණයයි
- කුතුහලය යනු කතන්දර, නාට්‍ය, චිත්‍රපට සහ එදිනෙදා නොයෙකුත් ජවනිකා හරහා පැවැත්ම සකස් කරන ප්‍රබල ධර්මතාවයකි. මිරිඟුවක් උපමා කළ හැක
- උදාහරණයක් ලෙස යම් රහසිගත කතාබහක් ඇත්නම් එය දැන ගැනීමේ අවශ්‍යතාවයක් පවතී. සිත විසිරීමට පත්වේ. නමුත් එය දැනගන්නට ලැබුණද ඇතිවන විමුක්තියක්ද නොමැත
- මූලිකව, එවැනි කුතුහලයක් පැමිණි විට අතීතයේ මෙවැනි සිදුවීම් කොපමණ තිබුණත් ලැබුණු විමුක්තියක් නොමැත, මෙයද තවත් එවැන්නකි, කුතුහලය දනවන අරමුණ වෙනස් වූවා මිස කුතුහලය නැති වූයේ නැත, ආදී ලෙස සිතා දැනගැනීමේ අවශ්‍යතාවය දුරු කළ යුතුය
- නොයෙකුත් අත්හදා බැලීම් වලින් දකින ආකාරය වෙනස් කළ යුතුය. අවසානයේ කුතුහලයකට අරමුණක් හසු නොවනු ඇත
- දැනගැනීමෙන් කුතුහලයක් නොසන්සිඳෙන අතර අවබෝධයෙන් පමණක් කුතුහලය සංසිඳේ
061. දැඩි බව
- දැඩි බව යනු නිවනට අත්‍යවශ්‍ය වූ කාරණයකි
- දැඩි බව ඇතිවිය යුත්තේ සිතට එරෙහිවය. බාහිර පුද්ගලයන් අරභයා පැවැතිය යුත්තේ නිහතමානීකමයි
- බාහිර පුද්ගලයන් ආරම්භයා ඇති දැඩි බව බොහෝවිට මාන්නයකි, ද්වේශයකි.
- සීලයෙහි අත්තිවාරම වන්නේ සිතට එරෙහිව පවතින දැඩි බවයි. ධූතාංගවල අත්තිවාරම ද එයයි
- බාහිරින් ධර්මය හෝ වෙනත් කරුණක් සම්බන්ධ වැරදි යයි හැඟෙන යමක් ඇසීමට ලැබුණහොත් සිතේ ඇතිවෙන්නේ අදාළ පුද්ගලයාට එරෙහිව දැඩි බවයි. නමුත් විය යුත්තේ එය දරා ගැනීම පිණිස සිත ඉදිරියේ දැඩිවීමයි
- අභ්‍යන්තරයට ක්‍රියාත්මක විය යුතු දැඩි බව බාහිරයට ක්‍රියාත්මක නොකරන්න
060. දානයක පිළිවෙල
- දානයක් ලබාදීමේදී එය නිවන් අරමුණින් සිදුකළ යුතුය. සිතන ආකාරය ද ඉතා වැදගත්ය. උදාහරණයක් ලෙස,
- ඇස අනුභන්තෙන් ආහාර අලංකාරයෙන් ලබා දිය හැක. එවිට අලංකාරය ද දානයක් වනු ඇත
- කන අනුභද්දෙන් නිශ්ශබ්දතාවය දානයක් ලෙස ලබාදිය හැක. එවිට නිශ්ශබ්දතාවය දානයක් වනු ඇත
- නාසය අනුබද්ධයෙන් සුවඳ දුම් ආදියෙන් දානයක් ලබා දිය හැක. පිරිසිදු වාතාශ්‍රය ලබාදිය හැක. එවිට ජනෙල් දොරවල් ඇරීම පවා දානයක් වනු ඇත
- දිව අනුබද්ධයෙන් ප්‍රණීත ආහාර ලබාදීම සිදුකළ හැක
- ශරීරය අනුබද්ධයෙන් පහසු ආසන ලබාදීමද සිදුකළ හැක
- මෙයින් ලැබෙන ශක්තිය සිතට ද ආහාරයක් වනු ඇත. එම ශක්තියෙන් බණ භාවනා කොට මාර්ග ඵලවලට පත්වන බැවිනි
- මෙලෙස ආයතන පිළිබඳව සිතමින් දානයක් පිළියෙල කිරීම පරිපූර්ණ දානයක් සඳහා හේතුවක් වනු ඇත
059. තථාගත
- සම්මා සම්බුද්ධත්වය මේ ලෝකය තුළ පහළ විය
- අවබෝධය ඇති පමණකින් මිනිසුන් තුළ ශ්‍රද්ධාවක් ඇති වන්නේ නැත
- අවබෝධය පිළිබඳ දැනගන්නා තරමට ශ්‍රද්ධාව ඇතිවේ
- දැනගන්නා ස්වභාවයේ දෝෂ ඇතොත් එම දෝෂයද ශ්‍රද්ධාවට බලපෑම් කරයි.
- එම නිසා දැනගන්නා ආකාරය/ දැනගන්නා මාධ්‍ය ඉතාම වැදගත්ය. තමන් එය පිළිබඳ සිතන ආකාරයද බෙහෙවින් වැදගත්ය
- නමුත් අවබෝධයක් නිවැරදිවම දැනගත හැකි ක්‍රමයක් ලෝකය තුළ නොපවතී
- බොහෝම නිවැරදි ක්‍රමය වන්නේ තමන් ද අවබෝධයන් ලබමින්, ඒ අනුව අවබෝධය තහවුරු කර ගැනීමයි. එවිට ඇතිවන දෝෂය බොහෝ අවම කරගත හැක.
- ඇසෙන දේවල් ,පෙනෙන දේවල් ,සිතෙන දේවල් අනුව නිගමනවලට නොඑළඹෙන්න. ඒවා අල්ප වූ හේතූන්ය. නිගමනයන් බොහෝ දෝෂ සහිත වේ
- තථාගත ගුණය අප්‍රමාණය. විදර්ශනාව පිණිසය
058. විදුලි පංකාව
- විදුලි පංකාවක් අඩු වේගයෙන් දුවන විට පෙති දැක ගත හැකි අතර නතර වූ විට පෙතිවල ස්වභාවය ද දැකගත හැක
- සිතද ඒ හා සමානය. සිතෙහි ඇති වේගය නිසා සිතෙහි ස්වභාවය වටහා ගත නොහැක.
- සිතෙහි ස්වභාවය දැකගත හැක්කේ සිතිවිලි ඝනත්වය අඩු විටය. සිත සමාහිත වූ විටය. කැළඹුණු ස්වභාවයක් ඇති විට එහි ක්‍රියාකාරිත්වය වටහා ගැනීම ඉතා අපහසුවේ
- සිත යනු නිතරම පැවැත්මට බර ධර්මතාවයකි. මුළාවට පත්වීමේන් කිසිවකට නොදෙවිනීය
- කාමයේ හැසිරෙන්නා හට කාමයේ ආදීනව නොපෙනේ. එයින් මුලාවට/දුකට පත්වේ
- ධර්මයෙන් පවා "මම" පෝෂණය වීම සිදුවිය හැක. ස්වභාවයෙන්ම සිතේ පවතින නිත්‍ය සුබ ආත්ම සංඥාව බිඳ දැමිය යුතුය
- මෙම ධර්මතා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා සීලයක පිහිටා / භාවනාවන් වඩා හිත සමාහිත කළ යුතුය. කාය විවේකය, චිත්ත විවේකය ඇති කරගත යුතුය.
- අවබෝධය තුළ නැවතීම ඉබේටම සිදුවේ. අමතර ආයාසයක් අවශ්‍ය නැත
- තව තවත් වීර්ය කරන්න
057. ප්‍රශ්න
- ගඟට ගල්ගැසුවාට ගගෙන් ප්‍රතිචාරයක් නැත. එම කම්පනයන් හොඳින් දරා ගනී
- එසේම ජීවිතයට පැමිණෙන බාහිර කම්පනයන් දරා ගැනීම පුරුදු කළ යුතුය
- ගඟට පැමිණෙන බාධකය, ගඟට බාධකයක් නොවනවා සේ. ජීවිතයට පැමිණෙන බාධකද බාධකයක් නොකර ගත යුතුය
- මෙය මා අතීතයේ ඇතිකරගත් ප්‍රශ්නයකට ලැබුණු පිළිතුරක් ලෙස, ප්‍රශ්නය පිළිතුරක් ලෙස භාර ගත හැක
- විය යුත්ත තමයි සිදුවන්නේ. නොවිය යුත්තක් සිදුවන්නේ නැත ආදී ලෙස සිතිය හැක
- ප්‍රශ්නයක භාරකාරීත්වය පිළිබඳව ප්‍රශ්න කිරීම කළ හැක. නහයටද දිවටද මොළේටද මස් වලටද ආදී ලෙස
- අනවරාග්‍ර සංසාරයක සියලු ලෞකික ප්‍රශ්න විසඳුනා සේ මේ ප්‍රශ්නයද විසඳී යන්නේය ලෙස සිතන්නේය
- මට වඩා බරපතල ප්‍රශ්න ඇති බොහෝ පිරිස් සිටින්නේය ලෙස සිතන්නේය
- යන යන තැන අසූචි මල්ලක් දරාගෙන යන /මරණයෙහි උරුමකාරයෙක්ද වූ මා නොවටිනා බවද මෙනෙහි කළ යුතුය
- තවත් නොයෙකුත් ආකාරයෙන් ඇති අතර එලෙස සිතමින් ප්‍රශ්නවල ධාරිතාව අඩු කර ගත යුතුය. මෙය ධර්ම මාර්ගයට පිවිසීමේ මූලික පියවරකි
056. ද්වේශය
- ද්වේශය ඇත්තාට මෛත්‍රිය කදිම විසඳුමක් නොවේ
- එය අපිරිසුදු රෙදිවලට සුවඳ විලවුන් ඉසිනවා වැනි දෙයකි
- අපිරිසිදු රෙදි වල ඇති කුණු සබන් හෝ එවැනි උපකාරකයක් භාවිතා කර සෝදා ඉවත් කළ යුතුය
- එලෙසම ද්වේශයද නුවණ නමැති උපකාරකය භාවිතා කර ඉවත් කළ යුතුය
- ගෙදර, ගම, රට, ලෝකය, මිනිසුන් මෙසේ පැවතිය යුතුය, එසේ නොවිය යුතුය යැයි දෘෂ්ටියක් පවතී. ඒ හා එකඟ නොවන සෑම අවස්ථාවකම ද්වේෂය හටගනී
- මේ කිසිම දෙයක් අපගේ පාලනයේ නොමැත, ආදී ධර්මයන් මැනවින් වටහා ගත යුතුය. නුවණ මිශ්‍ර, සොබා දහමේ උපමා ද බොහෝ උපකාරී වේ
- මූලික ප්‍රවේශයක් ලෙස තමන්ගේ කැමැත්ත ලෝකයෙන් බලාපොරොත්තු නොවී, ලෝකයේ කැමැත්ත තමන්ගේ කැමැත්ත කර ගත යුතුය. එවිට ද්වේශයෙන් විශාල ප්‍රතිශතයක් ඉවත් කර ගත හැක
055. ද්වේශය
- ද්වේශය ඇත්තාට මෛත්‍රිය කදිම විසඳුමක් නොවේ
- එය අපිරිසුදු රෙදිවලට සුවඳ විලවුන් ඉසිනවා වැනි දෙයකි
- අපිරිසිදු රෙදි වල ඇති කුණු සබන් හෝ එවැනි උපකාරකයක් භාවිතා කර සෝදා ඉවත් කළ යුතුය
- එලෙසම ද්වේශයද නුවණ නමැති උපකාරකය භාවිතා කර ඉවත් කළ යුතුය
- ගෙදර, ගම, රට, ලෝකය, මිනිසුන් මෙසේ පැවතිය යුතු යැයි අදහසක් පවතී. ඒ හා එකඟ නොවන සෑම අවස්ථාවකම ද්වේෂය හටගනී
- මේ කිසිම දෙයක් අපගේ පාලනය නොමැත
054. තනතුරු
- බොහෝ අයට තමන්ට අනන්‍ය තනතුරු තානාන්තර ඇත. එයට විශාල වටිනාකමක් ලබා දී තිබුණද, එය මෙම කයට සාපේක්ෂව ද සීමා සහිත කාලයකට ද ලෙස වේ
- එම තනතුර සම්බන්ධයෙන් යම් ලෞකික සැපයක්ද ලැබී ඇත, නමුත් තාවකාලිකය. හේතූන් සකස් වන විට, ඵ් හා ලැබූ ලෞකික සැපය ද අහිමිව යයි
- තනතුර සමාජයට සාපේක්ෂක වේ.තනතුරකට වටිනාකමක් ලැබෙන්නේ සිටින සමාජයට සපේක්ෂ වයි. එය වෙනස් වන විටද වටිනාකම වෙනස් වෙයි
- එම වටිනාකම ලෞකික වශයෙන් වෙයි, ලෝකෝත්තර වශයෙන් නොවෙයි
- එහි වටිනාකම වැඩි වන්නා වූ තරමටම ඒ හා අනුබද්ධ දුකක්ද අන්තර්ගත වෙයි තනතුර අහිමිවීම හෝ මරණය සමඟ දුකටම පත් වේ
- මෙසේ සපේක්ෂ වූත්, වෙනස් වන්නා වූත්, තනතුරු නිසා මාන්නයට පත් වේ. එයින් මුලාවට පත් වේ
- මෙහි දී 'මම', 'මගේ' යන මෝහය තව තවත් පෝෂණය වීමට ඉඩ ඇත. බොහෝ කර්ම වලට ද මූල් විය හැක
- මෙලොව/පරලොව දුකටම පත් වීමට හේතු ද සැකසේ
- හුදෙක් තනතුරු තානාන්තර ධනය බලය සාපේක්ෂක තාවකාලික ධර්මතාය, අවබෝධයෙන්ම ඇසුරු කළ යුතුය
053. ප්‍රවේසම් කිරීම
- ප්‍රවේසම් කිරීමට බොහෝ දෑ ඇත. එදිනෙදා ජීවිතයේ කායික මෙන්ම භෞතිකව නොයෙකුත් ආකාරයේ ප්‍රවේසම් කිරීම් ඇත
- කය නොයෙකුත් ලෙඩ රෝග වලින් ප්‍රවේසම් කිරීම, පත් විය හැකි දුක් පීඩා වලින් ප්‍රවේසම් වීම පිණිස වෑයම වැනි කායික ප්‍රවේසම් කිරීම්ය
- තමන් සතු වටිනා භාණ්ඩ, මිල මුදල්, දේපල ආදිය සොර සතුරන්ගෙන් හා නොයෙකුත් විපත්වලට පත්වීමෙන් ආරක්ෂා කරගැනීමද අනෙකකි
- මෙය තුළ යම් මෝහයක් තිබීමට ඉඩකඩ ඇත. යමක් පරිස්සම් කිරීමට පෙළඹෙන්නේ එය 'මගේ' යන දෘෂ්ටිය නිසා විය හැක
- නමුත් යමක් පරිස්සම් කිරීමට සිදුවීමෙන්ම, එයින් පිළිබිඹු වන්නේ 'මගේ', 'මට අයිති' යන ස්වාභාවයක් එහි නොමැති බවය
- එය සැබැවින්ම 'මගේ' නම් එය පරිස්සම් කිරීමට අවශ්‍යතාවයක් නොමැත. එසේම එය වෙනත් කෙනෙකුට ගැනීමටද නොහැක
- පිළිබිඹු වන්නේ මේ සියල්ල අනාත්ම ධර්මතාවයකට යටත් බවය
- විදර්ශනා කමටහනක් සඳහා හේතු වේවා!
052. පැහැදිලි කිරීම් පිළිබඳ පැහැදිලි කිරීම
- පැහැදිලි කිරීම් වල අඩංගු වන්නේ බොහෝවිට අප දන්නා කාරණාමය
- නමුත් මෙවැනි පැහැදිලි කිරීම් හේතුවෙන් සිතිවිලි ප්‍රවාහය ධර්මානුකූල දිශාවකට යම් කාලයක් යොමු වීම ප්‍රධාන වාසියකි
- පැහැදිලි කිරීම් දෙස දකින ආකාරය ඉතා වැදගත්ය
- පැහැදිලි කිරීමේ යම් අපැහැදිලි කමක් තිබුණහොත්, එය දැන්වීම ඔබගේ වගකීමක් වන අතර වෙනත් ආකාරයකින් කෙනෙකුගේ අඩුවක් දරාගැනීමේ ගැනීමේ ගුණය ලෙස ගුණයක් දියුණු කළ හැකිය
- සියල්ල සාපේක්ෂ බැවින් ඕනෑම පැහැදිලි කිරීමක ධර්මයක් දැකිය හැකි අතර අන් ආකාරයෙන් අඩුවක්ද දැකිය හැකිය
- පැහැදිලි කිරීම් සඳහා ඔබගේ යම් අදහසක් ඇත්නම් එය ඉතා වැදගත් වන අතර, දැන්වීම ධර්ම සාකච්ඡාවක් ද වනු ඇත
- ප්‍රතිපදාවේ අඛණ්ඩත්වය ආරක්ෂා කර ගැනීමට මෙලෙස සිදුවන පැහැදිලි කිරීම් ද හේතුවක් වනු ඇත
051. අසාධාරණය
- සීලය, සමාධිය, ප්‍රඥාව ලෙස පුරුදු කරමින් සමස්තයක් ලෙස අප සිදු කරන්නේ චුති සිත නිවැරදි කිරීමය
- මරණීය මොහොත ඉතා තීරණාත්මකය. නිවන, නිරය හෝ කර්ම ශක්තිය අනුව ජාතිය තීරණය වන මොහොතකි. ඉතා භයානකය.
- මෙහිදී හානිකර මතකයන් නොතිබීම ඉතා වැදගත් කාරණයකි. කර්මයන් කර මතකය මකා දැමීමේ ක්‍රමයක් නැත.
- සුළු වෙලාවක් තුළ සිදුවන වැරැද්දක් එලෙසම සුළු වෙලාවක් තුළ විපාක දීම සාධාරණය. . නමුත් එය එසේ නොවේ. කර්මය අසාධාරණය.
- මතකයක් ලෙස ජීවිත කාලය පුරා පීඩාවට පත් කරන අතර, පරලොව ජීවිත ද දුක්ඛ සහගත කරයි. මේවා කර්ම පථ ලෙස ක්‍රියාත්මක වේ.
- එම නිසා සුළු වැරැද්දක් පවා ඉතා බරපතල ලෙස දැකිය යුතුය. ආදීනව දැකිය යුතුය.
- බේරීමට හොඳම ක්‍රමය වන්නේ අදාල කර්ම නොකර සිටීමයි. ඉතා ඉක්මනින් අවබෝධයන් කරා ළඟා වීමයි
050. බුද්ධිමත් බව
- ගසකට විශාල බුද්ධියක් පැවතිය යුතු බව, ගසක සමබරතාවය දෙස බැලූ විට පෙනේ
- සෑම කොළයකටම අවශ්‍යය ජලය ආදිය කිසිදු අමතක වීමක්ද නැතිව නිවැරදිව ප්‍රවාහනය සිදුකරයි. එකදු කොළයක්වත් අමතක වන්නේ ද නැත
- එනම් පුද්ගලයෙක්ගෙන් තොරව බුද්ධිමත් බව ක්‍රියාත්මක වේ. එනම් බුද්ධිමත් බව සඳහා කෙනෙක් අවශ්‍ය නොවේ
- බුද්ධිමත් බව ඇති නිසා කෙනෙකු ඉන්නවා යන දෘෂ්ටිය බිඳ දැමීම සඳහා ගස කදිම උදාහරණයකි
- බුද්ධිමත් බව, මතකය, උපක්‍රමශීලීත්වය, කපටිකම ආදී දෑ ද පුද්ගලයෙක්ගෙන් තොරව ස්වභාදහම තුළ ක්‍රියාත්මක වේ
- විදර්ශනා කමටහනක් පිණිස ඉදිරිපත් කරන ලදී
049. ධර්මතාවය
- තරහව මම නම්, තරහව දිගටම පැවතිය යුතුය. තරහව නැති වන මොහොතේ, මම නොපැවතිය හැකි බැවිනි
- තරහ යන ස්වභාවය තමන්ගේ නම්, එය අනුන්ට තිබිය නොහැක
- තරහ යන බව අන් අයටද පවතී. එනම් එය තමන්ට ආවේණික නොවේ
- තරහ යන බව තිරිසන් සහ අනෙකුත් සත්වයන්ටද පවතී. එනම් තරහ යන බව සත්වයන් අතර පොදු ස්වභාවයකි
- මට අනන්‍ය දෙයක් නොවන බැවින් මගේ නොවේ
- තරහ යන සිදුවීමක් නැතුව තරහගත නොහැක. තරහ ගත හැකිනම්, සිදුවීමක් නැතිවද තරහව ගත හැකි විය යුතුය
- එනම් තරහව මගේ පාලනයේ ඇති දෙයක් නොවේ
- එනම් මේවා, මම නොවන, මගේ නොවන, මට පාලනය කළ නොහැකි පොදු වූ ලෝක ධර්මතාවයන්ය
- ඉර පායනවා සේ, වැස්ස වහිනවා සේ, ඇළ දොළ ගලනවා සේ තවත් එවැන්නකි
048. බස් නැවතුම
- බස් නැවතුමක, බස් රථයක් බලාපොරොත්තුවෙන් සිටින අයෙකු බස් නැවතුම තුළ නිදාගන්නේ නැත.
- නිරතුරුව බස් රථය පිළිබඳ විමසිලිමත්ව සිටි.
- එසේම මනුෂ්‍ය ලෝකය නැමැති නැවතුම තුළ, මරණය නැමැති රථය පැමිණෙනතුරු අපේක්ෂාවෙන් සිටිය යුතුය.
- ස්ථිර ලෙස ගෙවල් සදමින්, ඉඩකඩම් වතුපිටි රැස්කරමින් යන ගමන දෙස බැලූ විට පෙනීයන්නේ මරණය අමතකව ඇති බවය.
- නමුත් මරණය ලොකු කුඩා බේදයක් නොමැතිව ඕනෑම මොහොතක, අනපේක්ෂිත ලෙස පැමිණිය හැක. බස් රථයක් අපේක්ෂාවෙන් සිටින මගියෙකුසේ අවධානයෙන් සිටින්න.
- අප මරණයේ උරුමකරුවෝ වෙමු.
047. දිශාව
- ලෝකයේ යා හැකි දිශාවල් විශාල ප්‍රමාණයක් පවතී. නොයෙකුත් තෝරා ගැනීම් පවතී
- උදාහරණයක් ලෙස අධ්‍යාපනයේ කොපමණ පරතරයට ගියත් කෙළවරක් නොමැත. එම නිසා එහි සීමාවන් දැනගත යුතුය
- අධ්‍යාපනය නිවන් මඟට ද රුකුලක් වුවත් එහි ප්‍රමාණය දැනගත යුතුය. නැතිනම් මුලාවීම / දුකට පත්වීම හෝ මානයේ ගොදුරක් වීමට ඉඩකඩ ඇත
- යම් උත්සාහයකින්, යම් ශිල්පයකින්, දිවි රැකෙන්නේ නම් එය නියම ප්‍රමාණයයි. අඩු හෝ වැඩිවීම දුකට හේතුවක් වේ
- නිවන් මඟ තම ජීවිතයේ ප්‍රමුඛ අංගය විය යුතුය. අනික් දෙයක් ප්‍රමුඛ වූ විට ඒ දේය අරඹයා ප්‍රතිඵල ලැබෙන අතර නිවන් මගෙහි ප්‍රතිඵල අඩාල වේ
- යා යුතු දිශාව හඳුනා ගැනීම අපහසු විට නොයා යුතු දිශාවල නොයෑම කළ යුතුය.
- සිතිවිලිවල දිශාව පසුව තම ජීවිතයේ දිශාව වන බැවින් සිතුවිලි වල දිශාව පිළිබඳව සැලකිලිමත් විය යුතුය
- කාන්දම උතුරු දිශාවට දිශාගත වනවාසේ සත්වයා සතර අපාය දිශාවට දිශාගත වීම ධර්මතාවයයි
- වෑයම කිසිසේත් අත් නොහරින්න
046. 'මම' නැමැති දෘෂ්ටිය
- ඉපදීමේ සිට මරණය දක්වාම 'මම' කරන දෙයක් නැත.
- ඉපදෙන මොහොතේදී පිහිටිය යුතු ශරීරඅංග, ඉපදෙන ස්ථානය, කුලය 'මම' කිව්වේ නැත. එය හේතුඵල ලෙස ලැබුණා පමණි.
- කුඩා කාලයේ සිට ඉගෙන ගත්තේ 'මට' අවශ්‍ය නිසා නොවෙයි. එය සමාජය අවශ්‍යතාවක් ලෙස පෙන්වූ නිසාය.
- වැඩි වයසේදී රැකියාවක් කළේත් 'මට' අවශ්‍ය නිසා නොවෙයි. ජීවිතයේ පැවැත්මට, සමාජය ගෙන ආ සංකල්ප නිසාය.
- නිසි වයසේදී විවාහ වන්නේ 'මට' ඕනි නිසා නොවෙයි. නිසි වයස තීරණය වූවේත්, විවාහය අවශ්‍ය වූවේත් සමාජ-සංස්කෘතියේ සංකල්ප නිසාමය.
- මෙසේ බැලූ කල 'මම' කළ දෙයක් මෙහි නැත. 'මට' කළ හැකි දෙයක් වුවේද නැත.
- ලෝකයේ පැවැත්ම උදෙසාම වූ සංකල්ප සමඟ ඒවාට යටත්ව 'මම' කල් ගේවූවා පමණි.
- ඒ සෑම දෙයක් සමගම 'මම' ඇලුණා, ගැටුණා පමණි.
- 'මට' කළ හැකි දෙයක් නැත. 'මම' යනු හුදෙක් දෘෂ්ටියකි.
045. කළ හැකි දෙයක් නැත
- බුදුබණ නොමැති කල ඉපදීමේ සිට මරණය දක්වාම සත්වයා මුලාවේ, දුකට පත්වේ.
- දුකින් මිදීමට ගන්නා සෑම වෑයමකින් ම සිදුවන්නේ මුලාවේ ස්වභාවය මාරුවීමක් මිස දුකින් මිදීමක් නොවේ.
- ශරීර අංග , සමේ වර්ණය පවා තමන් තීරණය නොකළ අතර කුමක්දෝ ක්‍රමයකින් ලැබී ඇත. ඒ හා එකඟ වීම විශ්ම ජනකය.
- ලෝකය අනුගමනය කරමින් මුලාවීම, දුකට පත්වීම සැමදා සිදුවූ, බිය ඉපදවිය යුතු කාරණයකි.
- සිතිවිල්ලක් නොමැතිව සැපක දුකක පැවැත්මක් නැත.
- අපගේ පැවැත්මෙන් ලෝකයට ඇති වැඩක් නැත. අපේ වටිනාකම ඇත්තේ අපටම පමණි. එයත් හුදෙක් මුලාවූ සිතිවිල්ලකි.
- අන් ආකාරයෙන්, සැපෙහි වෙනස් වීමෙන් එකක් දුකක් වන අතර, දුකෙහි වෙනස් වීමෙන් එකක් සැපක් වෙයි. අන්ත දෙකෙහිම අන්තර්ගතය මුලාවයි.
- වටහා ගත යුතු කාරණය, සිදුවන දෙයක් ඇත. කළ හැකි දෙයක් නැත.
044. පැහැදිලි කිරීම
- මලින් කොළයෙන් ජලයෙන් සිත ආකර්ෂණය කර ගැනීමට පොකුණක් සමත් වේ. එම අලංකාරය බාහිරට පෙනුනද අභ්‍යන්තරයේ එවැන්නක් නොමැත
- අන් ආකාරයෙන් පොකුණ යනු සත්වයන් ජීවිතය වෙනුවෙන් පොර බදින ස්ථානයකි. මරණාසන්න සත්වයන් පණ අදින ස්ථානයකි. කිසිම අනුකම්පාවක් නොමැති ධර්මතාවයක් මේ තුළ ක්‍රියාත්මක වේ
- ගුවන ජලය ගොඩබිම ලෙස ක්‍රියාත්මක වන යුද පිටියකි. තවද සොහොන් පිටියකි. වධකාගාරයකි
- උදේ දකින සත්වයන් සවස බොහෝ විට නොමැත.දවසක් අවසාන වන විට බොහෝ සත්ත්වයන්ගේ ජීවිත අහිමිව ගොස්ය
- සිහිය නිසා, නීරෝගිකම නිසා, කාය ශක්තිය නිසා සත්වයන් පිරිසක් අපහසුවෙන් සුළු කාලයකට ජීවිත බේරා ගනී
- මෙය තුළින් මෙවැනි ධර්මයක් මතු කර ගන්නා යෝගාවචරයා මේ අපගේ අතීත ඥාතියෝය. මිත්‍රයෝය. නිවන මගහැරුණොත් අපගේ ඉරණම ද මෙයමය. ආදී ලෙස සිතන්නේය
- කලකිරීම ඇතිකර ගන්නේය. සසර බිය මතු කරගන්නේය. වීරිය වඩා මගඵල වලට පත් වන්නේය. සසර දුකින් අත මිදෙන්නේ ය
043. විවාහය
- විවාහය තුළින් පුද්ගලයාට උරුම වන සම්ප්‍රයුක්ත සැපයක් නැත
- නොසන්සිඳෙන ආශාව පිනවීමට කොපමණ උත්සාහ කළත් එහි කෙළවරකට පැමිණීමක් ද නැත
- තනිකම පාළුව යන විසඳිය හැකි එක ප්‍රශ්නය වෙනුවට විසඳිය නොහැකි ප්‍රශ්න පොදියක් ලබා ගැනීමකි
- නිදහසේ බිම තිබූ කළු ගලක් කර මත තබා බැඳගැනීමක් වැනිය
- නිදහසට මෙන්ම නිවනට ද උවදුරකි. ප්‍රශ්න උත්පාදකයකි
- එක් අඹයක් වෙනුවෙන් අඹ වත්තක් බලා ගැනීමක් වැනිය
- පිළිකුල තුළ නොපිළිකුලින් සිටීමකි. පසුතැවීම ඇති කරයි
- පතුල සිදුරු වූ පනිට්ටුවක් වැනිය. දමන කිසිම දෙයක ඉතිරි වීමක් නැත
- හුදෙක් සැප සංඥාවෙන් දුක් විඳීමකි
- ආදීනව සංඥාව මතුකිම පිණිස ඉදිරිපත් කරන ලදී.