Report Menu
All Cards
Total Cards: 202 | Page: 9 of 11 | Showing: 20 cards
042. රූපවාහිනිය

042. රූපවාහිනිය

  1. රූපවාහිනිය දෙස නොයෙකුත් දිශාවල සිට බැලිය හැක
  2. නමුත් සෑම දිසාවක සිටම නැරඹීම කළ නොහැක
  3. එසේම ක්ලේශයන් දුරු කිරීම සඳහා ඒවා දකින කෝණය වැදගත්ය
  4. වෙනත් කෝණයකට වුවද ක්ලේශයන් පෙනෙන අතර දුරු කිරීම කිරීම එම කෝණයෙන් කළ නොහැක
  5. ඒ ඒ මොහොතේ එදිනෙදා කටයුතුවල සිදුවන ක්‍රියාකාරකම් අනුව ක්ලේශයන් / කර්මයන් හට ගනී
  6. නොපෙනුන දේ නොඇසුණු දේ නොහඳුනන දේ අරඹයා ක්ලේශයන් හට ගන්නේ නැත
  7. ලඟින්ම ඇසුරු කරන පිරිස සමග වැඩිපුර ගනුදෙනු සිදුවන බැවින් කර්මයක් ඇතිවීමේ වැඩිම අවධානම ඇත්තේ එතනය.. ප්‍රවේසම් විය යුත්තේ ද එතන ය
  8. දකින කෝණය කර්මයක් නොහැදෙන කෝණයක් විය යුතුය. සාසනය තුළ නොයෙකුත් විදර්ශනා ක්‍රම ඇත. පුරුදු කරන්න
No audio available
041. මගියෙකු නෝවන්න

041. මගියෙකු නෝවන්න

  1. නැවක් තුළ සිටින මගියෙකුට පියවර තැබිය හැකි වුවත් ගමන් කළ නොහැක.
  2. එලෙසම උදාහරණයක් ලෙස, සිතිය හැකි ලෙස වැටහුනත් තමන්ට සිතිය නොහැක.
  3. එය වෙනත් ධර්මතාවයකින් පාලනය වේ. ඒ බව නොදන්න කම දුකට පත්වීමට ප්‍රධාන හේතුවකි.
  4. නැවෙහි ගමන මුහුදු රැල්ල සුළඟ ආදී බොහෝ හේතු මත රඳා පවතී. ඒ සියලු හේතු වලට මගියා ද යටත් වේ.
  5. එසේම සිතක සිතිවිලි ඉන්නා ස්ථානය ගැහැණු පිරිමි ලොකු කුඩා අතීතය දහවල රැය ආදී නොයෙකුත් හේතු අනුව හටගනී.
  6. මගියකු ලෙස සිතා මුළාවට පත් නොවී මගියෙකු යන බවත් ලෝක ධර්මතාවයක් ලෙස සලකාගත යුතුය.
  7. කර්මයන්හි විපාකයන් ගෙවී යන අතර අලුත් කර්ම නොකිරීමට පමණක් වග බලා ගත යුතුය.
  8. මගියකුට ගමනෙහි පාලනය නැත. එය දැනගැනීමම ඉන් මිදීමට ප්‍රමාණවත් වේ.
No audio available
040. ධර්‍ම ශ්‍රවණය

040. ධර්‍ම ශ්‍රවණය

  1. ධර්‍ම ශ්‍රවණ ශ්‍රවණය නිර්වාණය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි.
  2. නමුත් එම ධර්මය අසන සංඥාව පිළිබඳ ව බොහෝ සැලකිලිමත් විය යුතුය.
  3. ශ්‍රද්ධාව හා අවබෝධය බැඳී පවතී.
  4. අධර්මයක් වුවත් එය අසන සංඥාව මගින් එය වටිනා ධර්මයක් බවට පරිවර්තනය කළ හැක.
  5. නිවැරදිම ධර්මයක් වුවත් ඒ කෙරෙහි තමා තුළ ඇති සංඥාව මගින් එම ධර්මයද අධර්මයක් බවට පත් කළ හැක.
  6. මෙය වචන කිහිපයක් වුවත් මේ පිළිබඳ නොසැලකීම ජීවිත කාලය පුරාම ධර්මයක් අවබෝධ නොවීමට හේතුව ද විය හැක.
  7. ඉතා ශ්‍රද්ධාවෙන් ඉතා ගරුත්වයෙන් ධර්මය ශ්‍රවණය කලවිට නිවන් ගමන ඉතා පහසුවනු ඇත.
No audio available
039. පසුබට උත්සාහය

039. පසුබට උත්සාහය

  1. නිවන් මාර්ගයට පළිබෝධයක් වන ප්‍රමාදයට තුඩුදෙන පසුබට වීම දුරු කිරීමට වෑයම් කළ යුතුය.
  2. ලෞකික අරමුණු වල වටිනාකම නිවන් අරමුණට වඩා වැඩි විට නිවන් මගට පසුබට වීම සිදුවේ.
  3. විඳීමෙහි ඇලුණු සිතෙහි ස්වභාවය පසුබට වීමය. අවසිහිය ඇතිවීමය.
  4. මොහොතක සුවයක් ලබා දෙන කාම අරමුණු, විදීමෙන් කෙළවර කළ නොහැක. විඳීම වෙනුවට හඳුනා ගැනීමම කළ යුතුය.
  5. හඳුනාගත් කාමයන් ඉතා ඉක්මනින් දුරුව යෑම ධර්මතාවයකි.
  6. විඳිය හැක්කේ නොහඳුන කාමයන් පමණි. හඳුනාගත් කාමයක් තවදුරටත් කාමයක් නොවන අතර විඳීමට ද නොහැකිය.
  7. කාමයක් විඳීමට කැමැත්තක් ඇත්නම් එය තවමත් හඳුනාගත නොමැත.. හොඳින් හඳුනා ගැනීමේදී කාමයන් දුරුවනු ඇත.
  8. කාමයන් ලබාදී සිතක් තෘප්තිමත් කළ නොහැක. එය සිතක සිතක ඇති ලක්ෂණයකි. තවද එය ලෝක ධර්මතාවයකි.
  9. එම නිසා තෘප්තිමත් කළ නොහැකි සිතට කාමයන් ලබාදීමට පසුබට විය යුතු අතර නිවන් මඟ සඳහාම නොපසුබට විය යුතුය.
No audio available
038. නිගමනය

038. නිගමනය

  1. රූපය පිළිබඳ නිගමනයට පැමිණෙන්නේ බාහිර ස්වරූපය බැලීමෙනි.
  2. බාහිර 1mm ක සම ඉවත් කළ විට එම නිගමනය කොපමණ වෙනස් වේද එපමණ මෝහයක් පෙර නිගමනය තුළ ගැබ්ව පවතී.
  3. වර්ණයෙන් යුත් රූපය විෂම ලෙස හඳුනා ගැනීම, ඒ පිළිබඳ තමා තුළ ඇති ප්‍රතිරූපයෙන්ද ද පෝෂණය වී සැප සුභ ආත්ම ආදී විචිත්‍රවත් පිළිබිඹුවක් දර්ශනය කරයි.
  4. සසර ගත පුරුද්දෙන්ද ශක්තිමත් වන මෙම පිළිබිඹුව හා බැඳී ඇති මෝහය ඉවත් කිරීම පහසු නොවේ.
  5. නමුත් ඉතා ප්‍රබල ඉතා දුර්ලභ තථාගත ආශිර්වාදය අපට ලැබී ඇත. අපට සසරේ කිසි දිනෙක නොහැකි වූ සසරින් මිදීම සිදු කිරීමට කාලය එළඹ ඇත.
  6. එම නිසා සෑහීමට පත්වීම, ඉවසීම වීර්යය ආදී නොයෙකුත් ගුණයෙන් පුරුදු කරමින් නුවණින් යුතුව නොනැවති ඉදිරියටම සටන ගෙනයා යුතුය.
No audio available
037. අසාර භාවය

037. අසාර භාවය

  1. ගසක සාරවත් භාවය නිගමනය කල හැක
  2. විඤ්ඤාණය කොපමණ සාරවත්දැයි නිගමනය කළ නොහැක
No audio available
036. නොමැරෙන මිනිසුන් නොවෙමු

036. නොමැරෙන මිනිසුන් නොවෙමු

  1. මරණය ඒකාන්තයෙන් පැමිණෙන්නේය.
  2. මව පියා ස්වාමියා බිරිඳ නෑදෑයන් හිතවතුන් ඒකාන්තයෙන් අහිමි වන්නේය.
  3. අපේ ඔප්පුව ලෝකෙට අයිති මිස, ලෝකයේ කිසිම ඔප්පුවක් අපට අයිති නැත.
  4. ලෝකයේ පාලනයේ අපි සිටිනවා මිස අපේ පාලනයේ ලෝකය නැත.
  5. අපේ මරණයේ තීරකයා අප නොව, එහි තීරකයාද ලෝකයයි.
  6. අපට කළ හැකි කිසිවක් නොමැත. පොර බැඳීමෙන් ඇති ඵලක් ද නැත. අවසානයේ උරුම වන්නේ දුකමයි.
  7. කළ හැකි දේ වන්නේ ලෝක ධර්මතාවය පිළිපිළිගෙන එම ධර්මතාවය බවටම පත්වීමයි.
No audio available
035. නොඇලීමේ ඇති ඇලීම

035. නොඇලීමේ ඇති ඇලීම

  1. නොබැදීම යනු එක්තරා බැඳීමකි. නොබැඳීම ලෙස බැඳී ඇත
  2. උදාහරණ ලෙස ඇලීම නැති කරන විට ප්‍රතිඵලය ගැටීම නම් ඇලීමේ ස්වභාවය මාරුවීමක් පමණක් සිදුවී ඇත. එනම් ගැටීම ලෙස ඇලීම එලෙසම පවතී
  3. නිදහස් වීම සිදුවන්නේ ඉහත අන්ත දෙකක් ලෙස පවතින ඇලීමේ ධර්මතාවය දුරු කිරීමෙනි
  4. එය සිදුවන්නේ ඇලීම කුමක්දැයි හඳුනාගෙන එයට හේතු කාරණා දැන ගැනීමෙනි.
  5. මෙම හේතු කාරණා දැන ගැනීම නැණ පමණින් සිදුවේ. උදාහරණ ලෙස ඇසට පෙනෙන රූප, රූප ලෙස නොව හුදෙක් වර්ණ පමණක් බව දැක ගැනීමට සිදුකරන වෑයම
  6. මෙහි ප්‍රථිපල ලෙස ඇලීම දුර්වල වීම ආදිය සහ අවසානයේ ඇලීම දුරුවීම නැණ පමණ අනුව සිදුවේ
  7. දැකගැනීම සඳහා වෑයම අවශ්‍ය වේ. දුරුවීම නිරායාසයෙන් සිදුවේ
No audio available
034. රැවටීම

034. රැවටීම

  1. රැවටීම පිළිබඳ වැටහීම නිවන හා සෘජුවම සම්බන්ධ කාරණයකි.
  2. රැවටීම සිදුවන්නේ රැවටෙන බව නොදන්නා තුරුය.
  3. රැවටීම දන්නා බව තුළ ඇති රැවටීමක් නැත. හිතාමතා උත්සාහ කළත් රැවටෙන්නේ නැත.
  4. එසේම ක්ලේශයන් නොහඳුනන කල් ඒවා ක්ලේශ වන අතර හඳුනන ක්ලේශයන් ක්ලේශ නොවේ.
  5. නමුත් සිත පෙන්වන්නේ හඳුනන ක්ලේශද ක්ලේශ ලෙසය. එය ප්‍රභල ක්ලේශයකි.
  6. වෑයම් කළ යුත්තේ රැවටීම දුරු කිරීම නොව ,රැවටීම හොඳින් හඳුනාගැනීමටයි. හඳුනාගත් රැවටීමකට පැවැත්මක් නැත. නොබෝ කලකින් දුරුව යන්නේය.
No audio available
033. මැග්නට් එක

033. මැග්නට් එක

  1. කාන්දමක් සැලකූ විට එහි ඇලීමේ මෙන්ම ගැටීමේ ලක්ෂණ ඇත
  2. ඇලෙන දේ හා ගැටීමට වැඩි නැඹුරුවක් ඇති අතර ගැටෙන දේද එසේමය
  3. එමෙන්ම යම් කුලකයක් හා එහි ඇලීමක් නැති, ගැටීමක් ද නැති ලක්ෂණයක්ද පවතී
  4. පුද්ගලයෙක් තොර, ඇලීමක ගැටීමක ධර්මතාවයක් පවතී
  5. විදර්ශනාව පිණිස ඉදිරිපත් කරන ලදී
No audio available
032. කූඩැල්ලා

032. කූඩැල්ලා

  1. එක් ස්ථානයක් අත හරියි. තවත් ස්ථානයක් අල්ලා ගනියි. අනෙක් ස්ථානයක වටිනාකම වැඩිවන විට ඉන්නා ස්ථානය අතහැරීම සිදුකරයි
  2. වටිනාකම පවතිනතුරු ගමන නොනවතී
  3. අන් ස්ථානයක වටිනාකම නැති වූ විට ඉන්නා ස්ථානය, සමබරවේ, මධ්‍යස්ථ වේ, ස්ථායී වේ, ගමන නවතී
  4. අල්ලාගෙන ලෙස පෙනුනද එහි අල්ලා ගැනීමක් නොපවතී. ඒ වෙනුවට සමබර බවක් මධ්‍යස්ථ බවක් ඇතිවී ඇත
  5. සිතක්ද එලෙස ක්‍රියා කරයි. කොපමණ වටිනාකමක් ඇත්ද, එපමණ ගමනක් ඇත
  6. වටිනාකමට මුල් වූ හේතු නැතිවන විට, මධ්‍යස්ථ බව නම් අලුත් ධර්මතාවයක් ඇතිවන අතර, බැඳීම නොබැඳීමක් නොවී එම ධර්මතාවය අහෝසි වේ. සත්ව පුද්ගල බව කෙළවර වේ
  7. වටිනාකම අඩු වීම, ගමනෙහි මන්දනයට හේතුවන අතර ගමන නතර වීමටද හේතුවේ
No audio available
031. සැපය

031. සැපය

  1. සැපයක් ලබා ගැනීමේ උත්සාහයට පෙර එය හොඳින් හඳුනාගත යුතුය. නැතහොත් සැපයයි දුකකටම මුලා වනු ඇත
  2. සැපයෙහි අර්ථ දැක්වීමේ සිටම මුලා වී ඇත
  3. සැපයක දුක මිශ්‍ර නොවිය යුතුය
  4. සැපයක් නම් එය ඕනෑම කාලයක් භුක්ති විඳියහැකි විය යුතුය
  5. මිලදී ලබා ගන්නක් තුළ සැපය තිබිය නොහැක. මිල වශයෙන් දුක මිශ්‍රිතව පවතින බැවිනි
  6. තමා සතු සැපය තමන්ට අනන්‍ය විය යුතුය. වෙනත් කෙනෙකුට ලබා ගැනීමේ හැකියාවක් තිබිය නොහැකිය
  7. සැපය, අඩු වැඩි ලෙස පැනවීමක් ඇත්නම් එය සැපයක් නොවේ. එනම් සැපයක වෙනස් වෙන ස්වභාවයක් තිබිය නොහැක
  8. ජාති ජරා ව්‍යාධි මරණ ආදී ලක්ෂණ ඇත්නම් ඒවා තුළ සැපයක් තිබිය නොහැක
  9. දුක හඳුනා ගැනීම සැප හඳුනා ගැනීමට ඇති තවත් මගකි
  10. අප සැප ලෙස හඳුනාගෙන ඇත්තේ දුකකට සාපේක්ෂක තවත් දුකක්මය
  11. විදර්ශනා මාතෘකාවක් පිණිස ඉදිරිපත් කරන ලදී
No audio available
030. වටිනාකම

030. වටිනාකම

  1. බුද්ධ කාලයක් නොවන අවස්ථාවක් සිහිපත් කරමු
  2. නුවණැත්තෙකුට, නුවණැත්තන් පිරිසකට ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, දුක යනාදිය හඳුනාගත හැක
  3. පසේ බුද්ධත්වය නොවුණහොත්, මිදීමට දරන උත්සාහය නොයෙකුත් දෘෂ්ටි වේ
  4. උදාහරණ ලෙස, විශ්වය තුළ යම් තැනක, කාලය තුළ හෝ කාලයේ ගෙවීම තුළ, දුක් විඳීම හෝ නොයෙකුත් ක්‍රියා පටිපාටින් තුළ විමුක්තිය ඇතැයි විශ්වාස කරනු ඇත
  5. කල්ප ගණන් අදාල දෘෂ්ටි තුළ හිරවෙමින් කාලය ගත කර, නොයෙකුත් ආකාරයෙන් දුක් විඳ විමුක්තිය ලබා ගැනීමේ වෑයමක් ලෙස බොහෝ විඩාවට පත්වනු ඇත
  6. "නොඉපදීම තුළ විමුක්තිය ඇත" යන බුද්ධ වචනය පමණක් සැලකුවහොත්, සත්වයා ඉහත පරිදි දුක්නොවිදිනු ඇත. එයින් සත්වයා තුළ දුරුවන දුක ප්‍රමාණ කල නොහැක
  7. එම වචන කිහිපය තුළ සාර අසංඛ්‍යය කල්ප ලක්ෂයේම පාරමිතා ශක්තිය ගැබ්ව පවතී
  8. එය අපට වචන කිහිපයක් ලෙස පෙනුනද එම ප්‍රකාශය සඳහා විශ්වයම පිළිසිඳ දැකගත යුතුය. හොඳින් විදර්ශනා කර බලන්න
029. ගල

029. ගල

  1. ගංගා ආදියෙන් හමුවන ගලක බොහෝ ස්ථාවර මුහුණත් පෙන්වයි. (රවුම් මුහුණතක් හෝ වක්‍රාකාර ස්වරූපය)
  2. මෙසේ සිදුවී ඇත්තේ ගල තාඩන පීඩන බිඳවැටින් ආදී බොහෝ උවදුරයන්ට ලක් වූ බැවිනි.
  3. ධර්ම මාර්ගයද එලෙසමය, කොපමණ තාඩන පීඩන ගැරහීම් පැමිණේද, විශේෂයෙන් ධර්මයෙන් සන්නද්ධ හිතක්, මනාව ස්ථාවර බවට පත්වෙයි. තව තවත් ධර්මය ප්‍රත්‍යක්ෂ වේ.
  4. එම නිසා තම ජීවිතයට පැමිණෙන තාඩන පීඩන ගැරහීම් කමටහනක් කර ගනිමින් ප්‍රතිපදාවේ හැසිරෙන්න......
028. පැහැදිලි කිරීම

028. පැහැදිලි කිරීම

  1. ඔබගේ අදහස් දැක්වීම අගය කරමු.
  2. අදහස වූයේ "අයවීමක් ඇත්නම් වැයවීමක් තිබිය යුතුය. වැයවීමක් නොමැති අයවීමක් රැවටීමක් විය හැකිය" යන්නයි
  3. පිළිතුරු අදහසෙහි ඇති වරදක් නැත.එහි අරමුණු ගත විදර්ශනාව අනුව එය නිවැරදිය.
  4. ලෝකය තුළ ඇති දේ සියල්ල දෘෂ්ටීන් වන අතර සම්මා දෘෂ්ඨිය වඩා නිවැරදි දෘෂ්ටිය වන්නේය.
  5. ලෝකය තුළ පවතින යම් ධර්මයක් මතු කර ගැනීමට උපකල්පන කිහිපයක් මත සිටිමින්, ලෝකය තුළින්ම උදාහරණ කිහිපයක් ලබා ගනිමින් ධර්මයක් මතුකර ගැනීමට උත්සාහ දැරීම ඥානවන්ත ක්‍රියාවකි.
  6. තවදුරටත් විශේෂණය කරන්න...
No audio available
027. වස්තුව සහ ප්‍රතිබිම්බය

027. වස්තුව සහ ප්‍රතිබිම්බය

  1. ඇතිවන සියල්ල තම අභ්‍යන්තරයේම හටගනී..
  2. උදාහරණයක් ලෙස, බනිස් ගෙඩියක් අයෙක් භුක්ති විඳ ඇත්නම්, තව කෙනෙකුට භුක්ති විඳීමට ඉඩකඩ නැත, එය වැය වී ඇත.
  3. බාහිර ඇති ගසක් බොහෝ පිරිසක් දකින අතර අවශ්‍යය නම් තවත් පිරිසකට එය දැකගත හැක.
  4. එනම් එහි වැයවීමක් සිදුවී නැත. වැයවීමක් නොමැති භුක්තිය යනු යම් මායාකාරී ස්වභාවයකි. භුක්ති විද ඇත්තේ හුදෙක් ප්‍රතිබිම්බයක් පමණි.
  5. තවද වැය නොවූ දෙයක් භුක්ති විඳිය නොහැක. එනම් අප භුක්ති විඳ ඇත්තේ වස්තුව නොව, අභ්‍යන්තරයේම සකසා ගන්නා ලද ස්වභාවයකි.
  6. අන්තර්ගතය හිස් ස්වාභාවයකි. මෙය පැවැත්ම පිණිස ඇති ලෝක ධර්මතාවයකි. මුලාවකි.
  7. ගැඹුරු විදර්ශනාවකට මඟ පාදන ඉහත කරුණු හොඳින් විශ්ලේෂණය කරන්න...
No audio available
026. මයිනහම

026. මයිනහම

  1. අතීතයේ කම්හල් වල මයිනහම හුළං ලබාදෙමින් ගිනි අඟුරු පණ ගැසීම සඳහා යොදා ගත් උපකරණයකි.
  2. සුළං ලැබෙනතුරු ගිනි අඟුරු තව තවත් ගිනියම් වන අතර සුළං නොලැබෙන විට එහි ශක්තය ක්‍රමානුකූලව අඩුවේ.
  3. අපගේ ශරීරය ද මයිනහමක් මෙන් නිරතුරුවම හුස්ම අඳිමින් පිටකරමින් පණ ගැසීම සිදුවේ.
  4. හුස්ම ගැනීම පිට කිරීම දුර්වල වුවහොත් ශරීරය අප්‍රාණික වේ. මරණය සිදුවේ.
  5. දිවා රාත්‍රී නිරතුරුව හුස්මෙන් පණ පෙවෙන මෙම ජීවිතය බොහෝ දුර්වලය. නිරතුරුව පණ ගසන මෙම ජීවිතය මයිනහමක් වැනිය.
  6. හුස්ම පවතින තුරු පවතින්නේය. නතර වූ විට බිඳෙන්නේය.
  7. මෙහි තතු දැනුණු විට කුමන මාන්නයක් ද ? කුමන වටිනා කමක් ද ?
  8. මෙහි වටිනාකම මයින හම නොඉක්මවන්නේය.
  9. එක් හුස්මක ශක්තියෙන් මොහොතක් ජීවත් වෙයි. එය පුනරාවර්තනය වෙමින් ජීවත්වීම සිදුවේ. ඕනෑම මොහොතක මියයෑම ද ඒ තුළ අඩංගු වේ.
  10. ජීවිතයේ නොවටිනා බව, නිස්සාර බව වටහාදීම සඳහා කමටහනක් කර ගන්න...
No audio available
025. ගංගාව සහ ද්වයතාවය

025. ගංගාව සහ ද්වයතාවය

  1. ගඟකින් නොයෙකුත් ප්‍රයෝජන ඇත. ධර්ම මාර්ගය සඳහාද අගනා ප්‍රයෝජන ඇත.
  2. ගඟ හුදකලාව ගලා බසි.
  3. පුද්ගලයෙක් ගඟ අසලට ගිය විට, ඉහළ දෙස බලන විට එන ලෙසත් පහළ දෙස බලන විට යන ලෙසත් ද්වයතාවයක් හට ගනී.
  4. එන යන බව පුද්ගල පැමිණීමත් සමග සිදුවූ දෙයකි.
  5. ද්වයතාවය පුද්ගල පැමිණීමට පෙර තිබුණේ නැත. තවද පුද්ගල පැමිණීමට පෙර නොතිබුනේ ද නැත.
  6. පැමිණීම නිසාම හටගත්තේ මිස නොපැමිණීම ඔස්සේ හට නොගනියි.
  7. තවද එන බවක් නොමැති යෑමක් නැත, යන බවක් නොමැති ඒමක් නැත. හේතු ප්‍රකාරව අන්ත දෙක එක විට එකවර හටගනී. එක විට නිරුද්ධවේ.
  8. ජීවිතය නමැති ගංගාවේහි ඉවුරෙහි නොරැඳෙමු. ද්වයතාවය දුරු කරමු.
024. නැවතීම

024. නැවතීම

  1. කලකිරීම නැවතීමට ඉතා හොඳ ආරම්භයක් ලබාදේ.
  2. නමුත් අඛණ්ඩ වීරිය, ධර්මශ්‍රවණය මෙන්ම උපක්‍රමශීලීත්වය, ගුණ, ආදී ආදිය හොඳින් ප්‍රගුණ කළ යුතුය.
  3. නැවැත්මට පෙර, පැවැත්ම සහ නැවැත්ම අතර වෙනස හොඳින් වටහා ගත යුතුය.
  4. නැතහොත් ප්‍රතිපදාවද කළුවා මාරපන් යෑමක් සේ විය හැක.
  5. ජීවිතය සමබර විය යුතු අතර සමාජය තුළ අමුතු චරිතයක් නොවිය යුතුය. එසේ වුවහොත් එයද ධර්ම අවබෝධයේ යම් අඩුවක් විය හැක.
  6. එදිනෙදා පැවැත්ම ධර්මානුකූල රාමුවකට යොමු කළ යුතුය. එවිට ප්‍රතිපදාව ඉතා පහසුවනු ඇත.
  7. සෑම දිනකම ඉන්නා තැනින් ඉහලට පත්වීම සඳහා වීරිය කරන්න. දිනෙක ඔබ පතන සැනසීම එලෙසම වනු ඇත...
023. කන්නාඩිය

023. කන්නාඩිය

  1. දර්පණ ප්‍රතිබිම්බයෙහි තිරිසන් ආදී සත්වයන් මුළාවූවත් මනසින් උසස් මිනිසුන් මුලා නොවන්නේ යාන්ත්‍රණය දන්නා බැවිනි
  2. මෙසේ සත්වයන් මුලාවට පත්වුවත් ප්‍රතිබිම්බය
  3. -ස්පර්ශ කළ නොහැකිය
  4. -එයින් හඬක් ද නැත
  5. -ගඳ සුවඳක් නැත
  6. -රසයක් දැනෙන්නේද නැත
  7. හුදෙක් වර්ණ සමූහයකි
  8. මෙවන් වූ මුලාවක් මිනිසුන්ටද තිබේ
  9. පෙනුන, ඇසුන, දැණුන, හැඟුන පමණකින් සත්ව පුද්ගල බවක් නිගමනය නුවණෙහි ඇති මඳකමකි
  10. අඩුම තරමින් පාලනය කළ හැකි, වෙනස් නොවන, දුක් සහිත බව නැති ආදී,
  11. ලෙඩ නොවන, මරණයට පත්නොවන, ජරාවට පත්නොවන ආදී ලක්ෂණවත් ඇත්නම් අවම වශයෙන් පුද්ගලභාවය ප්‍රකාශ කිරීම සාධාරණ යැයි සිතිය හැක.
  12. විවිධ සම්බන්ධකම් සහිතව ක්‍රියාත්මක වන හේතුවක ඵලයක යාන්ත්‍රණයක් නැතහොත් හේතුඵල ස්වභාවයක් මෙහි ගැබ්ව පවතී.
  13. තමා තුළ ඇතිවන සිතිවිල්ලක් පවා හේතුවක ඵලයකි
  14. මෙය පොදු යාන්ත්‍රණකි. සෑම සත්ත්වයාටම පොදු වූ රාග ද්වේශ මෝහ ලෙස කෙලෙස් ස්වභාවයන් සමාන වන්නේ ඒ හෙයිනි.
  15. නොයෙකුත් අත්හදා බැලීම් කරමින් මනසේ ස්වභාවය වටහා ගන්න. ඔබ කවරෙක්දැයි ඔබම සොයාගන්න...
No audio available