පියවර 11

නිවීමේ පණිවිඩය

“ තමාටවත් අසු නොවී සිටින්නා සියල්ල අත්හැරිය උත්තමයාය , ඒ උත්තමයා මම නොවේය , මක්නිසාද ඒ උත්තමයා මම නම් තවම අත්හැරීම සිදු වි නැත “
අත්හැරීම පුද්ගල ස්වභාවය නසයි. පුද්ගල ස්වභාවයේ සිටින්නා අත්හැරීම නසයි!
පිං පොත බලන්නා භවගාමියාය, පව් පොත බලන්නා පාරමී පුරන බෝධිසත්ත්වයාය!
බුදුන් වදින ඔබ බුදු ගුණ දැක්කෙහිය, එම ගුණ ඔබ තුල දැක්කෙහිද?
කෑ දේ නොසිතන්න
දුන් දේ නොකියන්න
වරද නොසගවන්න
සැප නොපතන්න
දුක නොසොයන්න
තමකම රක්ෂා නොකරන්න

පෘතජ්ජනය! ෴

අසමසම මිනිසත්කම ඔබ උකස් කලෙහිද?

ආදරයට සහ රාගයට උකස් කලෙහිද?
දේපලට සහ වස්තුවට උකස් කලෙහිද?
දරු සෙනහසට උකස් කලෙහිද?
රැකියාවට සහ අධ්‍යාපනයට උකස් කලෙහිද?

එහි කෙලවර දුකත් අසරණකමත් තනිකමත් පමණය. අවදි වන්න නිවීම ඔබ අමතයි!

උවටැන් ෴

“තමාට අසු වී ඇත්තාට නිවන අසු වී නැත. මන්ද ඔහු නිවනට අසු වී ඇත”

අටුවාව

අත්හැරියෙහි නම් එතැන පුද්ගලයෙක් නැත. අත්හරින කල මම යන ස්වභාවය ඇති නොවීමට අත්හරින්න. ඔබ මෙසේ විය යුතු නොව, අත්හැරීම මෙසේ විය යුතුය.

ටීකාව

ලෝභය ඇත්තා අසු වන්නේ වස්තුවටය. අලෝභයෙන් අත්හැරගන්නා අසු වන්නේ තමාගේ අත්හැරීමටය (තමාටය).

සරලාව

අත්හැරීමක් නොව භාරකාරත්වය පැවරීමක්ය. මන්ද එය වෙනකෙකුගෙන් ඔබ සතු විය, ඔබගෙන් අන් සතු විය. මෙය දීමක් නොව ණය ගෙවීමක්ය.

කමටහන

මම දුන්නා නොව ඔහුන්ගේ දේ ඔහුන්ට භාර දුන්නා. මට ලැබුණා නොව මට ලැබෙන්න තිබුණ දේ ඔහුන් මට දුන්නා.

මෙලෙස සෑම ගනුදෙනුවක්ම සිහියෙන් දකින්න. ඔබේ නිවීම ඔබ තුලය.

යමෙක් යමකට කැමති වන්නේ තව යමකට අකැමති නිසාය. යමෙක් යමකට ප්‍රිය වන්නේ තව යමකට අප්‍රිය නිසාය.
පෙර
11 / 31
ඊළඟ
සියලු ලිපි
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31