“කැමති දේවල් අත්හැරීම කැමැත්ත කර ගැනීම තුලින් ඒවා කැමැත්තෙන් අත්හැරිය හැක”
අල්ලාගැනීමට පලමු හේතුව අත්හැරීමට ඇති අකමැත්තය !
අත්හැරීමට පලමු හේතුව අල්ලාගැනීමට ඇති අකමැත්තය !
සෑම අල්ලාගැනීමක්ම සෑම අත්හැරීමක්ම අපට උගන්වන්නේ අප තුල පවතින පැවැත්මය !
එම්බා බෝදිසත්ව!
ඔබ යමක් අත්හැරීමට නම් එය යමෙක් අල්ලාගත යුතු නොවේද? ඔබේ අත්හැරීම තවකෙනෙකුගේ අල්ලා ගැනීම නම් ඔබේ අත්හැරීම දෝෂ සහිතය !
“සියල්ල මනසින් අත්හැර භාවිතා කරන්නැයි” කී බව ඔබ අසා ඇත. එහෙත් මා නුබට කියමි, යමෙක් කොපමණ අත්හැරියත් භාවිතය තුල එය නැවත අල්ලා ගන්නේය.
ඔබ අත්හරින කල එම අත්හැරීම ඔබගෙත් අනෙක් අයගේත් නිවීමක් වූයේදැයි විමසා බැලුවෙහිද ??
ඔබ දන් දෙන කල ලබන්නාගේ නිවීමට සුදුසු ලෙස දන් දෙන්න. එවිට ඔබේ නිවීම නොමිලයේ ලබන්නහූය !
සියල්ලට නිමාවක් ඇති නුමුත් ඔබේ අත්හැරීමට හා දානයට නිමාවක් නැත්තේ කිමදැයි විමසා බැලුවෙහිද !
උවටැන් ෴
අල්ලාගත් සියලු දේ අපගේ ඉපදීමට සාක්ෂි දරයි, ඒවා අත්හැරීම නිවීමට ඇති සාක්ෂියයි. එබැවින් සතුටින් අත්හරින්න. ඔබේ නිවීම ඇත්තේ ඔබේ අතේය !
කමටහන
අල්ලාගන්නා විට , එකතුකරන විට , අයිතිකරගන්නා විට , තිබූ සතුට මෙන් දෙගුණයක සතුටින් අත්හරින්න.
මන්ද කවදා හෝ අතහැරෙනවා නම් අද අතහැරිච්චාවේ!
සැලකිය යුතුයි!
නිවෙන්න කැමති ඇත්තා සියල්ල කැමැත්තෙන් අතහරීයි. දුකට කැමති ඇත්තා අතහැරලත් නැවත අල්ලා ගනියි. ඔබත් වසන්නේ මෙවැනි මංසන්දියේද?