“ අත්හරින සියල්ලෝ අත්හරින දෙයත් අත්හැරියා යන දෙයත් අල්ලාගෙන දෙපාරක් අසු වෙයි. දෙපාරක් අසුවීමට වඩා අත්නොහැර එකපාරක් අසු වීම වඩා යහපති “
නැවත අසුවන්න අත්හරින්නාට වඩා, නිමාවට අත්හරින්නා කොපමණ ශ්‍රේෂ්ඨද!
විශ්ව සමීකරණය නම් ලැබුණ දේ දීමටත්, දුන් දේ ලැබීමටත්ය!
අසුවීම නිදහස් වීමේ උවමනාවද, නිදහස අසු වීමේ උවමනාවද ඇති කරයි!
ලද දෙයින් සෑහිමට පත්වන්න. සෑහිමට පත්වීම තුල නොරැදෙන්න!
නිවීම සොයන්නාට සම්භ නොවේ. නිවෙන්නාට පමණක් සම්භවෙන ධර්මතාවයකි!
අහෝ සංසාරය !!! ෴
මාගේ රාගය නිසා ඉපදුන වාර අනන්තය!
මාගේ ලෝභය නිසා ඉපදුන වාර අනන්තය!
මාගේ පලිගැනීම නිසා ඉපදුන වාර අනන්තය!
මාගේ මාන්‍යය නිසා ඉපදුන වාර අනන්තය!
මාගේ අනුවනකම නිසා ඉපදුන වාර අනන්තය!
මාගේ ආදරය සහ සෙනෙහස නිසා ඉපදුන වාර අනන්තය!
තවත් කොපමන ඉපදෙන්නද? නතරවෙන්නෙ කවදාද?
උවටැන් ෴
ඔබේ පින්කම් ඔබට නිර්මානය කරන්නේ ඉපදීම නම් පින්කමද මිදීමට බාධාවකි!
රැස්කරන්නාටත් අස්කරන්නාටත් වඩා හිස් කරන්නා වටින්නේය!
කමටහන
ඔබ යමක් දෙන විට දෙන දේටත් දුන්නා යන දේටත් අසු නොවන්න. බොහෝ අය දීමෙන් ලබන තෘප්තිය වස්තුවේ වටිනාකමටත් වඩා වටිනාකමින් අල්ලා ගනිති. එසේ නොවීමට සිහිය පවත්වන්න!
සැලකිය යුතුයි!
අපේ ගුණධර්ම නිසා අන් අය ලබන ප්‍රතිඵල බොහෝ විට අප අල්ලා ගනිමු. එම අසුවීමද පැවැත්මකි. හිරිහැර නොකර සිටීම පවා අල්ලා ගැනීමට ඉඩ ඇත.
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ
අටුවාව
දීපු දේවල් සියල්ල අත්හැර නුමුත් දුන්නාය යන්න කිසිදින අත්නොහරින අප අපේ නීවීම ප්‍රතික්ෂේප කරනවා නොවේද?
ටීකාව
බොධි සත්ත්වයා අත්හරින්නේ අනුන්ගේ දේ තමා ලග තිබී නැවත දෙන්නාක් වැනිය. පෘතජ්ජනයා අත්හරින්නේ තමාගේ දේ වැඩි ප්‍රයෝජනය සදහා දෙන්නාක් වැනිය.
සරලාව
දිනපතා මරණයට ලංවීමෙන් ඔබව ඔබට අත්හැරෙමින් පවතී, මෙය නොදන්නාකම නිසා අත්හැරීමෙන් වටිනාකමක් ඔබ ඔබට නිර්මානය කරයි!