“යමෙක් සැමවිටම අත්හරින්නේ තමාගේ දැනුමට ගෝචර වන ප්‍රමාණය පමණී. ගෝචර නොවන ප්‍රමාණය ගෝචර නොකරම අත්හරින්න්න”
නිවිම අවශ්‍යවන්නේ නොඇවිලීම උදෙසාය. නොඇවිලෙන යමක් නිවන්නට යෑම නිෂ්ප්‍රයෝජනය!
නොදන්න දේට හා නොකල දේට කම්පාවන්නෙක් නොවී, තමා දන්න දේට හා කරන දේට කම්පා වීම, එය නැවත නොකිරීමට මග පෙන්වයි!
ඔබේ විමසීම විය යුත්තේ, සලායත වලින් දුක ඇති විය හැක්කේ කෙසේද මිස, සලායත වලින් දුක ඇති නොවන්නේ මන්ද යන්න නොවිය යුතුය!
ඔබට ඉපදීම ඇතිකරන ඔබ දන්නා ටික අත්හරින්න. නොදන්නා ටික අත්හැරෙන්නේ ඔබටද නොදන්වාමය!
තුවාලෙට බෙහෙත් දානවා මිස, තුවාල මෙතන අතන විය හැකියි යන සැකයට බෙහෙත් බැදීම අනුවණ කමකී!
පොහොසත් වීමට වඩා දුප්පත් වීමට වෙහෙසෙන්න, මන්ද එය අත්හැරීමේ සුන්දරත්වය ඔබට අගවනු ඇත!
එම්බා බෝදිසත්ව!
සංසාරේ සියල්ල අත්හැරිය ඔබට ඔබව අත්හැරගන්න පුලුවන් වීද? ඔබත් ඔබේ නිවීමට බාදාවකී. එය මා දනිමි. ඔබ දන්නේහිද?
නිවීම නොමිලයේ ලබන්නවූය, එබැවින් නොමිලයේම දෙන්න. අතර මැද පිරිකර අධාර කුමටද?