“ යමෙක් යමක් අත්හරින්නේ තවත් අල්ලාගැනිමට නොහැකිකම නිසා නොව, අත්හැරීමේ ක්‍රමය ඒ තුල තිබුණ නිසාය “
අල්ලාගැනීමට ක්‍රමයක් තිබුණාසේ ඒ තුල අත්හැරීමටද ක්‍රමයක් ඇත!
ඔබ දිනපතා ඔබව රවට්ටනවා නොව, කෙලෙස්වලින් දිනපතා ඔබ රැවටෙන්නේය!
කවදා හෝ මොහොතක සියල්ල අහිමිවන්නේය. එම මොහොත මෙය බව සිහි කරන්න!
කුණු කුණුගොඩට ප්‍රියවනවා මිස තවත් කුමට නම් ප්‍රිය වන්නේද!
ඔබ ඔබට අවංක වන්න. එවිට සියල්ලෝ ඔබට අවංක වනු ඇත!
අත්හැරෙන අවස්ථා ෴
අනුන් ගැන සිතන්න - ඔබ ගැන සිතීම අත්හැරේ.
අනුන්ට දෙන්න - ඔබට ගැනීම අත්හැරේ.
සමාව දෙන්න - පලිගැනීමේ අවශ්‍යතාවය අත්හැරේ.
අනුන්ට වටිනාකම දෙන්න - ඔබේ වටිනාකම අත්හැරේ.
කෙරෙන්න හරින්න - කිරීමේ උවමනාව අත්හැරේ.
සිතෙන්න හරින්න - සිතීමේ උවමනාව අත්හැරේ.
සියල්ලේ අයිතිය අනුන්ට දෙන්න - අත්හැරීමේ අවශ්‍යතාවය අත්හැරේ.
කමටහන
සෑම අල්ලාගැනීමකටම ක්‍රමයක් ඇත. එම අල්ලාගැනීම තුලම අත්හැරීමේ ක්‍රමයද ඇත. තමා අල්ලාගෙන සිටින හෝ අසුවී සිටින දේවල අත්හරින ක්‍රමය හඳුනාගෙන එයින් නිදහස් වීම පුරුදු කරන්න.
සරලාව ෴
ඔබ අත්හරින දේ තවකෙනෙකුගේ අල්ලාගැනීමට හේතුවක් නොවීම ඔබේ වගකීමකි. ඔබ අත්හරින්නේ එයින් නිදහස් වීමට නම් තවකෙනෙක් අසුවන සේ අත්හැරීම අසාධාරණය.
- ඔබ නිසා යමෙක් යමක් අල්ලාගනී නම් එහි දුකේ අයිතිකාරයා ඔබයි.
- ඔබේ ප්රශ්නය තවකෙනෙකුට නොදී අත්හරින්න.
- ධනය අත්හැර තවකෙක් එයින් පොහොසත් වන්නේ නම්, ඔහුගේ පැවැත්මට හේතුව ඔබයි.
“ තව කෙනෙකුගෙ ඉපදීමට දීමට වඩා එම දීම නොදී සිටීම වඩා යහපත “
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ
අටුවාව
සෑම වස්තුවම ඇතිවන කාලයක් ඒ තුලම ඇත. එදින එය අත්හැරේ.