දෛනික ජීවිතය දෙස බලන්න. දුකට වැඩ කරන කාලයට සාපේක්ෂව නිවීමට වැඩ කරන කාලය ලජ්ජාසහගතය.
ඔබ ඔබව රවට්ටාගැනීමෙන් කුමක් බලාපොරොත්තු වන්නෙහිද ?
ඉපදීමටත් දුකටත් ඔබ එපමණ ප්‍රියද ?
දෛනිකව මරණය ඔබට ලං වෙයි.
එය දෛනිකව ඔබට සිහි වීද ?
දුක වැඩිකරගන්න වෙහෙසෙන ඔබ, ඔබට පිලිකුලකි.
අඩුපාඩු සගවාගෙන පෞර්ෂත්වය පෙන්නන ඔබ ඔබට නින්දාවකි.
ඔබේ වැරදි නොදැක අනුන්ගෙ වැරදි දකින ඔබ, ඔබට අන්ධයෙකි.
ඔබේ ඇද නොදැක අනුන්ගෙ ඇද දකින ඔබ, ඔබට අංගවිකලයෙකි.
අවධිව නිවැරදි වන්න මෙය පිරිනිවීමේ කාලයයි !
~ ඔබ සතු සියල්ල අනුන්ගේ ලෙස දකින්න.
~ අයිතිය නැති හිමිකාරත්වයක් කොට සලකන්න.
~ කිසිවක් කිසිවකුට අයිතිකරගත නොහැකි ධර්මතාවය අදහන්න.
~ වස්තුවේ හරය දුක ලෙස පිළිගන්න.
මෙය සතර ඉරියව්වෙන් පුරුදු කරන්න !
ඔබ තුල නඩත්තු වන්නේ වස්තුව නොව , එයි අයිතියය.
භෞතිකව අත්හැරීමෙන් නිදහසකුත්, මානසිකව අත්හැරීමෙන් විවෙකයකුත් ලැබෙනු ඇත.
අයිතිය අතිහැරීමෙන් පමණක් නිවීම හට ගනු ඇත.
(අයිතිය ඇත්තා බෝගියාය, අයිතිය නැත්තා යෝගියාය!)
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ
අටුවාව
භෞතිකව හෝ මානසිකව යමක් ප්‍රතික්ෂේප නොකර, එයි අයිතිය ප්‍රතික්ෂේප කරන්න.
වස්තුව එතැනමය. නුමුත් ඔබ වෙන තැනය.