“ සියල්ල මනසින් අත්හරින්න්නේ අල්ලාගෙන සිටින නිසාය, අල්ලානොගෙන සිටින්නාට අත්හැරීමක් අවශ්‍ය නැත “
මිතුරා අත්හැරියමුත් මිතුරුකම තවම අප සමග නම්, අත්හැරුන මිතුරාද මිතුරුකම තුල අප සමගමය!
භාවනාව නම් නොනිදා නිදාගැනීමය, අෂ්ටාංගික මාර්ගය නම් නිදාගැනීමෙනුත් නොනිදීමය!
සංඝානුසතිය වඩන්නා සඝ ගුණ මෙනෙහි කරන්නා නොව, සඝ ගුණ තම චරිතයෙන් දකින්නාය!
නොලැබුණු දේ සොයන්නා අනුවණයාය, ලැබුණ දේ කුමට ලැබුණේදැයි සොයන්නා බෝධිසත්ත්වයාය!
සැනසීම ඇත්තේ නාම රූපවල නොව, නිර්නාම අරූපවලය!
ලොව්තුරා තථාගත ප්‍රතික්ෂේප කොට, මතින් සැනසෙන ඔබ, ඔබට මහත් වූ නින්දාවකි!
උවටැන් ෴
ඔබ කැමති දේ ගැනීමට වඩා කැමති දේ අනුන්ට දෙන්න!
ලබන්නට වඩා ලබා දීමට කැමති වන්න!
ඉවසිය යුත්තේ අනුන්ගේ අඩුවට නොව, තමාගේ අඩුවටය!
සැබෑ විරුද්ධවාදීන්! ෴
ඔබේ සැබෑ විරුද්ධවාදියා වන්නේ;
ඔබේ වාචාලකම
ඔබේ කාමය
ඔබේ කලබලකම
ඔබේ තන්ණාව
ඔබේ ආඩම්බරය
ඔබේ මාන්‍යය
ඔබේ අලසකම
ඔබේ ධනය හා අධ්‍යාපනය
ඔබේ ආදරය හා බැඳීම්
කමටහන
අත්හැරීමක් අවශ්‍ය වන්නේ අල්ලාගෙන සිටින්නාටය. කිසිවක් අල්ලානොගෙන සිටින්නාට අත්හැරීමක් අවශ්‍ය වන්නේ නැත. කිසිවක් අල්ලා නොගෙන සිටීමට සතර ඉරියව්වෙන්ම සිහිය පවත්වන්න.
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ
අටුවාව
අසු නොවී සිටින්නාට අත්හැරීමක් තවත් මොකටද? අසුවන්නාට අත්හැරීම මිස වෙන ඇත්තේ කුමක්ද? ඔබේ කෙලෙස් ඔබව නාම රූපවලට අසු කරයි.