“ අසු වී සිටින බව දැනගන්න එම සිහියම, එම අසුවීමෙන් නිදහස් කරන්නේය “
සැබවින්ම ඔබ ආදරය කරන්නේ පුද්ගලයන්ට නොව, කෙලෙස්වලටය. කෙලෙස්වල ක්‍රියාකාරී ස්වභාවය පහත දැක්වෙන සම්මත නාමයන්ගෙන් වැසී පවතී:
ආදරය
සෙනෙහස
හිතවත්කම
ලෙන්ගතුකම
බැඳීම
මිතුරුකම
නෑකම
හැඳුනුම්කම
රාගය ඇත්තාගේ ස්වභාවය ෴
• අවුරුදු 60 අවුරුදු 18 ලෙස පෙනේ. අවලස්සනය පවා අලංකාරයක් සේ දැනේ.
• හටගන්නා නින්දාව මිහිරිය. ඉවසන්න බැරි ගඳ සුවඳක් සේ දැනේ.
• වර්තමානය අතීතයේ සැඟවී යයි. දෙමව්පියන් ඝාතනය පවා සරල දෙයක් සේ දැනේ.
• බොරු කීමට හා බොරු හැදීමට දක්ෂය. ධනය ජලය මෙන් දිය කරයි.
• දකින සියල්ලන්ම තම පෙම්වතා හෝ පෙම්වතිය ලෙස පෙනේ. ජීවිතය පවා පුදයි.
• නොලැබුණොත් ආදරය ජීවිතය පවා උදුරා ගනී.
උවටැන් ෴
කිසිවක් නොඅල්ලා ගන්න, කිසිවකට අසු නොවන්න.
බලාපොරොත්තු ඇති කර නොගන්න, පිහිට නොපතන්න.
හෙටට කල් නොදමන්න, මොහොත පරිහරණය කරන්න.
අනුන්ගේ දේට ආසා නොකරන්න, තමාගේ දේට වටිනාකම නොදෙන්න.
පරිභෝජනය පවා විඩාවක් ලෙස දකින්න.
කමටහන
අත්හරින බෝසතාණෙනි!
තවම අත්හැර නැත්තේ කුමක්ද? තවම අසු වී ඇත්තේ කුමකටද? අසුවන්නේ කුමන දෙයකටද? අල්ලන්න කැමති කුමක්ද? නෙදැනුවත්ව ඇල්ලෙන්නේ කුමකටද?
මෙය නිතර නිතර ඔබෙන්ම විමසන්න. රහත් වෙනකම් පුරුදු කරන්න.
සියලු සත්ත්වයෝ නොපැවැත්ම තුළ පවතීවා!
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ