පියවර 02

නිවීමේ පණිවිඩය

“ සියලු නාම රූප අපව අපට හදුනාගන්න උදව් කරයි, නුමුත් අප සියලු නාම රූප තමකම ගොඩනගන්න උපයෝගි කර ගනියි “
ඔබ උදෙසා ලෝකය නොව , ලෝකය උදෙසා ඔබය.
හැම වස්තුවෙන්ම ඔබේ කෙලෙස් වලට හානි කරගන්න , ඔබේ නිකෙලෙස් වලට යහපත කරගන්න.
ඔබ වෙනුවෙන් ලබනවාට වඩා අනුන් වෙනුවෙන් ලබන විට හටගන්නා සතුට අතිමහත්ය.
හැම වස්තුවක්ම කමටහන කරගන්න. පසුව ඔබ ලෝකෙට කමටහනක් වන්න.

උවටැන් ෴

ඔබ යමෙක් පහත් කරනු ලබන්නේද , ඔබත් කිසිදිනක පහත් කරනු ලබන්නේය !
ඔබ ලබන්නේ අනුන්ගේ අපහසයක් නොව, ඔබ පෙර අනුන්ට දුන් එවාමය !
යමක් ලබන්නට වෑයම් නොකරන්න , මන්ද අපට ලැබිය යුතු දේ නොලැබී නොයන්නේමය !
සියල්ලන්ගේ ගුණ දකින්න , එය ඔබේ උතුම් ගුණය වනු නොසැකය !
අනුන්ට දන් දෙන කල , ඔබ දන් දෙන්නේ ඔබටමය !

කමටහන

සෑම නාම රූපයකින්ම ඔබව , ඔබේ චරිතය , හදුනාගන්න. සෑම නාම රූපයක්ම ඔබට උදව් කරන්නේ ඒ උදෙසාය. පුරුදු කිරීම ඔබේ කොටසය.
සැලකිය යුතුයි!
නිවෙන ඇත්තා කෙසේ හෝ නිවෙන්නේය.
නොනිවෙන ඇත්තා නිවීමට නැකැත් සාදා නිමිති බලන්නේය.
ඔබත් නැකැත් සදන්නෙක් නොවී නිවෙන්නෙක් වන්න.
පෙර
2 / 31
ඊළඟ
සියලු ලිපි
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31