“ යමෙක් යමක් අත්හැරීමෙන් ඒ තුලින් අල්ලාගන්නේ අකැමැති දෙයක්ය. අකැමැති දේ අල්ලාගැනීමෙන් හටගන්නේ තවත් දුකක්මය “
යමක් අත්හැරීමෙන් පතන්නේ නිදුකක්ය, නුමුත් අත්හැරීමෙන් පවා හටගන්නේ දුකක්ම නම් එම අත්හැරීම කුමටද!
අල්ලාගන්නේ කැමති දේවල්ය, කැමති දේවල් අත්හැරීම නම් අපට අකැමැති දේවල්ය!
පෘතජ්ජනයා: කැමති දේවල් අල්ලාගෙන අකැමැති දේවල් අත්හරින්නේය.
ආර්‍ය්‍යා: අකැමති දේවල් අල්ලාගෙන කැමැති දේවල් අත්හරින්නේය, මක්නිසාද අකැමැති දේවලට බැදීම් හට නොගන්නා නිසාය!
“මම නෙවෙයි” කියන කොටත් එතැන මම ඉන්නවා. මම ඉන්නේ කොතැනද කියන එක දැනගන්න උත්සහ කිරීම කොපමණ ශ්‍රේෂ්ටද?
අරිය ගවේශණය විය යුත්තේ නිවන්නේ කොහොමද කියන එක නෙවෙයි, නිවෙන්නේ කොහොමද කියන එකයි!
ඔබට අවශ්‍ය දේ මේ වනවිටත් ලැබී ඇත. මේ වනවිට ඔබ සොයන්නේ ඔබට අනවශ්‍ය දේය!
අම්මා වුන නිසා ඔබ ඉපදුනා නොව, ඔබේ ඉපදීම නිසා ඇය අම්මා වුනා!
බුදුන් වහන්සේ තමා වෙනුවෙන් තමාගේ නිවීම වෙනුවෙන් පාරමී පීරුවා සේ සිතන්න. එවිට ඔබේ මුළු ජීවිතයම බුද්ධ වන්දනාව වෙනවා නිසැකය!
පෘතජ්ජනය! ෴
ලෝකයේ පවතින්නේ ප්‍රශ්ණ පමණය. ප්‍රශ්ණ යනු පිළිතුරුවල අනවබෝධයය!
උවටැන් ෴
ඔබට ඔබේ පවුල වැදගත්ය, නමුත් පවුලට ඔබ වැදගත් වන්නේ පවුලේ අවශ්‍යතාවයට පමණ නොවේද!
සියල්ලන්ට දන් දෙන ඔබ, ඔබට දුන්නේ කුමක්ද?
කමටහන
පෘතජ්ජනයා දුකට අත්හරියි, ආර්යයා නිවීමට අත්හරියි. අත්හැරිය යුත්තේ අත්හැරෙන ලෙස මිස තවත් අත්හැරීමක් අවශ්‍ය වන ලෙස නොව...
අත්හැරීමෙන් දුක නොහටගන්නා ලෙස සිහිය පවත්වන්න!
සැලකිය යුතුයි!
නිවීම දුටු ඇත්තා දුටු නිවීම වෙනුවෙන් අත්හරියි, ලෝභය දුටු ඇත්තා තවත් ලෝභයක් වෙනුවෙන්ම අත්හරීයි! සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න!