පිබිදෙන්න! නින්දෙන් අවදිවන්න. තමකම නඩත්තුවෙන් නිදහස් වන්න. මමෙන් තොර ජීවිතයට හැඩ වන්න. ඔබ සසරෙන් නිදහස් කරන්නේ ඔබමය. ඔබට ඔබ මිස තවත් පිහිටක් නැත.
ඔබ නිතර ඔබව නඩත්තු කරන්නෙහිය. ඒ තුළ නඩත්තු වන්නේ ඔබ නොව, ඔබේ මාන්‍යයයි. සතර ඉරියව්වෙන්ම නිහතමානිකම පුරුදු කරන්න. ඒ තුළ තමකම සමග සියල්ල අත්හැරෙන්නේය.
අල්ලාගැනීමත් සිතය. අත්හැරීමත් සිතය. මමය අත්හැරීමට වෙර දරයි. සැබවින්ම එතැන ඇත්තේ අනුන්ගේ පරිභෝජනය මිස අයිතිවාසිකමක් නොවේ.
තමාව අත්හරින්නා සියල්ල අත්හරින්නේය. මක්නිසාද, තමකම නැතිකොට ඔහු වෙත අත්හැරීමට තවත් කිසිවක් ඉතිරි නොවන බැවිනි.
(ඔබ වෙනුවෙන් අත්හරින ඔබ, ඔබ වෙනුවෙන් කිසිවක් අත්හැර නැත!)
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ
අටුවාව
ඔබ ස්පර්ෂ කරන, පරිභෝජනය කරන, සිතන සෑම දෙයකම "ඔබ" සිටින්නේ නම්, අත්හැරීයේ කුමක්ද? ඔබ ඔබට අත්හැරෙන තෙක් අත්හැරීමේ නිමාවක් නැත.