පියවර 21

නිවීමේ පණිවිඩය

“ යමක් අත්හැරිය යුත්තේ අත්හැරීමෙන් නොව, අල්ලාගැනීමට ඇති වූ උවමනාව විසඳීමෙන්ය “
අත්හරින සිතත් අත්හැරිය සිතත් එකමය! වෙනස අල්ලාගත් සිතම අත්හැරිය සිත වන බව නොදන්නා කමය.
ලෝකයේ ලස්සනම තැන රූපයෙන් ලස්සන තැන නොව, කිසිම නාම රූපයක් සමග නොගැටෙන තැනය!
ඔබ කිසිම දේකට අසු නොවන්නේ ඊට වඩා දැඩි දේකට අසු වෙලා සිටින නිසා නොවේද!
ඔබට සිතෙන දේ නොකර, කෙරෙන දේ සිතන්න පුරුදු වන්න!
සියලු දේ සුදුසු තැන්වල ස්ථානගතව ඇත. අස්ථානගත කිරීම ලෝභය ලෙස හැඳින්වේ!

උවමනාව සහ විඩාව ෴

අල්ලාගැනීමේ උවමනාව පවතින්නේ යම්තාක්කල්ද, අත්හැරීමත් ඒතාක්කල් පවතී.
අත්හැරීම පවතින්නේ යම්තාක්කල්ද, අල්ලාගැනීමේ උවමනාවත් ඒතාක්කල් පවතී.

කමටහන

ඔබ කොපමණ අත්හැරියත් අල්ලාගැනීමේ උවමනාව ඇති තාක් එම අත්හැරීම නිමාව දකින්නේ නැත. අත්හැරියත් නැවත එය අල්ලාගනියි.

අත්හරින්න, අන්සතු කරන්න, අයිතිය අහිමි කරගන්න - උවමනාවක් ඇති නොවන සේ. මෙය සතර ඉරියව්වෙන්ම පුරුදු කරන්න!

අටුවාව

අත්හරින දේ වටිනාකමින් ශුන්‍ය කර අත්හරින්න. එවිට එය නැවත ගැනීමේ උවමනාව හට නොගනු ඇත.

ටීකාව

ඔබ දුන්නා යනු ඔබ දුන්නා මිස අසුවලා ගත්තා ලෙස නොසලකන්න. එවිට එය සැබෑ ලෙසම දුන්නාමය.

සරලාව

දෙන්නේ දෙන්නම නම් ඒ පිළිබඳ පවතින උවමනාව නැවත ගැනීම නිර්මාණය කරන බව තවම නොතේරුණේද!

(අල්ලාගැනීමේ උවමනාව ඇත්තා කුමක් දෙනු ලැබුවද එය සැබෑ ලෙසම දෙනු නොලබන්නේය!)

සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

පෙර
21 / 31
ඊළඟ
සියලු ලිපි
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31